facebook like

අවංකාභාවය නිසා ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක ත්‍යාග මුදලක් හිමිවු ශ්‍රී ලාංකික තරුණයෙකුගේ කතාව

තමාගේ අවංකභාවයට ‍ඕස්ට්‍රේලියානු ඩොලර් 81597ක මුදල් ත්‍යාගයක් ඕස්ට්‍රේලියාවේදීම ශ්‍රී ලාංකික තරුණයකුට ලැබී තිබෙනවා. නමින් ඔහු චමිඳු අමරසිංහ. චමිදු තොරතුරු තාක්ෂණය හදාරමින් සිටින ශිෂ්‍යයෙකු වන ඔහු 2011 වසරේදී සනීපාරක්ෂක සේවකයෙකු ලෙස සේවය කර තිබෙනවා..

එහිදී ඔහුට වැසිකිළියක් තුළ තිබී ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් හමුවී
තිබෙනවා.එම මුදල ලැබුණු වහා ඔහු සිය සනීපාරක්ෂක සුපරීක්ෂකවරයාට ත්, පොලීසියට ත් දැනුම් දී තිබෙනවා. එහෙත්, එහි අයිතිකරු සෙවීමට ඔහු සහ ඔස්ට්‍රේලියානු පොලීසිය වසර ගණනක් උත්සහ කළ ද එය සාර්ථක වී නැහැ.
ඒ අනුව, එම මුදල සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, චමිඳු අමරසිංහගේ අවංකභාවයට උපහාරයක් වශයෙන් අදාළ මුදලෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 81,597ක් පිරිනමන ලෙසයි. එම නියෝගය පනවමින් ඔහු ප්‍රකාශ කළේ, මෙවැනි අවංකභාවයකට ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ය.

චමිඳු අමරසිංහ අදාළ මුදල තමන් සතු කර ගැනීමට නොසිතා අයිතිකරුට භාර දීම සඳහා ගත් අවංක උත්සහය අගය කළ යුතු බව එරට පොලීසිය පවසා තිබෙනවා. මේ අතර, චමිඳු අමරසිංහ පවසා ඇත්තේ, තමන් තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරා එම අංශයෙන් රැකියාවක් කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බවයි.

තමන්ට අධිකරණයෙන් පිරිනැමූ ඔස්ට්‍රේලියානු ඩොලර් 81,597ක මුදල කුමක් සඳහා යොදවන්නේ ද යන්න තමන්ට සිතා ගත නොහැකි බව ද ඔහු පවසනවා. කෙසේ වෙතත්, එම මුදලින් කොටසක් ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සහ වික්ටෝරියාහි බෞද්ධ විහාරස්ථානයක් සඳහා යෙදවීමට කටයුතු කරන බව ඔහු පැවසුවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive