අද දවසේ රටේ දසතින් ඇසෙන මිනිස් ඝාතන, ස්‌ත්‍රී දූෂණ හා කොල්ලකෑම් ආදී ලෙසින් වූ නොයෙක් අපරාධ හමුවේ නැගෙන අෙ¹aනාවන්හි දොaංකාරයන් තුළින් අපට ඒ පාඩම කියා දෙමින් ඇත. එහෙත් කිසිවකත් නැවතීමක් නම් නැත.
ඊට ඇති පැහැදිලිම කතාවක් ඉකුත් සතියේ වාර්තා වූයේ උඩවලව සෙවනගල ප්‍රදේශයෙනි. ඔහු නමින් ධම්මික නිශාන්තය. දරු දෙදෙනකුගේ පියකු වූ හේ සිය කුටුම්භය සමග සෙවනගල වැවේගම ප්‍රදේශයේ පදිංචිව සිටියේය.
සෙවනගල ප්‍රදේශය පුරා ආර්ථික වගාවක් ලෙස පැතිර ඇති උක් ගොවිතැනේ නිරත ගොවියකු වූ ධම්මික ඉන් ලැබෙන ආදායමින් තම දරුවන් හා බිරිඳ රැකබලා ගන්නට තරම් උත්සාහවන්තයකුද වී සිටියේය. හේ
ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ හොඳ මිනිසකු ලෙසිනි.
දිනය ඉකුත් සෙනසුරාදා විය. එදින උදැසන සිය අවශ්‍යතාවක් සඳහා නිවසින් බැහැරට ගිය ධම්මික පස්‌වරු දෙකට පමණ යළි නිවසට ආවේය. එසේ පැමිණි ඔහු මඳ විවේකයකින් පසු නැවත නිවසින් පිටව යන්නට සූදානම් වූයේ සෙවනගල වැවේයාය ප්‍රදේශයේ කරගෙන ගිය සිය උක් වගාව හා තිබෙන කුඩා කුඹුරට අවශ්‍ය බිත්තර වී ටික පොඟවා සූදානම් කිරීමේ අදහසද සමගිනි. ඒ වන විට වේලාව පස්‌වරු තුනට පමණ විය.
"ඔව් එදා අපේ තාත්තා වැඩකට ගිහින් ඇවිත් ඒ විදිහට කුඹරට යනවා කියලා යතුරු පැදියට නැගලා ගියා. ඒක සාමාන්‍ය විදිහට සිද්ධ වෙන දෙයක්.. තාත්තා කුඹුරු වැඩත් කරන හින්දා ඒ ගැන හිතන්න දෙයක් අපට තිබුණේ නැහැ.. ඒත් එහෙම ගිය තාත්තට අන්තිමට වුණේ ජීවිතේ රැකගන්න දරුණු සටනක් කරන ගමන් ඉස්‌පිරිතාලේ ඇඳක් උඩට වැටෙන්න.. එදා ගිය ගමනින් පස්‌සේ තවමත් මගේ තාත්තා ඉන්නේ හරියට හුස්‌ම ටික ගන්න බැරි රෝගියෙක් විදිහට ඉස්‌පිරිතාලේ ඇඳකට වෙලා.."
අවුරුදු විසි එකක තරුණයකු වන ධම්මිකගේ ලොකු පුතා ධමිස්‌ක චතුරංග එදා තමන්ගේ තාත්තා කුඹුරට ගිය ඒ ගමනත් එක්‌ක මුළු පවුලටම ගින්දරක් ගෙන දෙමින් සිදු වූ සිදුවීම් පෙළ වචන කිහිපයකට කෙටි කර ඇස් දෙකේ දිලිසෙමින් තිබුණ කඳුළකුත් එක්‌ක පසුගිය දිනෙක අපට කීවේ එසේය....
සෙවනගල තුනේ පාලමේ ලොක්‌කා යනු ගමේ සිටි නරුම චරිතයකි. කලක් යුද හමුදාවේ සේවය කළ ඔහු දිගින් දිගටම කරන ලද විනය විරොAධී ක්‍රියා හේතුවෙන් හමුදාවෙන් නෙරපා හැරියෙකු බවද ගම්මු කියති.
සෙවනගල සාමාකාමී ජන සමාජය උඩු යටිකුරු කරන අන්දමින් නිතර සිය හැසිරීම පවත්වාගෙන ගිය ලොක්‌කා මීට මාස කිහිපයකට ඉහත ගමේ නිවසකට වෙඩි තබා මාරාන්තික තර්ජනයක්‌ද එල්ල කළේය. නමුත් ගැටලුව ඇත්තේ ලොක්‌කා එදා ගමේ නිවසට වෙඩි තැබුවේ තුවක්‌කුවකින්ද නැතිනම් මෝල්ගසකින්ද යන්න අදටත් පොලිසිය නොදැන සිටීමය.
එදා කළ වෙඩි තැබීමෙන් පසු ලොක්‌කා සැඟවී පලා ගියේය. කොතෙක් සොයා බැලුවද පොලිසියට ඔහු සොයාගත නොහැකි විය. එහෙත් ඒ දිනවල නිකමටවත් පොලිසිය, ලොක්‌කා සොයා සෙවනගල හබරළුආර පාලම අසල තිබූ පොලිස් මුර පොළට ගියේ නම් ඔහු ගෙල මුලින්ම කොටු වන්නේය. නමුත් එවැන්නක් සිදු නොවිනි. පොලිසිය හතර අත යමින් ලොක්‌කා සෙවීය. ඔහු පොලිසියට වී සිටියේය.
සියල්ල දන්නා සෙවනගල මිනිසුන් රහසින් කියන පරිදි එදා ගමේ නිවසට වෙඩි තැබූ ලොක්‌කා පලා ගොස් සැඟවී සිට ඇත්තේද පොලිසියේ රෙද්ද අස්‌සේමය. ඒ බවක් පොලිසිය නොදැන සිටියේය. නොදැන සිටියේද නැතහොත් වෙනයම් බලපෑමක් හමුවේ නොදන්නා සේ රැඟුවේද යන්න අපි නොදනිමු. කෙසේ වෙතත් සියල්ල සිදුව ඇත්තේ එසේය. අප මේවා කියන්නේ පොලිසියට ඇනෙන්නට නොව දැනෙන්නට බවද මෙහිදී කිව යුතුය.
ඉකුත් සතියේ සෙනසුරාදා සවස බිත්තර වී පොඟවන්නෙමියි සිතා යතුරු පැදියට නැගී සිය උක් වගාව මැද වූ කුඹුරට යැම සඳහා නිවසින් පිටත්වූ ධම්මික කිලෝ මීටර් දෙක තුනක් ගෙවා නිම කළ යුතු වූ මාර්ගයේ ඉදිරියට ඇදෙන්නට වූයේ ගමම දන්නා ලොක්‌කා පිළිබඳ කතාව එසේ වී තිබියදීය.
එහෙත් මේ මොහොත වන විට කලක සිට පොලිසියට කට්‌ටි පනිමින් සිටි තුනේ පාලමේ ලොක්‌කා සමග තවත් එකකු සිටියේ උක් යායේ සැඟවී ධම්මිකගේ ජීවිතය බිලි ගැනීමට මාන බලමිනි. ඒ පිළිබඳ හාන්කවිසියක්‌වත් ධම්මික නොදැන සිටියේය.
නිවසින් පිටත් වූ ධම්මික අඩ හෝරාවක පමණ කාලයක් ගෙවා සිය උක් වගාව පිහිටි වැවේයාගම ප්‍රදේශයට ළඟා වූවේය. එසේ පැමිණ යතුරු පැදිය පසෙක නැවතූ හේ කඩුමුඩියේම බිත්තර වී ටික පොඟවා දමන්නට වූයේ කලුවර වැටෙන්නට පෙර යළි නිවසට යැමේ අදහස ඇතිවය.
ඒ අයුරින් සිය වැඩ කොටස අවසන් කළ ධම්මික යළිත් සවස හතරහමාරට පමණ නිවසට යැම සඳහා සිය යතුරු පැදියට නැග එය පණ ගැන්වූයේ ඇඟට දැනෙමින් තිබූ වෙහෙසද සමගින්ය.. එහෙත් ගත වූයේ තවත් එක් මොහොතකි. එක්‌වරම උක් වගාව මැදින් මතුවූ අයකු ධම්මිකගේ හිසට පිස්‌තොලයක් තබා "වර පර බල්ලා තෝ නේද අලි අල්ලන උන් ගැන පොලසියට ඔත්තු දුන්නේ.."යි පවසමින් පණ ගැන්වී තිබූ යතුරු පැදියෙන් ඔහුව බිමට ඇද දැමුවේ සිදු වන්නේ කුමක්‌දැයි සිතන්නටවත් ඉඩක් නොතබමිනි.
එකෙනෙහිම උක් පඳුරු අතරින් මතුවූ තවකෙකු බිම ඇද වැටී සිටි ධම්මිකගේ සිරුර මත නැගී කිටි කිටියේ පොලවට තද කරන්නට විය. ඒ අතරේ පිස්‌තෝලය අතැතිව සිටි එකා අසල තිබූ කඹයක් ගෙන ඔහුගේ දැත් දෙපා ගැට ගසන්නට වූයේ "තෝව අද මරනවා පරයා.."යෑයි මොර දෙන අතරේ පහර කිහිපයක්‌ද ඔහුට එල්ල කරමිනි.
මාරාවේෂයෙන් මෙන් සිටි එකී නරුමයන් දෙදෙනා ධම්මික පෙරලාගෙන මරණ බිය ගෙන දෙද්දී හේ ජීවිතය ඉල්ලා කෑගසන්නට විය. නමුත් ඒ හඬ ඇසෙන්නට යායට විහිද තිබූ උක් වගා බිමේ තවත් කිසිවකුත්ම නොසිටියේය.
අවසානයේ ධම්මිකව බැඳ දැමූ ගහලයන් දෙදෙනා ඔහු හැඳ සිටි ඇඳුම් ගලවා නිරුවත් කර එකී රෙදි කඩකින්ම ඔහුගේ දැස්‌ද බැඳ දැමීමටද සැරසුණි. ඒ සමගම දුටු දෙයින් ධම්මික වෙව්ලා ගියේය.
තමන් බිලි ගැනීමට සැරසෙන මාර පුත්‍රයන් දෙදෙනා අතරින් පිස්‌තෝලය ගෙන මුලින්ම පැමිණි එකා තුනේ පාලමේ ලොක්‌කා බව මර බියෙන් සිටි ධම්මික හඳුනා ගත්තේ ඒ මොහොතේදීය.
එහෙත් ලොක්‌කා හඳුනාගත් බවක් අඟවන්නට ධම්මික කටයුතු නොකළේය. ඒ දැනෙමින් තිබූ මරබිය නිසාමය. මෙසේ ධම්මිකව බැඳ දැමූ මාරයන් දෙදෙනා අවසානයේ ඔහුව ඔසවාගෙන ගොස් අසල තිබූ අඩක් ජලය පිරි බැරලයකට දැමීය. එහිදී ධම්මික බිරිඳ හා දරුවන් සිහි වී හඬා වැටෙමින් සිය ජීවිතය ඉල්ලා සිටින්නට විය. නමුත් වැරෙන් එල්ල වූ අතුල් පහරක් විනා ඔහුට වෙන යම් දෙයක් නම් නොලැබිණි.
මෙසේ ධම්මිකව බැරලය තුළට දැමූ ගහලයන් දෙදෙනා ඊළඟ මොහොතේ එතෙක් මල්ලක් තුළ දමා සිටි දැවැන්ත නාගයකු ගෙන ධම්මික සිටි බැරලයට දැමුවේ සැලසුමට අනුව සිය ඉලක්‌කය පහසුවෙන් සපුරා ගන්නා අදහස ඇතිවය. එහෙත් තමන් බැරලයට දැමීමෙන් පසු මාරයන් දෙදෙනා එසේ නාගයකු එයට දැමූ බවක් දැස් බැඳ සිටි ධම්මික නොදත්තේය.
ඔහු දැනෙන්නට වූ මරබිය හමුවේ කිටි කිටියේ ගැට ගසා ඇති දැත් දෙපා ගලවා ගැනීම සඳහා බැරලය තුළ දඟලන්නට විය. එකී දැඟලිල්ල හමුවේ කුපිත වූ නාගයා "µQෂ්" හඬින් කළ පිඹීමත් සමග බැරලයේ නාගයකුද සිටින වග පසුව ධම්මිකට වැටහිණි. ඒ සමගම දැනෙන්නට වූ භීතිය හේතුවෙන් ඔහු තවත් දඟලන්නට වූයේ ජීවිත ආසාව නිසාමය.
"මහත්තයෝ., මට ඒ වෙලාවේ මගේ දරුවෝ දෙන්නයි බිරිඳයි මතක් වෙලා ලොකු වේදනාවකින් පපුව හිර වෙන්න ගත්තා.. මම මර බයෙන් බලාගෙන හිටියේ කොයි වෙලේ නයා මට ගහයිද කියලා.. බැරල් එක ඇතුළේ නයා පීනනවා.. සතා ඇඟේ ගෑවෙනකොට මට ඒක දැනුනා.. ඒත් මහත්තයෝ කොච්චර කේන්තියකින් පිඹ පිඹ දැඟලුවත් මුලදී ඌ මට දෂ්ඨ කළේ නැහැ.. විනාඩි දහයක් විතර ඒ විදිහට ගෙවිලා ගියා.. ඒ වෙනකොට නයා ගහයි කියන බයටම මමත් දැඟලිල්ල නවත්තලා මර බයේ ගැහි ගැහී පැත්තකට වෙලා හිටියේ..
"නයා බැරල් එකේ තියෙන වතුරේ පීනනවා.. මගේ ඇඟේ ගෑවීගෙන එහාට මෙහාට යනවා.. ඒ අතරේ පෙනේ කරගෙන පිඹිනවා ඇහෙනවා.. ඒත් ඌ මට දෂ්ඨ කළේ නැහැ.."
යක්‍ෂයන් දෙදෙනකුට මැදිවී මරණයේ බියකරු බව හොඳහැටි අත්විඳ මේ වන විට යළි ජීවිතය ලැබ ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ධම්මික තමන් මුහුණ දුන් ඒ මරණීය නිමේෂය ඉකුත් දිනෙක අප ඉදිරියේ මෙනෙහි කෙරුවේ එලෙසින්ය.
කුපිත වූ නාගයා මෙහිදී මුලින් ධම්මිකට දෂ්ට නොකිරීමද විශ්මයට කරුණකි. ඇතැම්විට සැබෑ සර්පයකු වූ තමාව කුපිත කර මෙසේ අහිංසක මිනිසකු මරා දැමීමට සැරසෙන සර්පයන් දෙදෙනා පිළිබඳ සිතී දැනුණු පිළිකුල හමුවේ ඌ එසේ කළාද විය හැකිය.
කෙසේ වෙතත් නාගයා එසේ ධම්මිකට දෂ්ට නොකර සිටියදී මිනිස් ඝාතනයක් නොවන ලෙස ලෝකයට අඟවා ඔහු බිලි ගැනීමට වෙහෙසෙමින් සිටි ගහලයන් දෙදෙනා ඒ සඳහා තවත් උපක්‍රමයක් යොදන්නට වූහ. ඒ අනුව එකෙකු බැරලයේ දමා සිටි ධම්මිකගේ හිසෙන් අල්ලාගෙන තදදින් තෙරපද්දී තුනේ පාලමේ ලොක්‌කා කළේ අසල තිබූ මුගුරක් ගෙන ඉන් නාගයාට පහර දෙන්නට වීමය.
එකී පහර දීම හමුවේ අවසානයේ නාගයා ධම්මිකට දෂ්ඨ කළේය. වරක් දෙවරක් නොව හය වරක්‌ම එකී නාග ප්‍රහාරය ඔහුට එල්ල විය. මිනිසුන් ලෙස ඉපිද තිරිසන් ලෙස කටයුතු කරමින් සිටි නරුමයන් දෙදෙනකු ඉදිරියේ සැබෑ තිරිසනකු වූ නාගයාගේ තිරිසන් බව මෙහිදී ඉස්‌මතු වීමේ අරුමයක්‌ද නැත.
නාගයා එසේ දෂ්ඨ කිරීමත් සමග එතෙක් ජීවිතය යදිමින් සිටි ධම්මික උග්‍ර නාග විෂ ශරීරගත වී අඩපණව ගොස් සිහිසන් නොමැතිව බැරලය තුළ ඇද වැටුණේ ගහලයන් දෙදෙනා සතුටින් ඉපිලෙමින් බලා සිටියදීය.
ඔහු එසේ ඇද වැටීමත් සමග වහා ක්‍රියාත්මක වූ එකී යක්‍ෂයන් දෙදෙනා ඊළඟ මොහොතේ ධම්මිකව බැරලයෙන් පිටතට ගෙන දැත් දෙපාවල බැමි ලිහා ඔහුට යළි ඇඳුම් අන්දවා උක් යායේ පසෙකට ඔසවාගෙන ගොස් දමමින් බැරලයේ සිටි නාගයාද මරා ඒ අසළින් තබා පිටව ගියේ සිය සැලසුම අකුරටම ක්‍රියාත්මක කළ බවට වූ විශ්වාසයෙනි.
නමුත් ධම්මික මරා දැමීමට පැමිණි මාරයන් දෙදෙනා එසේ පිටව ගියද ඔවුන් විශ්වාස කළ පරිදි සියල්ල සිදු නොවීය. නාග විෂෙන් සිහිසන් නොමැතිව වැටී සිටි ධම්මික හිටිහැටියේම යළි සිහි පැමිණ නැගී සිටියේ හාස්‌කමක් පරිදිය.
ඇතැම් විට නාගයකු දෂ්ට කිරීමේදී දරුණු දෂ්ඨනයක් කිරීම සඳහා ගනු ලබන වේගය ජලයේ සිට ධම්මිකට දෂ්ඨ කළ නාගයාට ගත නොහැකිවීමත් ඔහුට හයවරක්‌ම දෂ්ඨ කළද වරක් දෂ්ඨ කිරීමෙන් පසු නාගයකු තුළ යළි විෂ නිර්මාණය වීමට පැය ගණනාවක කාලයක් ගත වීමත් යන විද්‍යාත්මක සාධකය මෙසේ ධම්මිකට යළි නැගී සිටීමට පිහිට වූවාද වියහැකිය.
එසේ නැගී සිටි ධම්මික අවසානයේ දැඩි වෙහෙසක් දරා උක් යායට මඳ දුරක් ඈතින් පිහිටි ගමේ නිවසක් වෙත ගොස් තමන්ට සිදු වූ සියල්ල පවසන්නට වූයේ මොහොතින් මොහොත අසාධ්‍යව වචන හසුරුවමිනි.
ඒ සමගම ඔහු සිටින අවදානම වටහා ගත් එකී නිවසට රොක් වූවන් දෙවරක් නොසිතාම ඔහුව රෝහල්ගත කිරීමට කටයුතු ඒ මොහොතේ සිදු විය යුතු එකම දේ එය බව වටහාගත් බැවින්ය. එසේ රෝහල්ගත කිරීමත් සමග ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මෙන්ම හයේ වාට්‌ටුවේ වෛද්‍යවරුන් හා හෙද හෙදියන්ගේ දැඩි කැපවීම මත තවදුරටත් මොලොව ජීවත් වන්නට ධම්මික වාසනාවන්ත විය. ඔහු දැන් සිටිනුයේ මඳින් මඳ සුවය ලබමිනි.
නමුත් ධම්මිකට එසේ ජීවිතය ලැබීම පමණක් මේ කතාවේ අවසානය වේද? නැත. එසේ නොවිය යුතුමය. මන්ද ඉන් එහාට කියෑවෙන තවත් කතා රැසක්‌ම මේ පිටුපස තිබෙන බැවිනි.
ධම්මික ඝාතනය කිරීමට තුනේ පාලමේ ලොක්‌කා සමග එක්‌වූ තවත් නරුමයකු ගත් මෙකී උත්සාහයත් සමග පරීක්‍ෂණ ආරම්භ කළ සෙවනගල පොලිසිය සැකකරුවන් සොයා වෙහෙසෙන්නට විය. නමුත් පොලිසිය එසේ කටයුතු කරද්දී සිදු වූයේ කුමක්‌ද? නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට ගිය තුනේ පාලමේ ලොක්‌කා බන්ධනාගාරගත වීය.
ලොක්‌කා එසේ පොරක් වී නීතිඥයකු සමග අධිකරණයට ඉදිරිපත් වීමද ගැටලුවකි. ඔහුට ඒ සා ශක්‌තියක් ලැබුණේ කොතැනකින්ද? ඒ පසුපස කිසියම් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මකව ඇත්තේද? කෙසේ වෙතත් ලොක්‌කා මෙසේ ඇතුළට යැමෙන් සිදු වූ තවත් දෙයක්‌ද ඇත. ඒ ඊට පෙර සිදු කළ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ මෙන්ම මෙදා ධම්මික මරා දමන්නට කළ සැලසුමේදී ලොක්‌කා සමග එක් වූයේ මොකාද යන්න නිසි විමර්ශනයක් මගින් අනාවරණය කරගැනීමට පොලිසියට නොහැකි වීමය.
අප එසේ කියන්නේ "ලොක්‌කා ඇතුළේ.. දැන් ඔක්‌කොම හරි.." කියන න්‍යායෙන් මේ මොහොත වන විට සියල්ල සිදු වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇති නිසාය. එසේම ලොක්‌කා සමග එක්‌ව ධම්මික මරා දමන්නට සැරසුණු අනෙක් යක්‍ෂයා තවමත් සිටිනුයේ නිදැල්ලේය. එය සෙවනගල මිනිසුන්ගේ ජන ජීවිතයට භීතිය එක්‌කරන්නක් බව කාටවත් අමුතුවෙන් කියා දිය යුතු නැත. එමෙන්ම මෙම සිද්ධියත් සමග කැලෑවේ සිටින අලි ඇල්ලීමේ කතාවක්‌ද කරළියට පැමිණ ඇත. එකී අලි කතාව ඉකුත් දිනවල රටේම ආන්දොaලනයකට තුඩු දුන් එකක්‌ද විය.
යථාර්ථය ඇත්තේ එතැනය. ඒ අනුව මේ සියල්ල පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර රටට සත්‍ය හෙළි කර පෙන්වීම පොලිසියේ වගකීමවී තිබෙන්නකි. පොලිසියට එය කිරීමට කොන්දක් තිබිය යුතුය. පොලිසියට කොන්දක් නැති නම් එය ශක්‌තිමත් කළ යුත්තේ ආණ්‌ඩුවය.
එහෙත් ආණ්‌ඩුව බකන්නිලා සිටියදී ආණ්‌ඩුවේම සමහර දේශපාලකයන් අලි බබාලා සමග හොරු හතළිහත් තුරුළු කරගන්නා අතරේ පොලිසියේ කොන්ද බිඳ පාදඩයන්ගේ කොඳුවලට මුක්‌කු ගසන්නට ගියහොත් හෙට දිනයේත් ධම්මිකලාට නයි ගසනු ඇත. ඒ නයි විෂෙන් ආණ්‌ඩුවද පරලොව යනු ඇත.
සුනඛයන් සමග වැතිරෙද්දී නැගිටිය යුත්තේ මැක්‌කන් සමග යෑයි අපේ පැරන්නන් කීවේ කට කසනවාට නොවන බවද මෙහිදී අවසන් වශයෙන් කිව යුතුමය.
සමන් ගමගේ

mahinda chinthanaya.....
ReplyDelete