ජනාධිපතිතුමා නිසි වේලාව බලා පළා බබා විසින් දණගැස්වූ ටීචර්ට ටෙලිෆෝන් කළේය. අර යකා දෙකේ හතරේ පොල්ලකුත් උලූක් කරගෙන දෙවතාවක් දණගැස්වූ කතාව හැමෝටම අඬ අඬා කී ටීචර් ජනාධිපතිතුමාට විතරක් ඒ සිද්ධිය මාර සතුටකින් යුතුව කියන්න ගත්තාය. ජනාධිපතිතුමාත් ඉතිං ඉතිං, මයිගෝඞ්, අයිසී, එහෙමත් කළාද, නෑහ් මූ කන්න වටිනවනෙ ආදී වශයෙන් වූ ප‍්‍රතිචාර දක්වමින් ටීචර්ට වූ ඇබැද්දිය ඒටු ඉසැඞ් අහගත්තේය. ටීචරුත් එක් දහස් එක් රැයේ කුමාරි වගේ වට වංගු දදා එඩිට් කරපු සමහර ඒවා ආපහු ඉලාස්ටික් කරමින් නවගත්තේගම
ඉඳන් ජනාධිපතිතුමාට අහක දාන්න බැරි මට්ටමේ කතාවක් කීවාය. එතුමිය සතුටින් වගේ සිද්ධිය විස්තර කරන අන්දම අසා මඳක් පුදුමයට පත්වූ ජනාධිපතිතුමා ඇයි මිස් දණගස්වපු එක ගැන දුකක් දැනෙන් නැද්ද කියා ඇසුවේය. ටීචර් කීවේ දුකයි ඒත් දැන් ඉතිං සතුටුයි කියාය. ජනාධිපතිතුමා එකපාරටම ටිකක් සැරෙන් කීවේ ඔය මිනිහව මං පක්ෂෙන් අස්කරනවා කියාය. එවර ටීචර් ජනාධිපතිතුමා විස්මයට පත්කරවමින් කීවේ අනේ සර් එහෙමම කරන්න එපා ඔය වගේ නසරානියෙකුත් හිටිය හින්දනෙ ඔබතුමා වුණත් අද මට මෙහෙම ෆෝන් කළේ කියාය. ඔබතුමිය දවසක අරලියගහ මන්දිරයට එන්න කියා ජනාධිපතිතුමා ටීචර්ට ආරාධනයක් කරන්නටද අමතක නොකළේය. ටීචර් හිනාවෙවී කම්මුලේ අත ගසාගෙන කීවේ අනෙ අප්පේ කොහොම එන්නද ඔය ඩොටේ, මං පාර දන්නෙත් නැහැ කියාය. ජනාධිපතිතුමා ඒ පාර කීවේ හරි එහෙමනං ඉතිං මං නවගත්තේගම එන්නංකෝ කියාය. ටීචර් ඒ වතාවේ නම් හොඳටම බියපත්ව කීවේ අනේ සර් ඒකනං කරන්න හිතන්නවත් එපා මෙහේ අඩියෙන් අඩියට ඌරන්ට කඳන් තුවක්කු බැඳලයි තියෙන්නේ කියාය. මං ඕවට බය නැහැ කී ජනාධිපතිතුමාට ටීචර් කීවේ අපොයි සර් කඳන් තුවක්කුවක් පත්තුවුණොත් එහෙම ඉනෙන් පහළ සදාසොත්ති නවගත්තේගම, කළුවරගස්වැව කකුල් නැති එවුන් කොච්චර නම් ඉන්නවද කියාය. ඒ කතාවට ටිකක් සරෙන්ඩර් වූ ජනාධිපතිතුමා මඳක් කල්පනා කරමින් සිට කීවේ අර පළා බබා ඔබතුමියගෙන් සමාව ගන්න එන දවසට ඉඳිකඩ ළඟ කඳන් තුවක්කුවක් බැඳලා තිබ්බොත් නරකද කියාය. ඊට හිකි හිකි ගෑ එතුමියගෙන් ජනාධිපතිතුමා ඇසුවේ ඇත්තටම කොහොමද මිස් කඳන් තුවක්කුවක් බඳින්නේ කියාය. ටීචර් මනෝමෙන් දෙකේ පන්තියේ ළමයින්ගේ පන්ති කාමරයට ගොස් උගන්වන්නට හරිබරි ගැසුණාය. පළමුව අඟලක පමණ විෂ්කම්භය ඇති අඩි දෙකක් පමණ දිග යකඩ බටයක් සපයා ගන්න කී ටීචර් ඊට වෙඩි බෙහෙත් කොටා පත්ත බැඳ නිපුල මත ගිනිකූරු කාන්දම රඳවා සතාගේ උසට කඳ සවිකර මරුවැල ඇදීම දක්වා ටීචර් ජනාධිපතිතුමාට පාඩමක් පරිද්දෙන් කඳන් බඳින හැටි කියා දුන්නාය. ජනාධිපතිතුමා අකුරක් නෑර ඒ සියල්ල කොළ කැබැල්ලක ලියා ගත්තේය. කඳන් ගැන නිකම් දැනගන්න අහනවාට වඩා දෙයක් මෙතන ඇතැ’යි සැක කළ ටීචර් මොකද ඔබතුමා කඳන් තුවක්කු ගැන ඔයාකාර උනන්දු කියා ඇසූවිට ජනාධිපතිතුමා කීවේ ආණ්ඩුව ඇතුළෙම ඉඳන් ආණ්ඩුව ගෙනියන්න දෙන්නැතුව ලෙඩ අදින තුන්හතර දෙනෙක් ඉන්නවා උන්ට බඳින්න කියාය.
ටීචර් ඊළඟට හරිබරි ගැසී කීවේ මාර කතාවකි. ඇය ජනාධිපතිතුමාගෙන් ඇසුවේ පළාත් සභා මන්ත‍්‍රී මාව දණගස්සපු එක දහතුන්වැනි සංශෝධනයේ ප‍්‍රශ්නයක්, ඒ නිසා ඒක අහෝසි කරන්නම ඕනෙ කියලා වීරවංශ ඇමතිතුමා තාම ප‍්‍රකාශයක් කළේ නැද්ද කියාය. ඒ සමගම ජනාධිපතිතුමා අර කොළ කැබැල්ලේ යමක් සටහන් කරගත්තේය. අනතුරුව ඩබල් එකේම ළඟ සිටි කාට හෝ කීවේ ‘ඔය මිනිහා වහාම අස්කරලා දානවා’ කියාය. වීරවංශද සර් අස්කරන්න හදන්නෙ කියා කලබලෙන් ඇසූ ටීචර්ට ජනාධිපතිතුමා කීවේ නෑ නෑ ටීචර්ට හිරිහැර කරපු පළාත් සභාකාරයා කියාය. අනතුරුව ටීචර් කීවේ සර් මගේ සිද්ධියෙන් පස්සෙත් අනුරාධපුරේ ප්‍රොවින්සියල් කවුන්සිල් මන්ත‍්‍රී කෙනෙක්ගේ පුතෙක් ඉස්කෝලෙදි ප‍්‍රින්සිපල්ට ගහන්න ගිහිං මන්ත‍්‍රී ඇවිත් පුතා ලව්වා ටීචර්ස්ලාට වන්දෝලා සමාව අරං ආරංචිද කියාය. ජනාධිපතිතුමා කීවේ බැරිවෙලාවත් නවගත්තේගමදි වගේ සිද්ධියක් එතනත් වුණා නම් ප‍්‍රාදේශීය සභා තාත්තා උල තියන බව මිනිහා සැණින් අවබෝධ කරගත් එක කාගෙත් හොඳට ගියා කියාය. ප‍්‍රාදේශීය දේශපාලකයො කරන මැර වැඩවලට දඬුවම් කරන්න ඔබතුමා ගත් තීරණය හරිම විශිෂ්ටයි කී ටීචර් ඉල්ලා සිටියේ අවුරුදු පාටියේදී සුද්දෙක් මරලා, සුද්දිට කරදර කරලා ස්විමිං පූල් එකට දාපු තංගල්ලෙ සභාපතිට විරුද්ධවත් ඔහොම්මම ඇක්ෂන් එකක් ගන්න කියාය. නවගත්තේගම නවෝද්‍යා පාසලක ටීචර් කෙනකුම ඒක කියනකම් මෙච්චර කල් බලා සිටියා සේ ජනාධිපතිතුමා කීවේ හා මිස් කරන්නම් කියාය. ටීචර් වැඩිදුරටත් කීවේ මැරුම්කාපු සුද්දා පදිංචි ගමේ මන්ත‍්‍රී දවසක් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ස්පීච් එකකදීත් ඔය සිද්ධිය විවේචනය කළා කියාය. මොකක්ද මිනිහා කිව්වේ කියා ඇසූ ජනාධිපතිතුමාට ටීචර් කීවේ තංගල්ලෙ ලෝකල් ගවර්න්මන්ට් චෙයාමන් ලංකාවෙ ප‍්‍රසිඩන්ට්ගෙ හිතවතෙක් නිසා මේ මර්ඩර් කේස් එක ගැන නෝ ඇක්ෂන් කියලා මිනිහා කිව්වා කියාය. අප්පට සිරි ඒ යකා එහෙම කිව්වද? ටීචර් කොහොමද දන්නේ කියා ඇසූ ජනාධිපතිතුමාට ටීචර් කීවේ ඇයි වෙබ්වල ඕක ගියේ ඔබතුමා දැක්කේ නැද්ද කියාය. ගොසිප් එකේ නිළියන්ගෙ හුටපට මිසක් ඕක දාලා තිබුණෙ නැහැනෙ කී ජනාධිපතිතුමාට ටීචර් කීවේ සර් අර ගෑනු සීයක් රේප් කරලා පාටියක් දාපු අකුරැුස්සේ සාරුවා සුනිල්ටත් අපේ ආනන්ද සරත් කුමාරට වගේ හොඳ දඬුවමක් දෙන්නකෝ කියාය. ඒකටත් ජනාධිපතිතුමා කීවේ හා දෙන්නම් මිස් කියාය. අනේ සර් ඒ කාන්තාවො සීයටත් මට වගේම සාධාරණයක් කරන්න කී ටීචර්ට ජනාධිපතිතුමා දස අතේ කල්පනා කරමින් සිට කීවේ මේකනෙ මිස් වැඬේ අකුරැුස්සෙ හාදයා පැහැරගෙන තියෙන්නෙ මට තියා සක්කරයාටවත් දෙන්න බැරි දෙයක්නෙ කියාය. ඉන් මඳක් ලැජ්ජාවට පත්වූ ටීචර් කීවේ ඔබතුමා කිසිම දෙයක් නැහැ බැහැ නොකියන එක අපේ වාසනාවක් කියාය. ඒ සමගම යමක් මතක් වී ඇසුවේ හැබැයි සර් පළා බබා ඉස්කෝලෙ සිද්ධිය ටිකක් අමතක වෙනකං ඉඳලා ඇවිත් සර් ගාව දෙපාරක් විතර දණ ගහලා ආයෙ රස්සාව ඉල්ලූවොත් මොකද කරන්නේ කියාය. ජනාධිපතිතුමා කීවේ මම නම් කිසිම සමාවක් දෙන්නැහැ, ඒත් පක්ෂයේ මහ ලේකම් වගේ ටොප් ලෙවල් කෙනෙක් මොන වගේ තීරණයක් ගනියිද දන්නැහැ කියාය. ටීචර් ඇසුවේ පොලිටීෂියන්ලගෙ ළමයිනුත් තාත්තලගෙ බලය අතට අරන් හැසිරෙන එක නරක වැඩක්. ඒ වගේ අවස්ථාවලදි මොකද කරන්නේ කියාය. පුතාලගෙ වැරදි වැඩවලදි තරාතිරම නොබලා තාත්තලට හරි කඳන් තුවක්කුවක් පත්තු කරන්න ඕනෙ කී ජනාධිපතිතුමා ටීචර්ට සමුදුන්නේ තව හදිසි ගමනක් යන්න තියන නිසාය.
එතුමා ගිය ගමන් ගේ අතුගාන එකා කොස්සකුත් අරන් කාමරයට ආවේය. මේසය පිස දමා අතුගාන විට කොළ කැබැල්ලක් අතුගෑවෙනවා දුටු ඌ ඒක අරන් බැලූවේය. එක පැත්තක පියවරෙන් පියවර ලියා තිබුණේ කඳන් තුවක්කුවක් සෙට්කර ගන්නා විදියයි. අනෙක් පැත්තේ තිබුණේ දන්න කියන පිරිසකගේ නම් ලිස්ට් එකකි. කඳ පත්තු කළයුතු අය හා ඊට හේතු යනුවෙන් නම් ලිස්ට් එකට උඩින් මාතෘකාවක්ද දමා තිබුණි. වීරවංශ ( ඕනෑවටත් වඩා හේතු ඇත.), අරුන්දික (යටපත්ව තිබුණු වාත කේස් එකක් යළි පත්තු කිරීම), ඩිව් (අස්සයා පැන යනතුරු බලා සිට ඉස්තාලය වැසීමට ට‍්‍රයි කිරීම), සෝමරත්න දිසානායක (සිරිපැරකුම් පිටපත් 55 හුට්ටප්පරය), සාමාන්‍යයෙන් කඳන්පත්තු කරන්නේ ඌරන්ට බැවින් අතුගාන එකා මේ නම් ලිස්ට් එක බලා මහත් වික්ෂිප්තභාවයට පත්විය.
June 23, 2013 - Ravaya විමලනාත් වීරරත්න

0 comments:
Post a Comment