facebook like

මහින්ද රාජපක්ෂ අගමැති කරනවා - වාසුදේව

මුලින්ම මේ රටේ සියලු ජාතීන් එක්රැස් කළ යුතුයි. ලාංකේය ජාතිය කියන හැඟීමට මුළු රටම රැගෙන ආ යුතුයි. ලාංකේය ජාතියක් හැටියට ගොඩනැඟීමට ජන විඥානයේ ඇතිකළ යුතු පරිවර්තනය කිරීමට වුවමනා සියලු දේ අප ඉටුකළ යුතුයි.

 දෙමළ ජාතික අපේක්‍ෂාවලට
 තැනක්
පළමුවෙන්ම මේ රටේ සෑම ජන වර්ගයකටම සමානව සැලකීමට අවශ්‍ය අඩිතාලම අපි දානවා. හැම අතකින්ම හැමදේකින්ම හැමෝටම අනේ‍යාන්‍ය ගරුත්වයෙන් යුතුව සැලකීමට සමාජ ආකල්ප ගොඩනැඟීම සඳහා
අවශ්‍ය මැදිහත්වීම් කරනවා. ඊළඟට දේශපාලනය වශයෙන් දෙමළ ජාතික අපේක්‍ෂාවන්ට යම් ආකාරයක සරිලන ආණ්ඩු පරිපාලන ක්‍රමයක් ඇති කරනවා.

 ඇකිළුණු ප්‍රජාතන්ත්‍රවාදය
 දිගඅරිනවා
දෙවැනි ලොකුම කාර්යය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ කරන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය දැනට යම්තාක් දුරට තිබුණත් යම් තැන්වල අසම්පූර්ණයි. මෙන්න මේ ඇකිළුණු ප්‍රජාතන්ත්‍රවාදය දිගඇරලා අසම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය පිරිපුන් එකක් බවට පත් කරන්න ඕන. ඒකෙන් මම අදහස් කරන්නේ ප්‍රදේශබද ජනතාවට තමන්ගේ ප්‍රදේශය තුළ වගකීම හා බලය වෙන වෙනම පැවරෙන ආකාරයට රාජ්‍ය පරිපාලනය සංවිධානය කරන්න ඕන.

උදාහරණයක් හැටියට ප්‍රදේශයකට තියෙනවා අමුණක වුවමනාවක්. මේ සම්බන්ධයෙන් තාක්‍ෂණික කටයුතු සඳහා උපදෙස් ලබාගන්නා අතර තමන්ගේ ප්‍රදේශයේ ගොවියාගේ, ජනයාගේ අත්දැකීමෙන් ඒකට ලබාදිය යුතු අදහස් උදහස් එකතු කරලා කටයුතු කිරීම ගොවි සංවිධානවලට භාර දෙනවා. එවැනි දේවල් අධීක්‍ෂණය කිරීමත් ගොවි සංවිධානයෙන්ම කරනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක ස්වභාවය. එතකොට ගොවිතැන් කටයුතු පිළිබඳ තීන්දු ගැනීමේ බලය ගොවීන් ඡන්දෙන් පත්කරන ගොවිකාරක සභාවකට ලබා දෙනවා.

 නිලධාරිවාදය නැති කරනවා
ඒ වගේම මේ රටේ පරිපාලන නිලධාරීන්ගේ අතේ තිබෙන බලය ජනතාවගේ වුවමනාවන් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් විදියේ වැඩපිළිවෙළක් සකස් කරනවා. ජනතාවට සැපයිය යුතු සේවාවන් සැපයීමේදී නිලධාරීන් ඊට සම්පූර්ණයෙන්ම අනුකූල වන ආකාරයෙන් පුහුණු කිරීම් කරනවා. ජනතාව තමන් ඉදිරියට ආවම නිලධාරීන් ප්‍රධානීන් වෙන්නෙ නැතිව ඒ එන පුරවැසියන්ට. ප්‍රධානත්වය දෙන තැනකට නිලධාරීන්ගේ ආකල්ප දියුණු කිරීම. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් කාර්යයක්.

 බලය බෙදාහරින වැඩපිළිවෙළක්
ප්‍රජාතන්ත්‍රවාදයේ තව කාර්යයක් තමයි රටේ බලතල බෙදාහැරීමේදීත් ප්‍රාදේශීය සභා, නගර සභාවලට ඒ ප්‍රදේශයේ  සියලු කටයුතුවල වගකීම භාර කිරීම. පහළම තලයේ තියෙන ප්‍රාදේශීය සභා, නගර සභාවලට වැඩිම බලතල පවරන්න ඕන. ඊළඟට දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් ආවම ප්‍රාදේශීය නගර සභාවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් දිස්ත්‍රික්ක සභාවක් මඟින් ඒ කටයුතු මෙහෙයවන්න ඕන. පළාත් මට්ටමේ ඇතිවන තත්ත්වයන්, වගකීම් සම්බන්ධීකරණය කිරීමට පළාත් මට්ටමේ සභාවක් තියෙන්න ඕන. පාර්ලිමේන්තුව සම්බන්ධ විය යුත්තේ රටටම බලපාන නීති සම්මත කිරීම, සැලසුම් කිරීම එහෙමත් නැත්නම් ජාත්‍යන්තර කටයුතු, මූල්‍ය කටයුතු, අධිකරණ කටයුතු, ආරක්‍ෂක කටයුතු මෙහෙයවීමට පමණයි.

 ජනතාවට පත් කරන්න වගේම
 ඉවත් කරන්නත් පුළුවන්
ඊළඟට ඡන්දය දෙන ජනතාවට තමන් ඡන්දය දී පත්කරගත්තු අය ඉවත් කිරීමටත් බලයක් ලැබෙන නීති ක්‍රමයක් හදනවා. මොකද පත්කරගන්න වගේම ඒ අය ඉවත් කරගැනීමටත් බලයක් තියෙන්න ඕන.

 මන්ත්‍රිවරුන්ට ජනතාවට ඉහළින්
 යන්න දෙන්නෙ නෑ
ඒ වගේම මහජන නියෝජිතයන්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයන්න ඕන. තමන්ගේ පෞද්ගලික දේපොළ වර්ධනය කරගැනීමට තියෙන ඉඩ එමඟින් අහුරන්න ඕන. ජනතාවගේ පොදු ජීවන මට්ටමට වඩා ඉහළ ජීවන මට්ටමකට මන්ත්‍රිවරුන්ට ඇතුළත් වෙන්න පුළුවන් විදියේ ක්‍රමයක් මේ රටේ තියෙනව නම් ඒ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. වාහන වේවා, කාර්යාල වේවා, සහායක වේවා ඒ ඔක්කොම දෙනවා. නමුත් ඒ අයට ලැබෙන වැටුප රටේ සාමාන්‍ය ජනතාවට ලැබෙන වැටුප මට්ටමේම තියෙන්න ඕන.

 අධිරාජ්‍යවාදී නොවූ අපේම
 ආර්ථික ක්‍රමයක්
අනෙක් පැත්තෙන් දේශීය ආර්ථිකයක් ගොඩනැඟීම. අධිරාජ්‍යවාදී බලපෑම්වලට යට නොවූ දේශීය ආර්ථිකයක් ගොඩනැඟීම. මේ ආණ්ඩුව යම් ප්‍රමාණයකට ඒ පැත්තට කරගෙන යන බව පේනවා. මූලිකම දේ රටේ අවශ්‍යතාවන් අපේ රටේම ගොඩනඟා ගැනීම. අපිට පුළුවන් වෙන්න ඕන අපේ රටේ අලුතින් එකතු කරපු අගයකින් යුතු නිමි භාණ්ඩ විදේශිකයන්ට අපනයනය කරලා එමඟින් අපේ අපනයන ආදායම වැඩිදියුණු කරගන්න.

 කිසිවක් අහිමි වන්නෙ නෑ
ජනතා සුබසාධනය දැන් තියෙනවටත් වඩා ඉහළින් පවත්වාගෙන යනවා. ඒ කියන්නෙ නැති බැරිකම නිසා කිසිවකුට කිසිවක් අහිමි නොවිය යුතුයි. බිම්කඩක ඉඳලා අධ්‍යාපනය දක්වා කිසිවක් කිසිවකුට අහිමි නොවිය යුතුයි. අඩු ආදායමක් නම් තියෙන්නෙ අඩු වියදමකින් සහනදායී මිලකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපි නිකුත් කළ යුතුයි.
 ඉඩම් බලතල දෙන්නෙ නෑ:

 පොලිස් බලතල දෙනවා
පළාත් පාලන ආයතනවලට අපි ඉඩම්, පොලිස් බලතල දෙන්නෙ නෑනෙ. අපි දෙන්නෙ දැනට ඒ ඒ ප්‍රදේශවල වන සංවර්ධන කටයුතු සහ පරිපාලන කටයුතු සොයාබැලීමේ බලතල පමණයි. රටේ ඉඩම් පොදු දෙයක් හැටියට අරගෙන රාජ්‍ය ඉඩම් හැටියට ඒවා මධ්‍යම ආණ්ඩුව යටතේ තියාගන්න පුළුවන්. පොලිසියේ බලතල නම් නගර සභාවට වුණත් ප්‍රජා පොලිසිය වගේ එකක් දෙන්න පුළුවන්. පොලිස් කටයුතු දෙන්න පුළුවන් අපිට එක එක මට්ටමින් පළාත් පාලන ආයතනවලට.

 කැසිනෝ තහනම්: කැට ගැහුවට
 කමක් නෑ
මුදල් ඔට්ටුවට සූදු කෙළීම වගේ ඒවා මහා පරිමාණ ලෙස පවත්වාගෙන යෑමට අපි අවසර දෙන්නෙ නෑ. සුළු පරිමාණයෙන් කැට ගහන වගේ දේවල් අපි වළක්වන්නෙත් නෑ. පුංචි අය එකතුවෙලා සල්ලි ඔට්ටුවට සූදු කෙළින්නෙ. ඒවා නවත්තන්න යන්නෙ නෑ. නමුත් මහා පරිමාණ ලෙස ජාතික ආර්ථිකයට බලපාන සූදු පොළවල් පවත්වාගෙන යන්න ඉඩදෙන්නෙ නෑ. කැසිනෝත් ඒකට අයිතියි.

 කාටවත් චණ්ඩි පාට් දාන්න
 දෙන්නේ නෑ
ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකරන අන්තවාදී ආගමික සංවිධාන සියල්ල තහනම් කරනවා. චණ්ඩි පාට් දාන්න බෑ. භික්‍ෂුන් වහන්සේටත් බෑ. පාදිලි උන්නාන්සේටත් බෑ.
 මගේ අගමැති
පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනා කැමැති කෙනා අගමැති ලෙස පත් කරනවා. අද තියෙන හැටියට නම් මම කැමැතියි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අගමැති වෙනවා නම්.

 විපක්‍ෂ නායක වෙන්නෙ
 සම්බන්දන්
විපක්‍ෂ නායක හැටියට, දෙමළ සන්ධානයේ කෙනෙක් විපක්‍ෂ නායක වනවාට මම කැමැතියි. සම්බන්දන් වගේ කෙනෙක් මගේ විපක්‍ෂ නායක වනවා නම් ඉතා හොඳයි.


සුභාෂිණී ගුණරත්න

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive