facebook like

ලෝකෙට ණය වී විමල්ට ඔලුවේ ගාන්නට ජෙල් ගෙනත් දෙන පී.බී.

පී. බී. ජයසුන්දර යනු හිටපු ජනාධිපති චන්ද්‍රිකාගේ භාණ්ඩාගාර ලේකම්වරයාය. චන්ද්‍රිකාගෙන් මහින්දට බලය රෝල් වෙද්දී සියලු චංචල, නිශ්චල කාරණා වෙනස් වුවද ජනාධිපති මහින්ද පී. බී.ටම භාණ්ඩාගාරය භාර දුන්නේය. රනිල් වික්‍රමසිංහ, 2002 දී වසර දෙකකට අගමැති වූ පසුවත් භාණ්ඩාගාරයට තොරාගත්තේ චරිත රත්වතේ නම් වූ පී. බී. වර්ගයේම නිලධාරියෙකි. ලංකාව වගේ රටක අය වැය පාලනය කරන්නට පී. බී. වන්නවුන්ම ඕනෑවෙන්නේ ඇයි? පී. බී. යනු කව්ද? නිලධාරියෙක්ද එසේත් නැතිනම්
ආර්ථිකයක් කියා කොටුකර හඳුනාගත හැකි යමක් නැති ලංකාව නම් වූ දුපතේ මුදල් ගලනය පාලනය කිරීමට අවශ්‍ය අනිවාර්ය සාධකයක්ද?

බටහිර ආර්ථික විශේෂඥයින් ලංකාවේ ආර්ථිකය හදුන්වන්නේ ‘Vibrant Economy’ යනුවෙනි. 2009 න් පසුව ලංකාවට මේ ආර්ථික ශක්තිය ආවේ කොහෙන්ද? ඒ ලාභදායි දෙවන මට්ටමේ සංචාරක සේවා ආර්ථිකයක් තුලිනි. ලෝකයේ නව ලිබරල් ආර්ථික රටාව සමග වේගයෙන් ප්‍රසාරණය වන පහළ මැද පන්තියට ඩොලර් කිහිපයක් වැය කොට ලාබෙට ඉන්න කාමර සහ ලාභ මුහුදු වෙරළවල් අවශ්‍යය. ලංකාව වගේ රටවල් සපුරන්නේ මේ ඉල්ලුමයි. ජේම්ස් පැකර් පැහැදිලිවම කිවේ ඉන්දියාවේ ප්‍රසාරණය වෙන පහළ මැද පන්තිය ඉලක්ක කරගෙන ලංකාවේ කැසිනෝ ආරම්භ කරන බවයි.

සේවා ආර්ථිකයක් බැලුම්බෝලයක් මෙනි. ලෝකයේ ඇතිවෙන මඳ සුළඟක් පවා අපේ ආර්ථිකයට මාරුතයක් මෙන් දැනෙනු ඇත. ඕනෑම පුංචි ඉඳිකටු තුඩකින් කාට හෝ බැලුම්බෝලය පුපුරවා දැමිය හැකිය.

අනෙක් අතට අපේ ආර්ථිකය ගෙනයාමට ණය ගැනීම අනිවාර්ය කාරණයකි. ණය ගන්න IMF වගේ ආයතන වලට ගියොත් ඔවුන් ඵලදායිතාවය, පුද්ගලිකකරණය වගේ අපි ආස නැති කතා කියනු ඇත. ඒක නිසා අපි යන්නේ HSBC වගේ වැඩි පොලී ණය වලටය. චීනෙන් වගේ තැන් වලින් ගන්න ණය වල කොන්දේසි එළියට එන්න තව ටිකක් කල් යන හින්දා ඒ ණය අපේ රජවරුන්ගේ දේශපාලන ශරීරයට තාමත් ගුණය.

පී. බී. වෙනුවට අපේ භාණ්ඩාගාරයේ සැබෑ ආර්ථික ඔලුවක් හිටියා නම් ඇමති මණ්ඩලයේ සියයට අනුවක් පමණ විසුරුවා දැමිය යුතු බවට ජනාධිපතිට යෝජනා කරනු ඇත. රටේ සමහර ආර්ථික දැතිරෝද කලුසල්ලි වලින් දුවන බව කියනු ඇත. විදුලිබල මණ්ඩලය වැනි ආයතන හදිසි නීතිය දමා ප්‍රතිසංස්කරණය කළයුතු බව කියනු ඇත. රටේ නිදහස් අධ්‍යාපනය අර්ථ විරහිත වී ඇති බව කියනු ඇත. මුදල් ගිලින, හීනමානය විහිදන සෝබන නාස්තිය ගැන කියනු ඇත. ඒත් මේවා ක්‍රියාත්මක කරන්නට ගියහොත් මහින්ද දේශපාලනය එතනින් ම ඉවර වෙනු ඇත. එළියට විසිවෙන ඇමතිවරු පැය විසිහතරක් යන්නට කලින් රනිල්ගේ ඇඟේ එල්ලී අළුත් ආණ්ඩුවක් හදනු ඇත.

මෙතැනදී තමයි පී. බී. සාධකය එලියට එන්නේ… පී. බී. යන්නෙහි තේරුම සියලු දේවල් බැලන්ස් කිරීමයි. ප්‍රථමයෙන්ම ඔහු ලෝක ධනවාදයට ඕනි විධියට ලාභ සේවා ආර්ථිකයක් ලංකාවේ නඩත්තු කරයි. චීනය වගේ රටවල අජෙන්ඩා වලට අපේ සංවර්ධන සිහින සෙට්කරයි. කාට වැඩක් නැතිඋනත් මහින්දට වැඩක් තියන ඇමතිවරු ටිකක් අමාරුවෙන් නඩත්තු කරයි. කලුසල්ලි වලට අයිසින් දමා ආර්ථිකයට සෙට් කරයි. අවුරුද්දකට වතාවක් තර්ක විතර්ක, ගිනි විජ්ජුම්බර දමා අය වැය කියල හඳුන්වන බැලන්ස් ෂිට් එකක් දෙයි. රටේ ධීවර කර්මාන්තය හා කිරි නිෂ්පාදනය දියුණු කරන්න ණය ලැබෙන්නේ නැතුව පාරවල්, ගුවන්තොටුපොළවල් හා වරායවල් හදන්න ණය හම්බවෙන්නේ ඇයි කියල විමල් වීරවංශ වගේ බූමියේ පස් කාල ජිවත් වන බූමිපුත්‍රයන් හීනයෙන් හරි කල්පනා කරොත් උත්තරය තියෙන්නේ පී. බී. සාධකය ඇතුලේ.

විමල්ට අනුව පී. බී. යනු ආර්ථික ඝාතකයෙකි. ඒත් ඔහු කිසිදෙයක් ඝාතනය නොකරයි. ඔහු හැමදේම බැලන්ස් කරයි. විමල්ලාට ඔලුවේ ජෙල් ගාන්නේනැතුව ඉන්න බැරි නිසා ඔහු ලෝකෙට ණයවී විමල්ට ජෙල් ගෙනත් දෙයි. විමල්ගේ මහින්ද අයියා පළදින සාටකේ යෙන් මුදල් සලකුණු පේන්නේ නැතිව තාමත් කුරහන් පාටට තියන්නේ ඇයි? අරලිය ගහ මන්දිරේදී නැතිව මැදමුලනේ කුස්සියේදී මහින්ද අයිය හමු උනානම් ඔහු විමල්ට මේවා ඔක්කොම කියාදෙයි.

ඉතින් පී. බී. කියන්නේ තවදුරටත් නිලධාරියෙක් හෝ මිනිසෙක් නොවේ. ඔහු ක්‍රමයේ අනිවාර්ය අංගයක් වන, ක්‍රමය බැලන්ස් කිරීමේ සාධකයක්. පී. බී. මිනිසා වෙනුවට හෙට තව කෙනෙක් එයි. ඒත් සාධකය එහෙමමයි. පී. බී. නම්වූ සාධකය අයින් කරන්න කියල විමල්ට කියන්න බැරි ඔහු, මහින්ද අයිය විතරක් නෙවි නාමල් බේබි යැපෙන්නේ මේ සාධකයෙන්.

{Sarada Samarasinghe|සාරද සමරසිංහ-(බූන්දි,)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive