facebook like

පන්ජාබ් පාසල් නිල ඇඳුම පිළිබඳ උසාවියේ වාද විවාද

මුස්ලිම් ජාතිකයින්ගේ පාරම්පරික පන්ජාබ් ඇඳුම පාසල් නිල ඇඳුමක් වශයෙන් පිළිගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය පිළිගැනීමට පළාත් පාසල් බැඳී නොමැති බව රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියාය.
පාරම්පරික පන්ජාබ් ඇඳුම හැද පාසල් අධ්‍යාපන කටයුතු වලට සහභාගී වීම තහනම් කිරීමට විදුහල්පතිවරිය ගත් තීන්දුවට එරෙහිව එම විදුහලේ හත්
වන ශ්‍රේණියේ ඉගනුම ලබන ෆාතිමා රිල්වාන් ශිෂ්‍යාව ගොනු කළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ විත්තිකාර පාර්ශවය මෙසේ කරුණු දැක්වීය.
පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ පන්ජාබ් ඇඳුම පාසල් නිල ඇඳුමක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය එක්දහස් නවසීය අසුව වසරේ නිකුත් කළ චක්‍රලේඛයක් මගින් පිළිගෙන ඇති බවයි.

වලංගු නැහැ

විදුහල්පතිවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කරුණු දක්වමින් කියා සිටියේ ජනාධිපති බාලිකා විද්‍යාලය පළාත් සභාව යටතේ පාලනය වන බවත් එක්දහස් නවසීය අසුව වසරේ අදාළ චක්‍රලේඛය නිකුත් කළ අවස්ථාවේ පළාත් සභා ස්ථාපිත කර නොතිබූ බැවින් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛයක් පළාත් සභා පාසල් සඳහා වලංගු නොවන බවයි.
පාසලක නිල ඇඳුම පිළිබඳ තීරණ ගැනීමේ බලය විදුහල්පති සතු බව සඳහන් කළ විත්තිකාර පාර්ශවයේ නීතිවේදියා ඊට මැදිහත් වීමට බාහිර පාර්ශවයන්ට බලයක් නැති බව පෙන්වා දුන්නේය.
ඒ අනුව පැමිණිලිකාර පාර්ශවය ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අපොහොසත්

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය පළාත් පාසල්වලට බල සහිත ද යන්න පිළිබඳ අධිකරණයට පැහැදිලි කිරීමට නඩු විභාගයට සහභාගී වූ රජයේ නීතිඥයා අපොහොසත් විය.
නමුත් ගැටලුවට විසඳුමක් වශයෙන් පෙත්සම්කාර සිසුවියට මුස්ලිම් බාලිකා විදුහලක් ලබා දිය හැකි බව රජයේ නීතිවේදියා දැනුම් දුන්නේය.
ඒ පිළිබඳව සලකා බැලීමට අධිකරණය වෙතින් කල් ලබා ගත් බව පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥ හිජාස් හිස්බුල්ලා සංදේශයට කියා සිටියේය.
රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාල සංවර්ධන සමිතියේ සභාපති තුසිත ගුණසේකර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙය ජාතිවාදය ඇවිස්සීමේ මූලධර්මවාදී කුමන්ත්‍රණයක් බවයි.
පෙත්සම් විභාගය ජුනි මස තුන් වන දා දක්වා කල් තැබූ අධිකරණය එදිනයට විකල්ප පාසලක් ලබා ගැනීමට සුදානම් දැයි අධිකරණයට දැනුම් දෙන මෙන් පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.




0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive