facebook like

මම බොළඳ, සරාගී ගැහැනියක් නෙමෙයි - සනී ලියොන්

මම රෝස පැහැයට මල්වලට ආදරය කරන බොළඳ ගැහැනියක නොවේ....
මම වගකීම් සහගත බැරූරුම් චරිතයක්!
ලොව වටා සිටින රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ඇය නිල් සිනමා තරුවක ලෙසින් රසිකයන් අතරට සමීප වූ තැනැත්තියකි. එසේ දිනාගත් ජනප‍්‍රියත්වය ඇයව ලොව සුපිරි නිල් සිනමා තරු 12 අතරට ද කැඳවාගෙන ගියා ය.එනමුත් ඇගේ එම දිවියට වසන්තය පැමිණියේ බොලිවුඞ් සිනමා කලාවට පා තැබීමට අවස්ථාව හිමිවීමත් සමග ය. කැනේඩියානු කාමුක චිත්‍රපට නිළියක ලෙසින් පැමිණි ගමන "ජිස්ම් 2" හරහා ඉන්දීය සිනමාව වෙත යොමුකළ ඇය ඒ හරහා ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හිමිකරගත්තා ය. අද වනවිට "කරෙන්ජිත් කෞර් වොහ්රා" එසේත් නැත්නම් "සනී ලියොන්" යන තිරයේ නාමයෙන් කවුරුත් හඳුනනා ඇය බොලිවුඞ් සිනමාවට නැතුවම බැරි තාරකාවක් බවට පත්ව සිටින්නී ය.

ඉන් පසු ඔවුන් දෙදෙනා දික්කසාද වන්නට යන බවට රාවයක් පැතිර යමින් තිබුණි. එනමුත් එය කටකාතාවක් බවට පත් කරමින් සනී නැවත වතාවක් තමන් හා සැමියා ඇති බැදීම පිළිබදව තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සහ ඇගේ වත්මන් දිවිය ගලාගෙන යන අයුරු පිළිබදව ඇය පවසා සිටි දෑ විදෙස් වාර්තා වල සදහන් වුයේ මෙසේය.

"වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත‍්‍රපට තරුවක සිට බොලිවුඞ් සිනමා තරුවක් දක්වා මගේ වෘත්තීය ජීවිතයේ සිදු වූ සංක‍්‍රාන්තිය සැබැවින් ම විශ්මය ජනකයි. එය කලා ලොවට පා තැබූ දින සිට මා දුටු සිහිනයක් අවසානයේ එය සැබෑවක් බවට පත්වුණා.

මගේ අතීතයේ ගතවූ සෑම දිනකින්ම මම වෙනස් යමක් ඉගෙන ගත්තා එම ඇතැම් අත්දැකීම් යහපත් මෙන්ම ඇතැම් අත්දැකීම් අයහපත් බොලිවුඩය තුළ රැඳීසිටීම වෙනුවෙන් මම ඉතා වෙහෙස වී වැඩකරනවා.

මම බොළඳ නොවන, කැපවීමෙන් කටයුතු කරන කලාකාරිනියක බව ජනතාවට පෙන්වනවා. වෙහෙස වී වැඩකිරීම සහ ධෛර්යය සැමවිටම ප‍්‍රතිඵල ගෙනදෙනවා."

අසැබි සිනමාවේ සිට බොලිවුඩය දක්වා සිය ජීවිතයේ සිදුවූ වෙනස පිළිබඳව සනී ලියොන් දක්වන්නේ එවන් අදහසකි. තමන් සරාගී තරුවක් ලෙස පමණක් ජනතාව හඳුනාගත්ත ද තමන් එවන් චරිතයක් ම පමණක් නොවන බව ද ඇය පවසයි.

"ජනතාවට දකින්නට ලැබෙන්නේ මගේ බොළඳ, සාමාන්‍ය හැසිරීම් පමණයි. ඔවුන් සැමවිටම තේරුම් ගන්නේ මම සරාගී ගැහැනියක ලෙසයි. නමුත් මම සැබැවින්ම එවන් කෙනෙකු නොවේ. මම රෝස පැහැයට සහ මල්වලට ආදරය කරන බොළඳ ගැහැනියක නොවේ... මම වගකීම් සහගත බැරූරුම් චරිතයක්!."

සනී ලියොන් බොලිවුඞ් සිනමාවට සම්බන්ධ වීමට පෙර අසභ්‍ය චිත‍්‍රපට සඳහා දායකවීම සම්පූර්ණයෙන් ම අතහැර දැමුවා ය. එහෙත් තමා එසේ එම චිත‍්‍රපට කර්මාන්තයෙන් ඉවත් වූයේ තමන් සම්බන්ධව ගොඩනැගී තිබූ ප‍්‍රතිරූපය වෙනස් කිරීමට නොවන බව ද ඇය අවධාරණය කරයි.

"මම බොලිවුඩයට පැමිණියේ මගේ ප‍්‍රතිරූපය වෙනස්කර ගැනීමට නොවේ. මම මා වෙත කිසිදු සීමාවක් හෝ නීතියක් පනවාගෙන නෑ........ මම රංගනයට ආදරය කරනවා.... සෑම දිනකම එය පෙර දින පැවති තත්ත්වයට වඩා වෙනස්වනවා.

එමෙන් ම මම නිතරම වෙනස් යමක් ඉගෙන ගන්නවා එහෙත් සෑම දිනකම දර්ශන තලයේ දී ලැබෙන නීරස ආහාර වේලට මම වෛර කරනවා. එම ආහාරවලට විරුද්ධ වීමත් කළ නොහැකි දෙයක්."

සිනමාව තුළ සිය ආදරය සහ වෛරයට හිමිවන දේ පිළිබඳව අදහස් දක්වමින් සනී ලියොන් පවසයි. එමෙන් ම ජනප‍්‍රිය තරුවලට සුපුරුදු අසාධාරණ විවේචන හා කටකතා සමග කටයුතු කිරීම ඉතාමත් අසීරු කටයුත්තක් බව ඇය සඳහන් කරයි. කලාකරුවන් යනු හැඟීම් සහ හදවතක් සහිත සැබෑ මිනිසුන් කොට්ඨාසයක් බව ඇතැම් අවස්ථාවලදී මිනිසුන් අමතක කරන බවට මේ රංගන ශිල්පිනිය චෝදනා නගයි.

මේ වනවිට කාර්යබහුල රංගන ශිල්පිනියක බවට පත්ව සිටින සනී ලියොන් විවාහක කාන්තාවකි 2011 වසරේ දී ඇය "ඩැනියෙල් වෙබර්" සමග යුග දිවියට ඇතුළු වූවා ය. විවාහක රංගන ශිල්පිනියක් වුව ද බොලිවුඩයේ ඉහළ ම ඉල්ලූ‍මක් සහිත රංගන ශිල්පිනියන් කිහිපදෙනා අතර සනී ලියොන්ගේ නම ද පවතියි.

"මම රංගනය දකින්නේ වෘත්තියක් ලෙසයි නමුත් මගේ ක‍්‍රමයට අනුව මම බොලිවුඩය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙනවා. කැපවීමෙන් වැඩකිරීම තුළින් තම කීර්ති නාමය එකම මට්ටමක පවත්වාගෙන යාමට හැකි නම් රසිකයින් සැමදාමත් අපට ආදරය කරනවා."

රංගන ශිල්පිනියක ලෙස ලද එම සාර්ථකත්වය පිළිබඳ සනී පවසන්නේ එසේ ය. සිය වෘත්තීය ජීවිතය සාර්ථකත්වය අත්විඳීන අතරම පෞද්ගලික ජීවිතය තුළ තමන් වාසනාවන්ත බිරිඳක බව සනී ලියොන් සඳහන් කරන්නේ සතුටිනි.


"මම ඉතා වාසනාවන්ත බිරිඳක්, මගේ සැමියා මා වෙනුවෙන් විශ්මයජනක දේවල් කරනවා. ඔහු නිතරම මා වෙනුවෙන් මල් සහ චොකලට් මිලදී ගන්නවා ඔහු නගරයෙන් පිටතට ගියත් මගේ ලේකම්වරයා අත මා වෙත සුරතල් වලසුන් එවනවා. අපි වසර 06 ක් එක්ව ජීවත්වෙනවා.

ආරම්භයේ සිටම ඔහු මා වෙනුවෙන් මෙවැනි දේ කරනවා. මම ඔහු වෙනුවෙන් කළ දේවලටත් වඩා බොහෝ දේ ඔහු මා වෙනුවෙන් කර තිබෙනවා. එමෙන් ම මම විශ්වාස කරනවා. මම ඔහු පිළිබඳ සොයා බලනවාටත් වඩා ඔහු මා පිළිබඳ සොයා බලනවා.

අප අතර ඉතා යහපත් සම්බන්ධතාවයක් පවතිනවා. අපි එකිනෙකාට ගරු කරනවා. අපි ආදරවන්තයින් මෙන් ම හොඳ ම මිතුරන්."

සිය ආදරණීය සැමියා පිළිබඳ සනී ලියොන්ගේ හදවතෙහි පවතින සෙනෙහස ඇය වදනට නගන්නේ මෙසේ ය.

"දෙවියන් විසින් මා වෙත එවූ සුර දුතයකු මා සොයා ගත්තා. මගේ ජීවිත කාලය පුරාම සැමදාමත් මම ඔහු වෙත වන්දනාමාන කරනවා...."
















 








0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive