බොදු බල සේනා සංවිධානය අද පස්වරුවේ අලුත්ගම නගරයේ පැවැත්වූ සමුළුවෙන් පසුව රිය පෙරහැරකින් කුරුඳුවත්ත විජයාරාමයට යමින් සිටියදී අලූත්ගම ධර්ගා නගරයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. ගැටුම උත්සන්න වීමත් සමග පොලීසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. එහෙත් ගැටුම සංසිඳවීමට නොහැකි වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ.
පොසොන් පෝදා ධර්ම දේශනාවකට වඩිමින් සිටියදී පහරකෑමකට ලක්වූ අයගම සමිත හිමියන් විජයාරාම විහාරස්ථානයට සමුළුවෙන් පසුව වඩමවාගෙන යද්දී මේ සිද්ධිය ඇති වී තිබෙනවා. බොදුබල සේනා හිමිවරු සහ ගිහියන්ද අයගම සමිති හිමියන් සමග වාහනවලින් නගරයට ඇතුළු වීමත් සමග දෙපිරිස අතර ගැටුම හටගෙන ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. මාර්ගයේ ගමන් ගනිමින් තිබූ රථ වාහනවලට මාර්ගය දෙපස සිටි පිරිස අතරින් ගල්මුල් ප‍්‍රහාරයක් මුලින්ම එල්ල වී තිබෙනවා. ඉන් පසුව දෙපිරිසම ගල්මුල් ප‍්‍රහාර එල්ල කර ගත් බවද නෙත් නිව්ස් වාර්තාකරු පවසනවා.
බොහෝ පිරිසක් මෙම ගල්මුල් ප‍්‍රහාරයට ලක්වූ බවත් ඇතැම් පිරිස් පසුපස හඹාගොස් පහර දුන් බවත් නෙත් නිව්ස් වාර්තාකරු පවසනවා. මාධ්‍යවේදීන් වෙතටද ප‍්‍රහාර එල්ල වී තිබෙනවා. නගරයේ කඩ සාප්පු වසා තිබුණු අතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණා.
නගරයේ කඩසාප්පුවලට ගල්මුල් ප‍්‍රහාර එල්ලවීමත් සමග නගරයේ රැුස්වී පිරිස් සහ වාහනවල සිටි අය දිවගිය බවයි නෙත්නිව්ස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. වෑන් රියකට සහ කඩ සාප්පු දෙකකට ගිනි ඇවිලී තිබුණු බවද සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා.

වහා ක්‍රියාත්මක වන පරිදි අලුත්ගම සහ බේරුවල යන පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඇඳිරි නීතිය ඉවත් කරන වේලාව පිළිබඳ පසුව දැනුම්දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
අලුත්ගම දර්ගා නගරයේදී අද (15) පස්වරුවේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය.
අදාළ ගැටුම මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන්ද යොදවා ඇති බව වාර්තා වෙයි. ඇති වී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ

0 comments:
Post a Comment