facebook like

ස්ථාවර තැන්පතු පොලිය හරි අඩකින් පහත දාලා

මුළු බලපත‍්‍රලාභී වාණිජ බැංකු ශාඛා සහ අනෙකුත් සේවා සපයන මධ්‍යස්ථාන සංඛ්‍යාව 5667 කි. ශාඛා සංඛ්‍යාව 2803 කි. සමස්ත බැංකුවල ගිය වසරේ තැන්පතු වටිනාකම රුපියල් බිලියන 4170ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
බැංකුවල තැන්පතු පොලියෙන් ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළුව අතිවිශාල පිරිසක් එන්න එන්නම දැඩි අසීරුවකට මුහුණ පා සිටිති. එයට මුලිකව හේතු වී ඇත්තේ බැංකු පොලිය සීඝ‍්‍රයෙන් පහත දැමීමයි.
මේ රටේ වයස අවුරුදු 55ට වැඩි ජනගහනය 22,35,275ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
සඳහන් කරයි. මෙයින් වැඩි දෙනා පෞද්ගලික අංශයෙන් විශ‍්‍රාම ලබා සිය පාරිතෝෂිත දීමනාව හා සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු ස්ථාවර තැන්පතුවක තබා එහි පොලී මුදලින් ජීවත් වන්නෝය.
මෙම තැන්පතු සඳහා ලබන පොලිය එන්න එන්නම පහළ දැමීම නිසා ඔවුහු අද බලවත් අසීරුවකට පත්වී සිටිති. ලැබුණු පොලිය ප‍්‍රමාණවත් නොවී තිබියදී එම මුදල තවත් අඩුවූ විට ඒ හිදස පියවා ගැනීමට මාර්ගයක් නොමැත.
බැංකු පොලිය අඩුවීම රටේ ජනතාවට බරපතල බලපෑමක් කරනු ලබන්නකි.
විදේශ සේවාවල යෙදී සිටි අයද බොහෝවිට උපයා ගත් මුදල් ස්ථාවර තැන්පතුවක දමා එහි පොලියෙන් මෙහිදී ජීවත් වෙති.
 
2013 ජනවාරි වන විට බැංකු පොලිය
මාසයක ස්ථාවර තැන්පතුවකට සියයට 10
මාස 2ක ස්ථාවර තැන්පතුවකට  සියයට 11
මාස 3ක ස්ථාවර තැන්පතුවකට  සියයට 12.5
මාස 6ක ස්ථාවර තැන්පතුවකට  සියයට 13
වසරක ස්ථාවර තැන්පතුවකට  සියයට 13.5
වසරක ස්ථාවර තැන්පතුවක
මාසිකව පොලිය ලබා ගත්නේ නම් සියයට 12.7
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සියයට 14
 
 
2014 මැයි 7 දින වනවිට බැංකු පොලිය
මාසයක ස්ථාවර තැන්පතුවකට 5.5 (සියයට)
මාස 2ක ස්ථාවර තැන්පතුවකට  5.75
මාස 3ක ස්ථාවර තැන්පතුවකට  6.00
මාස 6ක ස්ථාවර තැන්පතුවකට  6.05
වසර 1 ක ස්ථාවර තැන්පතුවකට  7.00
වසරක ස්ථාවර තැන්පතුවකට මාසිකව පොලිය ලබා ගත්නේ නම්  6.08
ජේ්‍යෂ්ඨ පුරවැසි  7.05
මෙසේ වී ඇතිතේ ඇයි අපි එජපා මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා විමසුවෙමු.
බැංකු පොලිය රටට දෙපැත්තකට බලපානු ලබයි. බැංකුවලින් මුදල් ණයට ගෙන ආයෝජකයන්ට ව්‍යාපාර දියුණු කිරීමටත්, බැංකු පොලිය බලපානු ලබයි. පොලිය අඩුවන විට ණය ගැනීම වැඩිවී අලූතෙන් ව්‍යාපාර වැඩි වැඩියෙන් ආරම්භ කරනු ඇතැයි රජයේ විශ්වාසයයි. ඒ විශ්වාසය මත රජය මගින් බැංකු පොලිය දිගින් දිගටම අඩු කර ඇත.
නමුත් රජය බලාපොරොත්තු ඉලක්කය ආසන්නයටවත් පැමිණිමට නොහැකිවී ඇත.
ණය පොලිය අඩුවන විට බැංකුවලින් පුද්ගලික අංශයට දෙන ණය ප‍්‍රමාණය වැඩිවිය යුතුයි. නමුත් එම ණය ප‍්‍රමාණයේ වැඩිවීමක් සිදුවී නොමැත. දෙසැම්බර්, ජනවාරි පෙබරවාරි මාසවල සීඝ‍්‍ර අඩුවීමක් දක්නට ලැබෙයි. ගිය මාසයේ පමණක් ණය දීමේ වර්ධනය සියයට 4කි.
බලාපොරොත්තු ඉල්ලකය සියයට 20ක් පමණය. එහෙත් වර්ධනය සිදුවී ඇත්තේ සියයට 4කි. මහ බැංකුව උත්සාහ කරන්නේ ණය පොලිය අඩු කර, පුද්ගලික අංශයේ ණය ප‍්‍රසාරනය වැඩි කිරීමයි. එමගින් ආයෝජනය හා ව්‍යාපාර වැඩි දියුණු කිරීමට අවස්ථාව සැලසීම මූලික බලාපොරොත්තුව වී තිබුණත් එය සාර්ථක නොවීය.
ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ ඒ අරමුණට සූදානමක් නොවූහ. එයට හේතුව ඔවුන්ට විශ්වාසයක් නොවීමයි. විශ්වාසය නොමැති නිසා රජය බලාපොරොත්තු වන ප‍්‍රමාණයට පුද්ගලික අංශයට දෙන ණය ප‍්‍රමාණයේ වර්ධනයක් ද නෙැමැත.
මීට අමතරව බැංකු ණයදීම සඳහා තැන්පතු වැඩිකර ගත යුතුය. ඒ සඳහා පොලිය වැඩිකරගත යුතුය. තැන්පතු මුදල්වල පොලිය වැඩිවන විට ණය පොලිය වැඩිවේ. ණය පොලිය අඩු කිරීමට රජය සීමා පනවන විට තැන්පතු පොලිය ද ඉබේම අඩුවීම සිදුවේ. මේ පොලි අනුපාතය සමග උද්ධමනයද වැදගත්වේ. උද්ධමනය අඩු නම් පොලිය අඩුවීමේ වැදගත්කමක් ඇත. පොලිය ඉහළ පහළ යාමේ සැබෑ වාසිය බැලිය යුත්තේ උද්ධමනයත් සමගය.
උද්ධමනය සියයට 5ක් බවට රජය කරන ප‍්‍රකාශය පිළිගත නොහැක්කකි. රජයට අවශ්‍ය ආර්ථික සංවර්ධනය සඳහා පුද්ගලික අංශයේ ක‍්‍රියාකාරිත්වය වැඩි කිරීමයි. පොලිය අඩු වූවිට ජනතාව පොරකමින් අලූතින් කර්මාන්ත ශාලා ආර්ම්භ කරාවි යැයි රජය අපේක්ෂා කළේය. ණය ගැනීම දිරිමත් කිරීමට පොලිය අඩු කර ඇත.
ණය ගැනීම දිරිමත් කිරීමට ණය පොත සියයට 18 1/2 කින් වර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වුණා. නමුත් වර්ධනය වූයේ සියයට 5.7 කින් පමණි. රජයට අවශ්‍ය වූයේ සංවර්ධනය සඳහා ජනතාවගේ ණය ගැනීම් වැඩි කිරීමයි. ඒ ඉලක්කය බලාපොරොත්තු පරිදි ඉටු නොවුනා සේම, බැංකු පොලියෙන් ජීවත්වන පුද්ගලයන්ටද විශාල ප‍්‍රශ්නයක් නිර්මාණය වී ඇත. ඔවුන් විශාල අමාරුවක වැටී ඇත.
සමස්ත ලංකා රජයේ විශ‍්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ භාණ්ඩාගාරික යූ.එච්. ලියනගේ මහතා කියන කතාව මෙසේය
රජයේ සේවයෙන් විශ‍්‍රාම ලැබූ පිරිස 532,000කි. පෞද්ගලික අංශයෙන් විශ‍්‍රාම ලැබූ පිරිස ලක්ෂ 10කට අධිකවේ. මෙයින් රජයේ සේවයේ සිටි ඇතැම් අය සිය පාරිතෝෂිකය ස්ථාවර තැන්පතුවක දමා ඇත. වැඩි දෙනකුට ජීවන වියදම් ප‍්‍රශ්නය නිසා එවැනි ස්ථාවර තැන්පතුවක යෙදවීමට නොහැකි වූවත්, පෞද්ගලික අංශයේ සේවය නියුතුව සිටි සියයට 90ක් පමණ වූ පිරිස සිය සේවක අර්ථ සාධක අරමුදල ස්ථාවර තැන්පතුවක දමා එම පොලියෙන් ජීවත් වෙති.
විශ‍්‍රාමිකයා සමාජයෙන් කොන් විය යුතු හෝ කොන් කළයුතු පුද්ගලයකු නොවේ. රැුකියාවල යෙදෙන පිරිසට මෙන්ම ඔවුන්ට ද ආවේනික වූ ජීවන ප‍්‍රශ්න ඇත. කෑම බීමවලට අමතරව වෛද්‍යවරු හමුවීම ඖෂධ ලබා ගැනීම විශේෂයි. අනුනට හෝ තම දරුවන්ටවත් අත නොපා ජීවත්වීමේ අභිමානය විශ‍්‍රාමිකයා තුළ පවතී.
එබැවින් ඔවුන්ට නිදහසේ ජීවත්වීමට තිබු හිමිකමක් පොලිය අඩු කිරීමෙන් අහිමි කර ඇත.
පසුගිය වසරේ සිට බැංකු පොලි අනුපාතය සීඝ‍්‍රයෙන් පහළ දමා ඇත්තේ පොලියෙන් ජීවත්වන මේ රටේ විශ‍්‍රාමික ජනතාව ගැන කිසිදු තැකීමක් නොමැතිවය. ඒ මහතා කියයි.
         lankadeepa -



                                                                                                                                        

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive