facebook like

සිරිදළදාගමනය පෙන්නද්දි මැනේජරුයි පෙම්වතයි කෙල්ලො දෙන්නව දූෂණය කළ හැටි

අම්මේ දුව ගැන මීට වඩා හිතන්න තිබුණා. හොයන්න තිබුණා. බලන්න තිබුණා. අම්මාගේ වැරැද්ද. හදපු විදියේ වැරැද්දනේ. නැත්නම් ඉතින්. විහින් ගිහින් කරගත්ත වගේ වැඩක්. යකාගේ ළඟට ගිහින් කටටම පැනලා. එච්චර හරියක් වෙනකල් අම්මා මොකද කළේ.'

මේ කතාව අසා එවැනි පූර්ව විනිශ්චයක් දීමට ඉක්මන් නොවන්න යැයි මම ඔබෙන් ඉල්ලමි. ඒ අම්මලා
ඇහේ ඉහේ තියාගෙන හැදුවත් බඩේ බැඳගෙන හැදුවත් කොරහත් බිඳගෙන යද්දී යන යකා නැවැත්තීමට තරම් අම්මලා විශ්වකර්මයෝ නොවන බැවිනි. මා මොනවා කිව්වත් ලිව්වත් මේ අම්මාට නම් නිවනක් නොලැබෙනු ඇත. කෑගලු අහස තරමටම නින්දා අපහාස ලැබෙනු ඇත. දුරක් දිගක් නොබලා පොඩි එකී ගිය එක ගමනට ඉතින් අම්මා ජීවිත කාලයක් පිච්චි පිච්චී සිටිනු ඇත.
මේ අම්මාගේ ඇස් දෙකය. ඇහැක් පියවන්නේ නැතුව කවා පොවා නාවා හැදුව දෝණිය. මදුරුවකුටවත් හොට ගහන්නට නොදුන් අම්මාගේ පුංචි එකීය. ඉස්කෝලෙට ඇරලවා නැවැත එනතුරු ගේට්ටුව ළඟ මුර කළ චූටි පැටියාය. ඇය අම්මාගේ ඇහැ පිල්ලමක් වැටුණු ඇසිල්ලක නේත්‍රා දෙක මෙන් තමා රැකබලාගත් ඒ අම්මාගේ ඇස්වලට වැලි ගසා පැන ගියාය. අනේ ඒ දරුවා එච්චර ලොකු වැරැද්දක් කළාද? කොහේද ඉතින් ඒ දරුවා ගිහින් තියෙන්නෙ? අනේ මොකද එයාට වෙලා තියෙන්නේ? රටේ සියලු අම්මලා දැන් ඉතින් කලබල විය යුතුය. සියලු දියණියෝ මේ කතාව ඇසිය යුතුය. ඇයට සිදුවූ විපත දැනගත යුතුය.

ඇය ගිය ගමන ඒ තරම්ම භයානක එකක් බව ඔබ දැනගත යුතුය. අම්මලා හෙවණැල්ල වගේ පිටුපසින් හිඳීම අම්මලාගේ ආරක්ෂාව ඇල්ම බැල්ම වධයක් කරගත් සියලු දියණියන් මේ කතාව දැනගත යුතුමය. ඇසිල්ලකින් අම්මාගේ උකුලෙන් පැන නිදහස සොයා දිවීමට බලා සිටින සියලු දැරියන් මේ කතාව ඇසිය යුතුය.
ඇය රුවනිය. නමෙහි අර්ථයෙන්ම රුවැත්තීය. ඉතින් අම්මාට ඇය පස්සෙන්ම වැටී පරිස්සම් කිරීමට බොහෝ දේ තිබුණාය. රුවනි යන එන හැම තැනකම ඇගේ මව පස්සෙන් වැටුණාය. ඉතින් ඇය වැරැද්දක් නොකරන බවට අම්මා ඉර හඳ පායනවාක් මෙන් විශ්වාස කරගෙන සිටියාය. අම්මා හිතාගෙන උන් විදියට ඇය වරදක් කළේ නැත. තවමත් වයස අවුරුදු දහහතරක් වූ රුවනි කටේ කිරි සුවඳ යන්නටත් කලින් පෙම්වතෙක් සොයා ගත්තේ නැත. එනමුත් ඇගේ යෙහෙළියට සම වයසේ බොහෝ අයට සිටියාක් මෙන් පෙම්වතෙක් සිටියාය. ඇය දිල්හානිය. දිල්හානිගේ පෙම්වත් කුරුල්ලා අමිලය. අමිල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ අයෙකි. පසුගිය වැඩ කරන මිනිසුන්ගේ නිවාඩු දිනයේදී දිල්හානි හමුවී වැඩ ඇල්ලීමට අමිල කල්තියාම පිඹුරුපත් සකසා තිබිණි.
'රුවනි... අමිල අයියව හම්බවෙන්න ඕන. ඔයත් යමුද මාත් එක්ක නැත්නම් මටත් ගෙදරින් පැනගන්න විදියක් නෑ.'

අසල්වැසි නිවෙසක වාසය කළ තම වයසේම මිතුරියගෙන් ඇය මේ ගමනට උදවු ඉල්ලුවාය.
'එදාට අපේ අම්මත් ගෙදර නෑ. නෑ ගෙදරක යනවා. ක්ලාස් කියලා මං එන්නම්කො ඔයා එක්ක යන්න.'
මිතුරියගේ ප්‍රේමයට රුවනිගේ අත හිත ලැබුණේ එසේය. රත්තරන් අගුළක් දමා කූඩුවේ වසා උන් ගිරවිය අම්මාගේ කනෙන් රිංගා යෙහෙළියට උදවු වීමට හිතුවේ එසේය. සමහර විට ඇගේ වයසට ඒ ගමනෙහි අවදානම නොපෙනෙන්නට ඇත. එහෙත් ඒ නොතේරුම්කමට සමාව දිය නොහැක්කේ ඇය දෙක වසරේ හෝ තුන වසරේ පුංචිම පුංචි එකියක නොවන නිසාය.

අනේ ඒත් අෑ පව්. අම්මාට බොරු කිව්වත් අෑ පව් මොන වැරැද්ද කළත් පව්. පව්. පව්. පව්. දැන් ඒ මුවැත්තියට බැන අඬගසා පලක් තියෙනවාද?
කතාවේ ගලායෑමට බාධාවක් වුණා නම් සමාවෙන්න. ඊට පස්සේ අමිල, දිල්හානි රුවනි කෑගල්ල ටවුමේදී මුණගැසුණහ.
'අපි ෆිල්ම් එකක් බලන්න යමු.' අමිලගේ යෝජනාවට දිල්හානිගේ අකැමැත්ත පළවෙයි. බෑ,... කෑගල්ලෙදි කවුරු හරි දකියි. අපි රඹුක්කන ගිහින් බලමු. තිදෙනාම රඹුක්කන අසවල් නම ඇති සිනමා ශාලාවට පිටත් වන්නේ ඉන් පසුවයි. දෙකයි තිහ පටන් ගන්න තව පැයක් එකහමාරක්වත් යයි. ප්‍රවේශපත් නිකුත් කරන කවුන්ටරයේ යුවතිය ‍ෙදාඩමලු වෙයි. අවුලක් නෑ අපි ඉමු. සිනමාහල මිදුලේ බෝල ගසමින් සිටින තරුණයන් දෙදෙනෙකි. දෙදෙනාගේ අවධානය පෙම්වතා කැටුව ආ දිල්හානිට නොව රුවනිටය.

චිත්‍රපටය පටන් ගැනීමට ඔන්න මෙන්න තියා දිල්හානි විසින් ටිකට්පත් තුනක් මිලට ගනී. දෙකක් බැල්කනියේ බොක්ස් ටිකට්පත්ය. අනික ඕඩීසී (ර්ණීච්ඛ්) සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයකි. ඒ අනුව දිල්හානි සිය පෙම්වතා සමඟ චිත්‍රපටය බොක්ස් එකක සිට රසවිඳීමට තනිවෙද්දී රුවනි පහළ මහලේ ඕඩීසී ප්‍රේක්ෂකාගාරයේ තනිවේ. මිදුලේ බෝල ගසමින් සිටි සිනමාහලේ කළමනාකරුත් ඔහුගේ අතවැසි සේවකයාත් ක්‍රියාත්මක වන්නේ ඒ අතරේය. ඕඩීසී ප්‍රේක්ෂකාගාරයේ තනිවූ රුවනිට ළං වූ සිනමාහලේ කළමනාකාර සල්ලාලයා රුවනිට ළං වී කතාවට අල්ලා ගත්තේය. සිරි දළදාගමනය චිත්‍රපටය තිරයේ ගලායද්දී රුවනිගෙන් ඉවත් වී ඇතුළට ගියේය. කට්ට කළුවර සිනමාහල තුළ දන්න කියන මිනිස් පුළුටක්වත් පේනතෙක්-මානයේවත් නොසිටි අතර නොදන්නා කිසිවෙක්ද එහි සිටියේ නැත. තිගැස්මකින් යුතුව චිත්‍රපටය නැරැඹූ රුවනිට අන්න ඔයාගේ යාළුවා කතා කරනවා කියා පණිවුඩය රැගෙන සිනමාහලේ කළමනාකරුගේ අතවැසියා පැමිණියේ විවේක කාලයේදීය.
'අනේ මං ගත්තේ මේ ටිකට්නේ.' 'කමක් නෑ දැන් ෆිල්ම් එකේ භාගයක්ම ඉවරයිනේ. ඔයා එන්න මාත් එක්ක, රුවනි දෙපාරක් හිතන්නේ නැතුව ඉස්සර වුණාය. උඩුමහලට ගිය රුවනි බැල්කනියට ඇතුළු වන ‍ෙදාර හැරීමට උත්සාහ කළත් සේවකයා ඒ අසලම ඇති වෙනත් ‍ෙදාරක් පෙන්නුවේ ඔතනින් නෙවෙයි මෙතැනින් එන්න කියමිනි. අහිංසකී ඒ ‍ෙදාරට අත තබා විවෘත කළාය. ගොදුර වෙත ඉව කරමින් සිටි සල්ලාල නරුමයා වෙහෙසකින් තොරවම ගොදුර වෙත කඩා පැන්නේය. පිහියක් දිගු කරමින් උඹව මරනවා යැයි කියමින් දැරිය මෙල්ල කරගත්තේය.

ඉනික්බිති නොවිය යුතු සියල්ලම සිදුවිණි. පාපතරයා පොඩි එකී උක් දණ්ඩක් මෙන් හපකර දැමුවේය. නොකළ යුතු සියල්ල කරමින් ඇගේ ආත්මයම සුනු විසුනු කළේය. විනාඩි කිහිපයකින් අම්මකුගේ වසර දහහතරක ලේ කඳුළු, දහදිය මහන්සිය සන්තකය නැතිකර දැමුවේය. ඇයට දෙතිස් වධ දෙමින් උන් නරුමයා විකෘති ප්‍රකෘති ආදී වූ සෑම ආශාවක්ම ඇගෙන් සන්තර්පණය කරගත්තේය. 'අනේ අම්මේ' කියා කෑගසන්නට ඕනෑ වුණත් ඇගේ හඬ පිටවූයේ නැත. අඳුරු බොක්ස් කුටියේ ආලිංගණයේ උන් යෙහෙළියටවත් ඇගේ ගොළු ආඳෝනාව ඇසුණේ නැත. යක්ෂයා අන්තිම සාරයත් උරා ගත්තාට පසුව දැහැටි දණ්ඩක් මෙන් ඇය විසිකර දැමුවේය. මළ පෙරේතයාගේ පිසාච ක්‍රියාවන්ගේ අපුලට දැරිය එතැනම වමනය කළාය.
සිරිදළදාගමනය නිමාවිය. දැරිය කිසිවක් නොවූ පරිදි යෙහෙළිය සමඟ ගෙදර ගියාය. දරුවෝ කොහොමද අම්මලාට බොරු කරන්නේ? දුවගේ රෝම කූපයක පවා වෙනස තේරෙන අම්මාට වැඩි වේලාවක් බොරු කිරීමට නොහැකි විණි. අම්මා කෙනකුට දුවකුගේ මුවින් ඇසිය හැකි නරකම දේ රුවනිගේ අම්මා මහ පොළොව වගේ අසා සිටියාය.

ඉනික්බිති කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රමේෂ් අලගියවන්න මහතා රුවනි පරීක්ෂා කොට අම්මා කෙනකු දුවකු පිළිබඳ කිසි දිනෙක නොඇසිය යුතු ඒ කතාව කීවේය. රුවනි බරපතළ ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව හෙළිදරව් කළේය. මේ තිරිසන් අපරාධය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සිනමා ශාලාවේ කළමනාකරු හා ඔහුගේ සහායක කෑගල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. සැකකාර කළමනාකරු 34 හැවිරිදි පියෙකි.
ඛේදවාචකය වන්නේ රුවනි නන්නාඳුනන සල්ලාලයකු අතින් කෙලෙසෙද්දී බොක්ස් කුටිය තුළ හිඳ සිරි දළදාගමනය චිත්‍රපටය නැරැඹීමට ගිය දිල්හානිද සිය පෙම්වතා අතින් කෙලෙසීමට ලක්වීමයි. චිත්‍රපට සංස්ථාව මඟින් නිකුත් කළ 100/01/040 දරන චක්‍රලේඛය අනුව වයස අවුරුදු 18ට අඩු කිසිවකු සඳහා බොක්ස් සඳහා ඇතුළුවීමට තහනම්ය. මෙවැනි අඩු වයස්කරුවන්ට බොක්ස් ප්‍රවේශපත් නිකුත් කර ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුබල දීම සම්බන්ධයෙන් සිනමාකරුවන්ට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද සඳහන්ය. වරද ඇත්තේ බොක්ස් තුළද? රුවනිට අදාළ ඛේදවාචකයට මුහුණදීමට සිදුවුණේ බොක්ස් එකක් තුළ නොවේ. එසේ නම් අප ඇඟිල්ල දිගුකළ යුත්තේ කාටද?

සුභාෂිණී ගුණරත්න
කරඬුපන රෝහණ කුමාර

1 comment: Leave Your Comments

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive