facebook like

මොනිකා නැවතත් පැරණි කුණු කන්දල් ඇවිස්සීමේ වෑයමක

මේ වන විට හතළිස් වන වියේ පසුවන මොනිකා ලෙවින්ස්කි හිටපු ඇමෙරිකානු ජනපති වූ බිල් ක්ලින්ටන්ගේ අනියම් පෙම්වතිය ලෙස ලොවපුරා විශාල ප්‍රසිද්ධියක් ලැබූ කාන්තාවක්. ඇයගේ ප්‍රේම වෘතාන්තය ධවල මන්දිරය සසල කිරීමට සමත් වූ සම්බන්ධයක් ලෙසයි බොහෝ ඇමෙරිකානුවන් හඳුන්වනු ලැබුවේ.
මොනිකා ලෙවින්ස්කි පසුගියදා ඇයගේ අනියම් සම්බන්ධය පිළිබඳව සත්‍ය හෙළිදරව් කිරීමට තීරණය කොට තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය චදඪබර ටචඪප නම් සඟරාවේ ඇයගේ
අසම්මත ආදර කතාවේ යථා ස්වරූපය හෙළි කිරීමට කටයුතු කර තිබෙන බව ඇය පසුගියදා පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී හෙළිදරව් කොට තිබුණා.
මේ සුරූපිනියට අවශ්‍යව ඇත්තේ ඇය ධවල මන්දිරයේ දී ගත කල කාලයේ සිදුවූ ලිංගික අතවරයන් පිළිබඳ මෙන්ම ජනපති සමග ඇය ගත කළ කාලය පිළිබඳව සත්‍ය ප්‍රකාශ කොට ඒ තුළින් තම නිදොස් බව හෙළි කිරීමයි. ඇය ජනපති සමග සිටිමින් ඔහුගේ ජීවිතය ඇයට අවශ්‍ය පරිදි පාලනය කළ බව එවකට බොහෝ පුද්ගලයින් පවසා තිබුණත් එය සත්‍යයක්ද අසත්‍යයක්ද යන බවත් ඇය මේ සඟරාවේ ලිපියේ පැහැදිලි කර දෙන බවයි සඳහන් වෙන්නේ.
“මම අධිෂ්ඨාන කර ගත්තා මගේ කතාව වෙනස්ම විදිහකට අවසන් කිරීමට” ඇය පවසනවා. “මම අවසානයේ තීරණය කළා මගේ හිස කළුග‍ලේ ගහ ගන්න. ඒ කියන්නේ මගේ පසුගිය අතීතය මගේ දෑතින්ම නැවත රචනා කරනවා කියන්නේ මගේ හිස මම කළු ගලක ගසා ගන්නවා වගේ වැඩක්” යැයි වැඩිදුරටත් පවසනවා.
“කිල්න්ටන්ගේ තිබු පරිපාලනය තුළ මට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැහැ මගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න. මම යාච්ඤා කරද්දි මගෙ අල්තාරය දෙපස හිටියේ දේශපාලන ක්‍රියාකාරීන් හා මාධ්‍ය කරුවන්. ඒ සෑම දෙනාම මාව වැරදිකාරිය කළා. මට අවස්ථාවක් දුන්නේ  නැහැ ස්වයං පා‍පොච්චාරණයක් කිරීමට”
“මම හද පතුලෙන්ම පසුතැවිලි වෙනවා මගෙත් බිල් ක්ලින්ටනුත් අතර තිබූ සම්බන්ධය පිළිබඳව“ ඇය එම ලිපියේ සඳහන් කොට තිබෙනවා.
“මගේ එකම ඉලක්කය මේ සම්බන්ධයෙන් මගේ ජීවිතෙට එල්ලු වූ නින්දා අපහාස හා සිත් රිදීම් අන් අය සමග සාකච්ඡා කොට ඔවුන්ගේ විනිශ්චය පිළිබඳව කතිකාවක් අන්තර් ජාලය තුළින් ගොඩ නැගීමයි.” මේ පිළිබඳව අදහස් දැක්වීමට චදඪබර ජ්චඪපඵ තුළින් ජනතාවට අවස්ථාව උදාකර ඇති බවත්් ඇය පවසනවා.
ඇමෙරිකාවේ ජනප්‍රිය චරිතයක් වූ ජෝන් කෙනඩි ජනපතිද මර්ලියන් මොන්රෝ  සමග තිබූ සම්බන්ධය නිසා ලෝක ප්‍රසිද්ධ වුණා. මෑත කාලීනව ඇමෙරිකානු ජනපති වන බරක් ඔබාමාද බියෝන්සේ සමග ඇතිකර ගෙන තිබූ අනියම් ඇසුර නිසා ඔහුගේ කීර්ති නාමයට යම් තරමින් හෝ පලුද්දක් සිදුවූ බව එරට මාධ්‍ය හෙළි කර තිබුණා. මොනිකාට මෙතරම් විශාල  අපකීර්තියක් සිදුවීමට බලපෑ ප්‍රධානතම හේතුව වශයෙන් පැවසිය හැක්කේ ඇය තෝරාගත් නිර්නායකයේ තිබූ විශාල වැරද්දකුයි. එනම් මොනිකා සිය පෞද්ගලික සම්බන්ධය පිළිබඳව පැවසූ ඹ්ඪදඤච ඊපඪනන ඇයගේ අනියම් සම්බන්ධය ලොව පුරා ප්‍රචාරය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණා. මොනිකා වක්කඩේ හකුරු හැංගීමට ගොස් අමාරුවේ වැටුණ බවයි බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙන්නේ. මොනිකා කරන ලද දෙවන වැරැද්ද ලෙස මාධ්‍ය පවසන්නේ ඇය නිතරම සෙනග ගැවසෙන තැන්වල ජනාධිපතිවරයාට ඉතා සමීපව සිටීමට දරන ලද උත්සාහයයි.

ශිරෝනි ග්‍රේරෝ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive