facebook like

ලක්ෂ්මන් යාපා, කබ්රාල් තර‍ඟෙට බොරු කියති

පසුගිය 24වෙනිදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී ආයෝජන ප‍්‍රවර්ධන ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර ඇත. එදින පැවැත්වුණේ කැසිනෝ සූදුව ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා වසර 28කට බදු සහනය ලබාදීම වෙනුවෙන් වූ ගැසට් පත‍්‍ර සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවාදයයි.

ඔහු එහිදී ප‍්‍රකාශ කර තිබුණේ 2013 වසරේදී මෙරටට සෘජු විදේශ අයෝජන වශයෙන් ඩොලර් මිලියන 1391ක් ලැබී
තිබූ බවය. එහෙත් ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ එය ඩොලර් මිලියන 916ක් බවය. මේ අනුව ඩොලර් මිලියන 475ක් වැඩිපුර අගයක් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

තවද මහ බැංකු විග‍්‍රහයට අනුව 2013දී ලැබී ඇති සෘජු විදේශ ආයෝජන ප‍්‍රමාණය 2012ට වඩා අඩුවීමක්ය. එය 2012 වසරේදී ඩොලර් මිලියන 941ක්ව තිබී ඇත.

මේ අතර ඇමතිවරයා පවසා ඇත්තේ යුද්ධය අවසන්වීමෙන් පසු ගෙවී ගිය වසර 04ක් තුළ (2010-2013* ඩොලර් මිලියන 4311ක විදේශ සෘජු ආයෝජන ලැබී තිබෙන බවය. නමුත් මහ බැංකු වාර්තාවට අනුව එය ඩොලර් මිලියන 3058.7ක්ය. 2010දී ඩොලර් මිලියන 435.1ක්, 2011දී ඩොලර් මිලියන 895.9ක්, 2012දී ඩොලර් මිලියන 877.2ක් සහ 2013දී ඩොලර් මිලියන 850.5ක් වශයෙන්ය. නමුත් මහ බැංකුව ඉදිරිපත් කරන මේ සංඛ්‍යා ලේඛනවලද පරස්පරයක් තිබේ.

2012 වසරේදී සෘජු විදේශ ආයෝජන වශයෙන් ඩොලර් මිලියන 941ක් සහ 2013 වසරේදී ඩොලර් මිලියන 916ක් ලැබුණු බව විග‍්‍රහයේ සඳහන් කරන මහ බැංකුව සංඛ්‍යා සටහන්වලදී ඉදිරිපත් කර තිබෙන්නේ 2012දී ඩොලර් මිලියන 877.2ක් සහ 2013දී ඩො.මි. 850.5ක් ලැබුණු බවය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive