facebook like

‘කොටුව නඩුකාරයගේ නිවසෙත් අලියෙක්’හොරකම් කල අලි පැටියෙක්.... මන්ත්‍රී මැති සබේදී කියයි............හොර අලියකු ළඟ නැති බව මහේස්ත්‍රාත් කතානායකට කියයි

නඩුකාර උන්නාන්සේගේ ගෙදර කියා කාගේ ගෙදරකවත් අනවසරයෙන් අලින් තියා ගන්න බෑ .ඒ කාගේ ළඟ අලින් හිටියත්  ඒ අලි ඉදිරි සති කිහිපයේ අල්ලා ගන්නවා.
වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා විපක්ෂයට අභියෝග කළේ අලියන් නීතී විරෝධී තැන් තබාගෙන සිටින තැන් දන්නවානම් ඒ ඔත්තු දෙන ලෙසයි.
 එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර
දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා ඒ අභියෝගය එවෙලේම පිළිගත්තේය.
මෙන්න තැන් පහක් පුළුවන්නම් අල්ලන්නැයි ඇමැතිට කීවේය ‘හොදයි ඇමැතිතුමා මම ඔබට ඔත්තුවක් දෙන්නම් අලින් පස් දෙනකු තියාගෙන ඉන්න තැන් පහක් කියන්නම්.
පළමුවැනි අලියා මහරගම දේවාල පාරේ චුටි මහත්තයාගේ ගෙදර.දෙවැනි අලියා මහරගම විපස්‍යරාමයේ  නැත්තම් පුවක්පිටිය පන්සලේ .තුන්වැනි අලියා කෝට්ටේ පියසේන අමරතුංගගේ නිවසේ. හතරවැනි අලියා හොරණ වාසනා බේකර්ස් නිවසේ .අන්තිම එක්කෙනා කොටුව මහේස්ත්‍රාත්ගේ මහරගම නිවසේ. මේ තැන් වල අලි පැටවුන් ඒත් නැත්තම් ඇතුන් බලපත්‍රයක් නැතිව අනවසරයෙන් තබාගෙන සිටිනවා.පුළුවන්නම් අල්ලන්න.’
කථානායක චමල් රාජපක්ෂ මහතා
‘ඔය තරම් ඔය ගැන තොරතුරු කියන්න එපා අලි ටික රහත් වෙන්න පුළුවන්’

හොර අලියකු ළඟ නැති බව මහේස්ත්‍රාත් කතානායකට කියයි

තමා සන්තකයේ සිටින අලියාට බලපත්‍රයක් ඇතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කථානායකට, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්ට, පාර්ලිමේන්තු සභා නායකට හා ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකට ලිඛිතව දන්වා ඇත.
ලියාපදිංචි නොකළ අලියකු තමා සන්තකයේ සිටින බවට පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (9) සඳහන් වී යැයි කියන මහේස්ත්‍රාත් සඳහන් කරනුයේ තමා ළඟ සිටින අලියා මීගොඩ ඕවිටිගම දිසානායක බණ්ඩාගේ චන්ද්‍රරත්න යටවරගෙන් මිලට ගත් බවයි.
අංක 334 නම් බලපත්‍රය ඔහුගේ නමින් 2012/03/27 වැනි දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතැයි ද, එම අලියා ඔහුගෙන් මිලට ගැනීමෙන් පසු තම නමට පැවරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ඉල්ලීමට අනුමැතිය හිමි වී ඇතැයි ද මහේස්ත්‍රාත් කතානායකට යැවූ ලිපියේ සඳහන් විය.
ලියා පදිංචි නොකළ අලියකු තමා සන්තකයේ ඇති බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමාට අගතියක් හා චිත්ත පීඩාවක් ඇති වූ බවත් මහේස්ත්‍රාත්ගේ ලිපියේ දැක්වේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive