facebook like

“බුදු දහමට අවමන් නොකරන්න’--- මුස්ලිම් බල මණ්ඩලය

බුදුන් වහන්සේට සහ බුදු දහමට අවමන් කෙරෙන වීඩියෝ පටයක් ඉස්ලාමීය සංවිධානයක් විසින් අන්තර්ජාලයේ 'යූ ටියුබ් ' වෙබ් අඩවියේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය සිය කණගාටුව පළ කරයි.

‘ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත්’ ඉස්ලාමීය සංවිධානය විසින් 2013 වසරේ අන්තර්ජාලයට එක් කරන තිබුණ වීඩියෝ පටයකුයි මෙම අර්බුදයට මුල් වී තිබෙන්නේ.

මුස්ලිම් සංවිධානයක් හෝ පුද්ගලයකු විසින් බුදුන්ට හෝ බුදු දහමට අවමන් කරනු ලැබීම කිසිසේත්ම
අනුමත කල නොහැකි බවයි, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එන්.එම්.අමීන් බීබීසීයට කියා සිටියේ.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉස්ලාම් දහම කිසිදු ආගමක් නින්දාවට පත් කිරීමට උත්සාහ නොකරන අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් 99% ක්ම ඉහත කී වීඩියෝ පටය අනුමත නොකරන බවයි.

ආගමික සහජීවනය
සිවිල් සංවිධාන එකමුතුවක් ලෙස ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාවේ සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ඇතුළු සියලු ජන කණ්ඩායම්වලට සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩ නැගීම බව පවසන ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපතිවරයා, කිසිදු ආගමක් වෙනත් ආගමකට අපහාස කිරීම වැරදි බැවින් එය හෙළා දැකීම සිය සංවිධානයේ අරමුණ බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ යහපත් ආගමික සහජීවනයක් පවතින බවට මෙවර වෙසක් උත්සවය සැමරීමට විවිධ ජන වර්ග ආගම් භේද නොසලකා සහයෝගය දැක්වීම හොඳ උදාහරණයක් බවයි, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එන්.එම්.අමීන් පවසන්නේ.

සීමිත පිරිසක් එම මතයට විරුද්ධව කටයුතු කළත්, බහුතරය සාමය සහජීවනය අගයන බව පැවසූ එන්.එම්.අමීන්, එවැනි පුද්ගලයන් සහ සංවිධාන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මගින් රජය විවිධ ආගම් අතර සාමය රැකීමට පියවර ගත යුතු බව පෙන්වා දෙයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive