වෙසක් පෝ දා උදෑසන ජනාධිපතිවරයාට විවෘත කිරීම් රැසකට එක්වීමට සිදුව තිබුණි. මේ විවෘත කිරීම් සියල්ලම දන්සල් විවෘත කිරීම්ය. අරලිගහ මන්දිරයේ සිට දන්සල් විවෘත කිරීමට ජනාධිපතිවරයා ගියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සමගය. ඔවුන් පළමුව ගියේ මැනිං වෙළෙඳපොළේ තිබූ බත් දන්සල විවෘත කිරීමටය. ඒ.එච්.එම්. ෆවුසි ඇමැතිවරයා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පළාත් සභා මන්ත්‍රීවරිය සමග තවත් අයෙක් එහි සිටියහ. ඔහු එක්සත්
ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහය.
සුජීව දුටු ජනාධිපතිවරයා ඔහු තමන් ළගට කැඳවාගත්තේ ඔහුගේ අතින් අල්ලා ගනිමිනි.
“බලාගෙන මල්ලී... ජනාධිපතිතුමා ඔයාගේ අත අල්ලාගෙන කතා කරනවා කියන්නේ ඔයාට ලොකු ආකර්ෂණයක් ඇතිවෙනවා. ඔයා අනිවාර්යෙන්ම කාන්දමක් වගේ ආණ්ඩුව පැත්තට ඇදිලා එන්නත් පුළුවන්”ජොන්ස්ටන් කීවේය.
“ඒක තමයි මටත් තියෙන බය”සුජීව කීවේ සිනාසෙමිනි.
දන්සල විවෘත කළ ජනාධිපතිවරයාට දන්සලෙන් බත් කටක් කන්නැයි ආරාධනාවක් ලැබුණි. එහි තිබූ එළවළු දෙස බැලූ ජනාධිපතිවරයා දුටුවේ තිබෙන ආහාර සියල්ලක්ම පාහේ තෙල් සහිත ආහාර බවය.
“මම දන්සලකින් බත් ටිකක් කන්න ආසාවේ හිටියේ. ඒත් මේකේ තෙල් ටිකක් වැඩියි වගේ. දැන් මම ටිකක් කෑම ගැන හිතනවා. ඒක නිසා මම බත් කන අයට බත් බෙදන්නම්”කියූ ජනාධිපතිවරය බත් හැන්ද අතට ගත්තේය. බත් බෙදීමට බලා සිටි ජනාධිපතිවරයාගේ ඇස ගැටුනේ ඒ අසල සිටි හිරුණිකාය.
“පිඟානක් අරගෙන කෑම ගන්න. මම බත් බෙදනවා”ජනාධිපතිවරයා හිරුණිකාට කීවේය.
“අනේ ජනාධිපතිතුමා, මම දන්සල් පෝලිමකට ගිහින් ආවේ. ඒ හැම තැනින්ම මම ටික ටික කෑවා. ඒක නිසා දැන් නම් කන්න බැහැ”හිරුණිකා කීවාය.
ඉන්පසුව දන්සලේ සංවිධායකයෝ පැමිණ ජනාධිපතිවරයා සමග එක්ව ඡායාරූප ගත්හ. මේ ඡායාරූප ගන්නා විට සැඟව සිටීමට සුජීව සේනසිංහ උත්සාහ ගත්තේය.
“මොකද සුජීව හැංගෙන්න හදන්නේ. මම හිටියාට කමක් නැහැ. මම ඉන්න තැනට ඇවිත් පිංතූරෙට ඉන්න” ජනාධිපතිවරයා සුජීව කැඳවාගනිමින් කීවේය.

0 comments:
Post a Comment