facebook like

ෆේස්බුක් හරහා ළමුන් අපයෝජනයට පෙළඹුණුු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කොටු වූ සැටි

සමාජයේ වැදගතුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් රැසක් කාම අපරාධකරුවන් ලෙස අත්අඩංගුවට
ෆේස් බුක් ඇතුළු විවිධාකාර සමාජ ජාල වබේ අඩවි තුළ සැඟවී බාලවයස්කාර දරු දැරියන්් බිලිගන්නා කාම අපරාධකරුවන් කොටුකර ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දියත් කළ ‘සයිබර් වොච්’ මෙහෙයුම  ළමා අපයෝජකයන්ට එරෙහිව  මෙරට දියත් කළ  සාර්ථකම අන්තර්ජාල මෙහෙයුම බවට මේ වන විට පත්ව තිබේ.  මාසයකටත් අඩු කෙටි කාලයක්
තුළ එකී මෙහෙයුමට අන්තර්ජාල ළමා අපයෝජකයන් සිව් දෙනෙකුම කොටුවී තිබිම විශේෂත්වයකි. එම ළමා අපයෝජකයන්ද එසේ මෙසේ අය නොව, සමාජයේ වැදගතුන් ලෙස පෙනී සිටින්නන්ය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ උපදෙසින් ක්‍රියාත්මක ‘සයිබර් වොච්’ මෙහෙයුම් කටයුතු සිදුවන්නේ ජාතික ළමා ආරක්ෂක ‍පොලිස් ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක බන්දුජීව බෝපිටිගොඩ මහතාගේ මෙහෙයැවීම මතය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පළමු සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය  හරේන්ද්‍ර සිල්වා මහතාගේ අදහසකට අනුව පටන් ගැනුණු ‘සයිබර් වොච්’ මෙහෙයුමට මුලින්ම ළමා අපයෝජකයෙකු කොටුවන්නේ  2002 අගෝස්තු 11 වෙනිදාය. එම කාම අපරාධකරු කැලණිය විශ්වවිද්‍යාලයේ එකල සේවයේ නිරතව සිටි කථීකාචාර්යවරයෙකි. කෙසේ වෙතත්, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතාගේ  සේවා කාලය අවසන්ව ඔහු ඉවත් වීමත්  සමග ‘සයිබර් වොච්’ මෙහෙයුම ද අක්‍රිය විය.
එතැන් සිට දීර්ඝ කාලයක් තිස්සේ  අක්‍රියව පැවැති සයිබර් වොච් මෙහෙයුම නැවත පණගන්වන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වත්මන් සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය වගබලා ගන්නේ මහත් ආන්දෝලනයට තුඩුදුන්, කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ ඉගෙනුම ලැබූූ වෙනූෂා ශිෂ්‍යාවගේ මරණයත් සමගය. ඇගේ මරණය හා අන්තර් ජාල කාම අපරාධකරුවන් අතර සම්බන්ධයක් නැතත් අන්තර්ජාලයේ විවිධ වෙස් ගෙන සැරිසරන ළමා අපයෝජකයන් සොයා සයිබර් වොච් මෙහෙයුම පණ ගන්වන්නට අදහස මතුවන්නේ   ඇගේ මරණයට ෆේස්බුක් සමාජ ජාල වබේ අඩවියේ යම් සම්බන්ධයක් තිබුණූ බැවිනි. ඒ අනුව නැවත පණ ගැන්වුණු සයිබර් වොච් මෙහෙයුමට මුලින්ම කොටුවන්නේ කුරුණෑගල පැත්තේ අර්ධ රාජ්‍ය ‍පොල්වතුයායක සහකාර වතු පාලකවරයෙකි. විසිඅට වියැති ඔහු අවිවාහකයෙකි. කොළඹ පැත්තේ අයෙකි. වැදගත් පවුලක දරුවෙකි. ඉහළ අධ්‍යාපනයක්ද ලැබූවෙකි.
සයිබර් වොච් මෙහෙයුමට එම අන්තර්ජාල ළමා අපයෝජකයා කොටුවන්නේ ඉකුත් අප්‍රේල් මුලදීය. ඊට සතියකට පමණ පසු තවත් අන්තර් ජාල ළමා
අපයෝජකයෙකු සයිබර් වොච් මෙහෙයුමට කොටුවිය. ඒ පුද්ගලයා මීරිගම පැත්තේ අයෙකි. මෙරට නමගිය සංචාරක ප්‍රවාහන සමාගමක පරිගණක අංශයේ ප්‍රධානියෙකු ලෙස සේවයේ නිරතව සිටි ඒ පුද්ගලයාද අවිවාහක අයෙකි. ඔහු හතළිස් වියැතිය. ප්‍රති විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණයක් නැති මේ දෙදෙනාම විවාහ වී නැත්තේද එබැවිනි. ඒ අය කරන්නේ  ෆේස්බුක්  සමාජ ජාල වබේ අඩවිය ඔස්සේ තමන්ට ගැළපෙන බාල වයස්කාර පිරිමි දරුවන් සොයා යාමය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ‘සයිබර් වොච්’ මෙහෙයුම්කරුවන් එහිදී මේ අය කොටු කරගන්නේ බාල වයස්කාර පිරිමි දරුවන් ලෙස රඟපාමින් ඒ අය සමග අන්තර්ජාලයෙන් අදහස් හුවමාරුකර ගනිමිනි.
එහිදී මේ කාම අපරාධකරුවන් තමන් අදහස් හුවමාරු කරගන්නේ  බාලවයස්කරුවන් සමග නොව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සයිබර් වොච් මෙහෙයුමේ නිරත නිලධාරීන් සමග බව දැන සිටියේ නැත. ඒ නිසාම ඒ අය විවිධාකාර නිරුවත් ඡායාරූප පවා නිලධාරීන් වෙත එවූහ.  ඒවා බොහොමයක්  සමලිංගික ක්‍රියා ඇතුළත් ජායාරූප විය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සයිබර් වොච් මෙහෙයුමට මේ ආකාරයෙන් කොටුවන්නේ ඒ දෙදෙනා පමණක් නොවේ. වෘත්තියෙන් මිනින්දෝරුවෙකුද ඊට කොටුවිය. පානදුර පැත්තේ පදිංචිකරුවෙකු වන ඔහු තිස් නව වියැතිය. විවාහකය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොටුවීමෙන් පසු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේදී ඔහු ඒ ගැන පවසන්නේ අපූරු කතාවකි. එනම් තමන් බිරිඳට ඇති ආදරය හේතුවෙන්් වෙනත් කාන්තාවන් ඇසුරු නොකර පිරිමින් පමණක් ඇසුරු කරන බවය. තමන් ඒ සඳහා පුද්ගලයන් සොයා ගන්නේ අන්තර්ජාලයෙන් බවද ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති කාරණාවකි. ඒ පුද්ගලයාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ ඉකුත් සතියේදීය.
ඊට පසුදින සයිබර් වොච් මෙහෙයුමට කොටුවන්නේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශකයෙකි. ඔහු මෙරට විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අයකු වීමද විශේෂත්වයකි. පනස් පස්වියැති මෙම පුද්ගලයාද විවාහකයෙකි.
සයිබර් වොච් මෙහෙයුමට අප්‍රේල් මාසය තුළ පමණක් කොටුවූ මේ පුද්ගලයා ඇතුළු සිව් දෙනාම  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට කොටුවන්නේ තම ලිංගික අවශ්‍යතා සපුරාගැනීම සඳහා බාලවයස්කාර දරුවන් හමුවීමට යම් තැනකට පැමිණ සිටියදීය. ඒ වෙන කොතනකටවත් නොව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙනෙන නොපෙනෙන තැනකටය.  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සයිබර් වොච් මෙහෙයුමට තමන් කොටුවූ බව ඒ අයද දැනගන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ ‍පොලිස් ඒකකයේ නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමත් සමගිනි. ළමා ආරක්ෂක අධිකාරිය ඔවුන්ව මෙසේ කොටු කරගන්නේ එම පුද්ගලයින්ගේ අවධානය දිනාගත් දරුවකු ලෙස රඟපාමින් ඔවුන් නොමග යවා අදාළ ස්ථානයට ගෙන්වා ගනිමිනි.
ෆේස්බුක් ඇතුළු විවිධාකාර සමාජ ජාල වබේ අඩවි ඔස්සේ මෙරට බාලවයස්කාර දරුවන් බිලිගන්නට මාන බලමින් සිටින තවත් කාම අපරාධකරුවන් රොත්තක්ම පසුපස මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සයිබර් වොච් මෙහෙයුම ලුහුබඳිමින් සිටියි. ඒ අය අතරට සමාජයේ ඉහළ ස්ථරවල සිටින්නන්ද ඇතුළත් වීම විශේෂයෙන් කැපී පෙනෙයි. නුදුරේදීම ඔවුන්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ ‍පොලිස් ඒකකයේ අත්අඩංගුවට  පත්වනු ඇති බව එහි නිලධාරීන්ගේ විශ්වාසයයි.

ගයාන් කුමාර වීරසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive