facebook like

උඹ වයස 65ක කෙනෙක්........... අනේ මහත්තයෝ මම මේකිට ආසයි

මධුවන්ති කැලණිය ප්‍රදේශයේ පදිංචි විසිතුන් හැවිරිදි සුරූපී තරුණියකි. දැනට මාස දෙකක සිට ඇගේ ඇඟපත වේදනා දෙන්නට විය. ඇගේ රහස් ප්‍රදේශවල හා පපුවේ සීරීම් තුවාල සහ දත් පහරවල් ඇති වී සමහර තැන්වලින් ලේ බිඳු ගලන්නටද විය. රාත්‍රි හීනෙන් බියට පත්වී ගැස්සී ඇහැරෙන්නටද වූවාය. ඊටත් අමතරව ඇගේ පියා අසනීප වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ විට ඔහුට ලේ පිළිකාවක් (ලියුකේමියා) වැලැඳී ඇති බව අනාවරණය වී ඇත.

මෙය අමනුෂ්‍ය දෝෂයක් බව මධුවන්ති
පැහැදිලිවම දන්නා නමුත් දේවාල හෝ ඇදුරන් කෙරෙහි විශ්වාසයක් නැතිව බෞද්ධ පිළිවෙත්වලින් ප්‍රතිකාර ස්ථානයක් සොයමින් සිටියදී 'මව්බිම' පත්‍රයේ පළවන 'මළවුන්ගේ හෝරාව' විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා පියා සමඟ ගොස් ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමුවී විස්තර කීවාය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ඇය ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
'කවුද මේ ළමයාගෙ ශරීරයට ඇතුළු වී ඉන්නේ?'
'මම සෝමදාස.'
'කවුද සෝමදාස කියන්නේ?'
'මේ මධුවන්තිගෙ බාප්පා. පුංචි අම්මගෙ ස්වාමිපුරුෂයා.'
'මොනවා වෙලාද මැරුණේ?'
'පපුවෙ අමාරුවෙන්.'
'රැකියාවට මොනවද කළේ?'
'මට බාර් එකක් තිබුණා.'
'ඇයි මේ ළමයාට හිරිහැර කරන්නේ?'
අමනුෂ්‍යයා ගොරවන්නටත්, කෑ ගහන්නටත් පටන් ගත්තේය.
'උඹ කවුද මගෙන් ප්‍රශ්න කරන්න? උඹ මාත් එක්ක හැප්පෙන්න එන්න එපා. මම ජීවත්ව ඉන්දැද්දිත් දෙන්නෙක්ව මරලත් තියෙනවා. (මධුවන්තිගේ පියා පෙන්වමින්) මූවත් මරනවා. මාත් එක්ක හැප්පෙන්න ආවොත් උඹවත් මරනවා.'

'ඇයි මේ ළමයා එක්ක වෛරයෙන්?'
'මේකි රහස රැක්කේ නෑ. ඒකයි පළිගන්නේ.'
මධුවන්තිගේ ශරීරයෙන් භූතාත්මය ඉවත්කොට සෝමදාස පිළිබඳ තොරතුරු විමසුවේය.
'සෝමදාස කියන්නේ අපේ බාප්පා. පුංචි අම්මගෙ මහත්තයා. මැරෙනකොට වයස අවුරුදු හැට පහයි. ලස්සන කෙල්ලන් පෙන්නන්න බෑ. මැරිලා මාස දෙකකින් රෑට මගේ ළඟට ඇවිත් හිරිහැර කරන්න පටන් ගත්තා. මට තර්ජනය කළා මේක රහසක්, කාටවත් කියන්න එපා, කිව්වොත් තාත්තාව මරනවා කියලා. මමත් බයට කිව්වේ නෑ. ඒත් එන්න එන්න කරදර වැඩි වුණා. මම බඳින්න යාළුවෙලා හිටියා බැංකුවක මහත්තයෙක් එක්ක. එයා මෝටර් සයිකලයෙන් වැටිලා කකුල් දෙකම කැඩිලා දැන් ඉස්පිරිතාලේ. ඒකත් මෙයාගෙ වැඩක්. ඕනෑවට වඩා හිරිහැර කරනකොට මේ ගැන අම්මාටයි තාත්තාටයි මම කීවා. එදා ඉඳලා කරදර වැඩි වුණා. තාත්තා අසනීප වුණා. තාත්තාව පරීක්ෂා කරපු වෛද්‍යවරු කීවේ තාත්තාට ලියුකේමියා කියලා. දැන් මාස හතරක ඉඳලා මහරගමින් ප්‍රතිකාර ගන්නවා. මේ කරදර නිසා ඔබතුමා හොයාගෙන ආවා. මධුවන්ති කීවාය.

දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට මධුවන්ති පියා සමඟ නැවැත ආවාය. එදිනද ඇය ප්‍රලය වූවාය. සෝමදාසගේ ප්‍රාණකාරයා එදිනද කෝපාවිෂ්ටව ගවේෂකවරයාට බැනවදින්නට විය.
'අපේ වැඩවලට ඇඟිලි ගහන්න උඹ කවුද? උඹටත් මැරෙන්න ඕනෑ වෙලාද?' ප්‍රේත ජීවියා ඇසීය.
'උඹ ඔය තරම් බලවතෙක්ද චණ්ඩියෙක්ද?'
'ඔව්. උඹ මගේ අතින් විනාශ වෙන්නයි හදන්නේ.'

'උඹ ඔය තරම් ප්‍රබලයෙක් නම් උඹට පුළුවන් දෙයක් කරපං. මගේ ශක්ති කිරණ නතර කරනවා. දැන් මමත් සාමාන්‍ය කෙනෙක්. උඹට පුළුවන් දෙයක් කරපං.' නාගොඩවිතාන මහතා කීවේය.
නාගොඩවිතාන මහතාට වඩා අඩි පහක් පමණ අෑතින් සිටි ප්‍රේතයා ආවිෂ්ට වූ මධුවන්ති දෑත් විහිදාගෙන ඒ මහතාගේ බෙල්ල මිරිකන්නට මෙන් යටිගිරියෙන් හූ කියාගෙන ඉදිරියට පැන්නේය. එහෙත් ඒ මහතාට ළං විය නොහැකිව ඔහු ඉදිරිපිට හතර ගාතෙන් වැටුණේය.
'අනේ මට සමාවෙන්න මහත්තයෝ, ඔබතුමා උත්තමයෙක්.'
'කට තිබුණට පුරසාරම් ‍ෙදාඩවන්න එපා. උඹ ඔය අසරණව වැටුණේ මගේ ශක්තියක් ඉදිරියේ නෙවෙයි. ධර්ම ශක්තිය ඉදිරියේ, යෝග භාවනා ශක්තිය ඉදිරියේ. අන්න ඒ ටික මතක තියාගනින්. තෝ ප්‍රේතයෙක්. මහා පව්කාර ප්‍රේතයෙක්. ජීවත්ව ඉන්දෙද්දි කළ ජරා වැඩ, අකුසල කර්ම මදිවාට තෝ දැනුත් අහිංසකයන්ට හිරිහැර කර පව් පුරවා ගන්නවා.

'අනේ සමාවෙන්න. මම ආයෙත් හිරිහැර කරන්නේ නෑ.'
'උඹ ඔය කියන්නෙත් බොරු. උඹ මාවත් රවටන්නද හදන්නේ? මැරුණා නම් පල තොගේ සොහොනකට. තොටත් මේ වගේම ළමයි දෙන්නෙක් ඉන්නවා නේද? මතක තියාගනින් උඹ වයස අවුරුදු හැට පහක කෙනෙක්.'
'අනේ මහත්තයෝ මම මේකිට ආසයි.'
'මම උඹට තව එකම එක සතියක් කල් දෙනවා. උඹ ඉවත් වෙලා නොගියොත් උඹට අවුරුදු කෝටි ගණනක් ගොඩ එන්න බැරුව දුක් විඳින්නයි වෙන්නේ.' එසේ කියූ ගවේෂකවරයා තවත් සතියක් බෝධි පූජා පවත්වා එන්නැයි රෝගියාට නියම කළේය.
එදින පටන් මධුවන්තිගේ තත්ත්වය තවත් බරපතළ විය. හීනෙන් බිය ගන්වා උඹවත් මරනවායි මියගිය බාප්පා පැමිණ තර්ජනය කරන්නට විය.
ඇය නිවෙසේ සිට හූ කියාගෙන පැන දුවන බවත් ඉතාම අමාරුවෙන් අල්ලාගෙන එන බවත් නිවැසියෝ නාගොඩවිතාන මහතාට දුරකතනයෙන් දැනුම් දුන්හ.
වහාම ඇය අල්ලා අත්පා බැඳ හෝ රැගෙන එන්නැයි නාගොඩවිතාන මහතා ඔවුන්ට උපදෙස් දුන්නේය. මධුවන්ති අල්ලා අත් පා බැඳ හූ කියද්දීම රැගෙන ආවේය. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අත් පා ලිහා දිෂ්ටි ගැන්වීය.
සෝමදාසගේ භූතාත්මය ශක්ති කිරණ අල්ලා පිච්චුවේය. 'එපා එපා' යි කෑ ගසද්දීම පිච්චුවේය. මිනිසුන්ගේ ජීවිත හානි කිරීම උඹට සෙල්ලමක් වුණත් තවදුරටත් ඊට ඉඩ දෙන්නට බැහැ යැයි කී
ගවේෂකවරයා දිගින් දිගටම දවාලීය.
මේ ප්‍රේතයා පාපී මනසකින් කටයුතු කළත් ඔහුගේ විඤ්ඤාණ ශක්තිය ප්‍රබල බැවින් මෙසේ කටයුතු කරන හැකියාවක් ඔහුට ඇති නිසා ඒ ශක්තිය හීන වන තුරුම විනාඩි දහයක් පමණ එක දිගටම පිච්චුවේය. ඔහුගේ ශක්තිය අන්තයටම හීන කොට දුර්වල කොට මලකට සම්බන්ධකොට සොහොනකට ගිහින් දමන්නැයි ඔවුන්ට දුන්නේය.
මධුවන්තිටත්, ඇගේ පියාටත්, නිවෙසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා දැම්මේය. මාසයක් ඇතුළත මියයන්නට සිටි පියාගේ ලේ පිළිකාව සුවපත් විය. දෙකකුල් කැඩී තුවාල සහිතව රෝහල් ගතව සිටි පෙම්වතාද සුවපත්ව ඇත.

මහින්ද විජේතිලක

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive