කුරූණෑගල ප්‍රදේශයේ රාජකාරියේ නියැලි සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඊයේ(17) දිනයේදී අත්අඩංගුවටගත් සැකකරු සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබේ. මෙම වෙඩි හුවමාරුව උඩුදුම්බර ප්‍රදේශයේ දී සිදුවී ඇති අතර එහිදී සැකකරු මියගොස් තිබේ.
අද(18) අලුයම උඩුදුම්බර, කළුගල ප්‍රදේශයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.
උඩුදුම්බර, කළුගල ප‍්‍රදේශයේ සඟවා
ඇති අවි ආයුධ පෙන්වීමට යන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් වෙත සැකකරු විසින් එහි තිබු ආයුධයකින් පහරදීමට උත්සහ දරා තිබේ.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් සැකකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් මියගිය සැකකරුගේ සිරුර මේ වන විට උඩුදුම්බර රෝහලේ තබා ඇති බව පැවසුවේය.

0 comments:
Post a Comment