facebook like

ඩොලර් මිලියනයකට ඇමෙරිකාවේ ගෙයක් හොයන ඇමැති?

මේ දිනවල ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක යෙදෙන ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු එහි සිට සිදු කරන අපූරු වැඩක් පිළිබඳ මේ වන විට ආණ්ඩුව වෙත තොරතුරු වාර්තා වෙමින් තිබේ. සාමාන්‍යයෙන් මේ කැබිනට් ඇමැතිවරයා ගිය ගිය තැන කුමක් හෝ කර සියල්ලන්ගේම අවධානය දිනා ගැනීමට සමත් ඇමැතිවරයකු වීම නිසා ආණ්ඩුවද පසුගිය සතියේ මෙම ඇමැතිවරයා සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පුදුමයට පත්ව ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂාවෙන් සිටීමට වග බලාගෙන තිබිණ. ආණ්ඩුව පුදුම
කළ ඒ කාරණය වූයේ අන්කිසිවක්
නොව ගමෙන් පැමිණියා යැයි කියන මේ ඇමැතිවරයා ඇමෙරිකාවෙන් ඩොලර් මිලියනයක නිවෙසක් මිලට ගැනීමට කටයුතු කරමින් සිටීමය.
මේ ආකාරයට ඇමෙරිකාවෙන් නිවෙසක් ගැනීමට කටයුතු කරන ඇමැතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණේ ගෙවල් ගැනීමට යන බවක් කියා නම් නොවේ. ඇමැතිවරයා එසේ ගොස් තිබුණේ මේ වන විට තුවාල වී ඇති සිය පාදයකට බෙහෙත් ගැනීමට යන බවක් ආණ්ඩුවේ ඉහළ තැන්වලට දැනුම් දෙමිනි.
කෙසේ වෙතත් ඇමෙරිකාව හා මේ ඇමැතිවරයා අතර පවතින ඇයිහො¼දැයිය ගැන ආණ්ඩුවට ඉව වැටී තිබුණේ අද ඊයේ නම් නොවේ. මීට මාස කිහිපයකට කලින් සිටය. එහිදී ආණ්ඩුවට තොරතුරු වාර්තා වී තිබුණේ මේ කැබිනට් ඇමැතිවරයා කාටත් හොරෙන්ම ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල වෙත රිංගනවා යැයි කියාය. එසේ රිංගා ඇමෙරිකානු තානාපති නිලධාරීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වනවා යැයි කියාය. ආණ්ඩුවේ කාටත් හොරෙන් මේ කැබිනට් ඇමැතිවරයා ඇමෙරිකානු තානාපති කාර්යාලයට රිංගා රහස් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කර තිබුණද එය තවදුරටත් රහසක් වශයෙන් තබා ගැනීමට ඇමැතිවරයාට නොහැකි වූයේ ඒ සැණින් එම හමුව පිළිබද සියලු තොරතුරු ආණ්ඩුවේ ඉහළ තැන්වලට ආරංචි වීම නිසාය. ඒ අනුව ආණ්ඩුවේ ඉහළ තැන් මෙම ඇමැතිවරයා ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් පිටතට පැමිණීමත් සමඟ ඔහුගේ ජංගම දුරකතනයට කතා කොට හමුවේ විස්තර විමසා සිටි බවක්ද ඒ අවස්ථාවේ මාධ්‍ය වාර්තා කොට තිබිණ.
කෙසේ වෙතත් දැන් දැන් එළියට එන තොරතුරුවලින් කියැවෙන්නේ මෙම ඇමැතිවරයා එසේ නිතර නිතර ඇමෙරිකානු තානාපති කාර්යාලයට රිංගා ඇත්තේ මේ ආකාරයට ඇමෙරිකාවෙන් නිවෙසක් මිලදී ගැනීමේ කටයුත්ත පිළිබඳ සාකච්ඡා කිරීමට විය හැකි බවටය. එම තොරතුරු සත්‍යයක් බවද හෙළිදරව් වන්නේ අදාළ ඇමැතිවරයා මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඩොලර් මිලියනයකට නිවෙසක් මිලදී ගැනීමට කටයුතු කරන බවට වූ පුවතත් සමඟ සන්සන්දනය කරද්දීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive