facebook like

ලොව උසම තරුණියගේ විවාහය


ලොව උසම තරුණිය වන බ්‍රසීල ජාතික එලිසිනා ද කෲස් සිල්වා ලොව උසම මනාලිය බවට පත්වීමට සැරසෙන්නීය.ඇය අඩි 6 අගල් 8 ක් උසැති අතර ඇයගේ අත ගැනීමට සැරසෙන්නේ වසර 3 ක් තිස්සේ ඇය සමග පෙමින් බැදී සිටින ෆ්‍රැන්සිනාල්ඩෝ ද සිල්වා කාර්වල්හෝය.අඩි 5 අගල් 4 ක් පමණක් උස් වේ. උස. සිටගත්විට ෆ්‍රැන්සිනාල්ඩෝ යන්තම් උස් වන්නේ එලිසිනාගේ හිණ පමණටය.නමුත් උස ඔවුන්ගේ ආදරයට බාධාවක් කරගැනීමට දෙදෙනම සූදානම් නැත
ඇය පවසන පරිදි ෆ්‍රැන්සිනාල්ඩෝ ඇය වෙත විවාහ යොජනාව කර ඇත්තේ මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියදීය....
‘අප වෙරළේ ඇවිදිමින් සිටියේ.එක්වරම ඔහු දණින් වැටී ඔහුගේ අත තිබුණු මුදුවක් දිගු කර මගේ අත පතා සිටියා.මට කියන්නේ මොනවද කියලා එක සැරේ හිතාගන්න බැරිවුනා.මොකද මම ඉස්සර ඔහුට කිය කිය හිටියේ මාව විවාහ කර ගන්න අහන්න එපා කියලා.මොකද කියලා දන්නවනේ.නමුත් මට කල් ගතවෙද්දී තේරිලයි තිබුණේ ෆ්‍රැන්සිනාල්ඩෝ තමයි මට ගැලපෙන කෙනා කියලා.ඉතින් මම කැමැත්ත
දුන්නා‘ ඇය කියන්නීය.

එලිසිනා විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ෆ්‍රැන්සිනාල්ඩෝට නම් කිසිම ගැටලූවක් තිබී නොමැත.
‘මට ඕනෙ වුනේ මටත් වඩා උස කෙල්ලෙක්ව.එලිසිනා ඉතින් හොදටම උසයි නේ.ඒ නැතත් අපි දෙන්නා හොදට ගැලපෙනවා.‘ ඔහු පවසයි.
එලිසිනාගේ මේ අසාමාන්‍ය උසට හේතුව ඇයගේ පිටියුටරි ග්‍රන්ථීයේ අධි ක්‍රියාකාරීත්වයක් බව වෛද්‍යවරු පවසති.මිනිස් සිරුරේ වර්ධනය සදහා වන හෝමෝන නිකුත් වන්නේ පිටයුටරි ග්‍රන්ථීයෙනි.

‘එලිසිනාට තවම 18 යි.ඇය පොඩි දරුවෙක්.ඉගෙන ගන්න දේවල් ගොඩක් තිඛෙනවා.ඇය හිතුවක්කාරයි එක වෙලාවකට.මේ නිසා දෙන්නා අතර හිත් අමනාපකම් එහෙමත් ඇති වනවා. නමුත් ෆ්‍රැන්සිනාල්ඩෝ ඒ සියල්ල ඉක්මනින් විසදා ගන්න දන්නවා. ඔහු තමයි මගේ දුවට හොදින්ම ගැලපෙන කෙනා‘ යැයි එලිසිනාගේ මව පවසන්නීය.









0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive