අනිවාර්යයෙන්ම මම අඳින්න කැමැතිම ඇඳුම ඇඟට පහසුම ඇඳුමක් වෙන්න ඕන. ඒ නිසා වැඩිපුරම අඳින්න කැමැති කපු රෙද්දෙන් කරපු සරමක් සහ සිනිඳු රෙද්දකින් කරපු ටී ෂර්ට් එකක් තමයි. ගොඩක් ආසියානු රටවල මිනිස්සු හරිම බරපතළ කාඩ්බෝඩ් වගේ ගෝනි වගේ ඇඳුම් ඇඳගෙන දාඩිය පෙරාගෙන ඉන්නවා. මට නම් ඒ වගේ බෑ. මම ගෙදරට ඉන්නෙත් සරමක් බැනියමක් ඇඳගෙන. පාටිවලට යද්දි නම් කලිසම් ටීෂර්ට් අඳිනවා. හැබැයි පාටිය ඉවරවෙලා යද්දි මඟදි වාහනේ
නවත්තලා ආයේ පුළුවන් නම් සරමට බහිනවා. විලාසිතා විදියට අඳිනවා නම් ඉතින් ඩෙක්ෂූස් දාලා, ඩෙනිමට ටීෂර්ට් අඳිනවා.
හැබැයි මේ කැමැතිම විදියට පාර්ලිමේන්තුවේදී අඳින්න බෑනේ. එතකොට ජාතික ඇඳුම හරි ෆුල් සූට් හරි අඳින්න වෙනවා. මම ඔය දෙකම අඳිනවා. පාර්ලිමේන්තු අයවැය විවාදයක් හරි වැදගත් ඡන්ද විමසීමක් හරි තියෙනවා නම් මම ජාතික ඇඳුම විතරක් ඇඳගෙන යන්නේ නෑ. ඕනම ෆයිට් එකකට හොඳට සූදානම් වෙලා යන්නේ. ඉතින් බෝල් ගාඩ්, නී ගාඩ්, ඇන්කල් ගාඩ්...... මේ ඔක්කොම දාගෙන තමයි යන්න වෙන්නේ. ක්‍රිකටර් කෙනෙක් වගේ උපරිම ආරක්ෂා සහිත ඇඳුමක් ඇඳගෙන යනවා. එදාට ජාතික ඇඳුම ඇඳන් යන්නේ නෑ.

0 comments:
Post a Comment