අධිකරණය නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයිඅ පසුගියදා අත් අඩංගුවට ගෙන සිටි සරසවි සිසුන් 13 දෙනාගෙන් නව දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා අද හරිනු ලැබිණි.
එහිදී තවත් සිසුන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වූ
අතර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පොලිසිය සිසුන්ට පහර දී ඇති බවට අධිකරණයට කරුණු දැක්වූ අතර ඉතිරි සිසුන් සිව් දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතීඥවරයා සඳහන් කළේය.
එහිදී තමන් අවම බලය භාවිත කළ බව පොලිසිය මහේස්ත්‍රාත් වරයාට ප්‍රකාශ කල අතර අවම බලය යනු ඇස් එළියට පනින තුරු පහර දීම නොවන බව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එහිදී පැවසුවේය.මෙවැනි තරුණ පිරිසක් සමග කටයුතු කිරීමේ දී පොලිසිය ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත් අවවාද කළේය.
මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් හතර දෙනා බැලීමට යෑමට නියමිතය.

0 comments:
Post a Comment