facebook like

කුරුණෑගලදී පොලිස් නිලධාරියා ඝාතනය අනියම් පෙමක් නිසා..?

පසුගියදා කුරුණෑගල පොලීසියේ රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දිවි බේරාගෙන සිටින කොස්තාපල්වරයාගේ අනියම් පෙම් සබදතාවක් හේතු වී ඇත්දැයි යන්න පරීක්ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම් සොයා බලමින් සිටී.

එම සිද්ධියෙන් ප‍්‍රතිකාර ලබමින් සිටින පොලිස් කොස්තාපල්වරයා විසින් ලබාදී තිබූ ප‍්‍රකාශයෙහි විස්තර එකිනෙකට නොගැළපීම හේතුවෙන්
ඔහුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමෙන් මෙම කරුණු අනාවරණය වී ඇත.

ආරක්ෂක අංශ සාමාජිකයෙකු අදාල ඝාතනයට සම්බන්ධ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙන අතර, එම පුද්ගලයාගේ බිරිද සමග දිවි බේරාගත් කොස්තාපල්වරයාගේ අනියම් සබදතාවක් තිබුණාද යන්න පිළිබදව මේ වනවිට විමර්ශනය කෙරෙමින් තිබේ.

සිද්ධියට මුහුණ දුන් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පෙර හැදුනුම්කමකට අනුව දෙදෙනාගේම ඝාතකයන්ගේ ආරාධනාවකට අනුව සැකයක් නොසිතා වෑන් රියට ගොඩවන්නට ඇති බවද, ඉන්පසුව මෙවැනි ආකාරයේ සිද්ධියකට මුහුණපෑමට සිදුවනු ඇතැයි දෙදෙනාම නොසිතන්නට ඇති බවද එම පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කළේය.

ඝාතකයා සමග පොරබදා ජීවිතය බේරාගත් බව දිවි ගලවාගත් කොස්තාපල්වරයාගේ ප‍්‍රකාශකයෙහි සදහන් වුවද, ඔවුන් දෙදෙනාම මෙවැනි ආකාරයට පැහැර ගැනීමට සිදුවූ අවස්ථාවේදීම පොරබදා බේරීමට හොදින් අවස්ථාව තිබූ බවද පෙන්වා දෙන එම නිලධාරියා, එවැනි දෙයක් සිදු නොවීමෙන්ම පැහැදිලි වන්නේ ඔවුන් පැහැරගැනීමට ලක්ව නොමැති බවද පැවසීය.

මේ අතර සිද්ධියට සැක කරන ආරක්ෂක අංශ සමාජිකයන් ඇතුළු සිවු දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ දින අත් අඩංගුවට ගනු ලැබ ඇත. ගුවන් හමුදා භටයකු, යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඒ අතර සිටී.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive