facebook like

ගුරුවරයාට රැවටී අනාථ වූ ශෂිකා............ හුදෙකලා ජීවිතයකටපත් වුණේ ඉන්පසුවයි.

අගනුවර කාර්යාලයක රැකියාවක් කරන ශෂිකාගේ තිබුණු කැපී පෙනෙන විශේෂත්වය තමයි ඒ වයසෙ තරුණියක් තුළ දකින්නට නොලැබෙන තරමේ පුදුමාකාර තැන්පත් ස්වභාවයක් පැවතීම. මිතුරියන් එක්කෙනෙක් දෙන්නෙක් හැරුණු විට වෙන කිසි කෙනකුට ශෂිකා විශේෂයෙන් සමීප වුණේ නෑ.

ඒත් හැමදෙනා එක්කම බොහොම අහිංසක විදිහට හිනා වෙලා පැත්තකට
වෙලා ඉන්න ශෂිකාට කවුරුවත් වරදක් කිව්වෙත් නෑ. ශෂිකා මේ විදිහට ජීවත් වෙමින් තමන්ගේ අඳුරු අතීතය පිළිබඳව බොහෝ විඳවන බව දැන සිටියේ ඇයට සමීප මිතුරියක් පමණයි.
ශෂිකා උසස් පෙළ කරන කාලෙ තමයි ඇයට ඇගේ පළමු පෙම්වතා හමුවුණේ. ඔහු ඇගේම ටියුෂන් ගුරුවරයෙක්. ඉතාම සිත් ඇද ගන්නා ආකාරයට කතා බහ කරමින් තමන්ගේ විෂය කෙරෙහි සිසුන්ව ආකර්ෂණය කර ගන්නට මෙම ටියුෂන් ගුරුවරයා වුණු අමල් සමත් වී තිබුණා. සැබවින්ම ඔහු විෂය කරුණු සිසුන්ට ‍පොවන ආකාරයේ ගුරුවරයකු බවයි හැමදෙනාගෙම පිළිගැනීම වුණේ.
කතාවට ඔහු තුළ ඇති මෙම අපූරු හැකියාව හින්දම ශෂිකාත් අමල්ට වසඟ වුණා. තමන්ට වඩා වසර දහයකින් දොළහකින් පමණ වැඩිමහල් වුණත් ශෂිකාගේ සිත අමල් කෙරෙහි තදින්ම බැඳුනා.
අමලුත් මේක තේරුම් ගන්න ඇති. වෙනත් සිසු සිසුවියන්ට වඩා ශෂිකා තමා සමග කතා කරන්නට දක්වන උනන්දුව වගේම ඇගේ දෑස තමාට පවසන දේවල් වටහා නොගන්නට ඔහු අතදරුවෙක් නමෛයිනේ. කෙසේ හෝ අමල් ශෂිකා සමග කාටත් හොරා සම්බන්ධයක් ඇති කරගත්තා.
තමන්ගේ සම වයසේ තරුණයන් ශෂිකාගේ ආදරය පතද්දී තමන්ට වඩා සෑහෙන්න වයසින් වැඩිමහල් අයකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්න ශෂිකාට බලපාපු ප්‍රබල හේතු තිබුණා. සම වයසේ තරුණයන් දඟකාරයි, සෙල්ලක්කාරයි. තමනුන් සමග එකම පන්තියේ ඉගෙන ගන්නා මිතුරන් වෙතින් ඇය ඒ බව හොඳින්ම වටහා ගෙන තිබුණා. තමුත් ශෂිකාට අවශ්‍ය වුණේ එවැනි අයෙකු නොවෙයි. ඊට වඩා මුහුකුරා ගිය ජීවිතේ පිළිබඳව ගැඹුරින් හිතන්න හැකි තැන්පත් කෙනෙකුව. සම වයසේ තරුණයන් තුළ දැකිය නොහැකි එවැනි ගුණාංග ඇය හඳුනාගෙන තිබුණෙ අඩුම තරමින් අවුරුදු විසිඅටක් තිහක් තරම්වත් වුණු තරුණයන් වෙතිනුයි. අමලුත් වැටුණෙ ඒ ගණයට ඇය අමල්ට සමීප වෙන්නට බලපෑ ප්‍රබල හේතුව තමයි ඒ.
ශෂිකා අමල්ට පුදුම විදිහට ආදරේ කළා. ඔහු මේ වගේ වයසක් වනතුරුම විවාහ නොවී හිදීමට බලපෑ හේතුව විමසුවම අමල් ශෂිකාට දුන්නු පිළිතුර වුණේ “මගේ හිතට හරියටම හරියන කෙනෙක් හම්බ වෙනකල්ම බඳින්නෙ නෑ කියල මං හිතාගෙන හිටියා. මට ඔයාව මුණ නොගැහුනා නම් සමහර විට ජීවිතේ තියන තුරාවට මං නොබැඳ ඉන්නත් ඉඩ තිබුණා” කියලයි. ඒ අනුව අමල් කවදා හෝ තමාව විවාහ කර ගනීවි කියන විශ්වාසය තවදුරටත් ශෂිකාගේ සිතේ තහවුරු වුණා.
ශෂිකා හැම විටම බලා‍පොරොත්තු වුණේ තමන් ළඟ හිඳගෙන තමාට සැබෑවටම ආදරය කළ හැකි පෙම්වතෙක්. අමල් නිසා තම සිතැඟි සම්පූර්ණ වූ බවකුයි ශෂිකාට හැඟුනෙ. මේ විදිහට ඔවුන්ගේ සම්බන්ධයට මාස හතක් අටක් පමණ ගත වී තිබුන. ඒ වෙද්දී ශෂිකා අමල්ට මොන තරම් ආදරය කළාද, ඔහුව විශ්වාස කළාද කිව්වොත් ඇය අමල් සමග විවිධ ස්ථානවලට ගොස් කායික සම්බන්ධතා පවා පවත්වලා තිබුණා. තම පිරිසිදුතාවය ඔහු අතින් නැතිවී යාම පිළිබඳව අබමල් රේණුවක පසුතැවිල්ලක්වත් ශෂිකාට තිබුණේ නෑ.
හිටි හැටියෙ විශාල අකුණක් පිපුරුවා වගේ එක්තරා දවසක හැමදේම උඩුයටිකුරු වුණේ හීනෙකින්වත් බලා‍පොරොත්තු නොවුණු විදිහට. පන්තිය අවසන් වෙලා බස් නැවතුමට ආපු ශෂිකාගේ ළඟට වාහනයක් ආවා. ඒ වාහනයෙන් බැහැල ආවෙ තරුණ කාන්තාවක්. ඇය ශෂිකා ළඟට ඇවිත් “ශෂිකා කියන්නේ ඔයාටද?” කියල ඇහුවෙ කිසිම ප්‍රසන්න මූණකින් නමෛයි. ශෂිකා “ඔව්” කියල ඒ බව පිළිගත්තම ඇය ඊළඟට ඇහුවේ “අමල් ඔය ළමයගෙ කවුද?” කියලයි. “එයා මගෙ සර් කෙනෙක්” කියලා ශෂිකා පිළිතුරු දුන්නා. ඒ ගෑනු කෙනා ඊට පස්සෙ “සර් විතරක් නෙමේනේ, ඔය ළමයා ආශ්‍රය කරන්නෙත් එයාවනේ” කියල ඇහුවේ ශෂිකාව අන්දමන්ද කරවමින්.
කෙසේ හෝ ඇය හෙළිකළ ආකාරයට ඒ අමල්ගේ විවාහක බිරිඳ. මේ බව දැන ගත්තම ශෂිකාට දැනුණේ තමා වට කීපයක් කරකවා එකවරම අත හැරියා වගේ හැඟීමක්. අන්තිමේ ශෂිකාට තමන් අතින් සිදුවූ හැම වරදක්ම පිළිගන්න සිද්ධ වුණා.
“අමල් අතින් ඔයා අනාථ වුණා කියලා මට අමල්ව ඔයාට භාර දෙන්න විදිහක් නෑ. මට ළමයි
තුන්දෙනෙක් ඉන්නවා. ඔය මිනිහව අත ඇරියොත් මගේ ළමයින්ට තාත්තා කෙනෙක් නැතිව යන හින්ද හැමදේම මට ඉවසන්න සිද්ධ වෙලා තියනවා. අනික ඔයා අමල්ගෙන් අනාථ වෙච්ච පළවෙනි කෙල්ල නෙමේ. මීට කලිනුත් ඔය වගේ සිද්ධි කීපයක්ම ඔය මිනිහා කරලා තියනවා. ඌ මොන මඟුලක් නටා ගත්තත් මට කමක් නෑ. ඒත් ළමයි තුන්දෙනා තවම පුංචියි. ඒ තුන්දෙනාට තාත්තා නැතුව බෑ. ඒකයි මට මේ හැම ගින්නක්ම උහුලන්න සිද්ධ වෙලා තියෙන්නේ” කියමින් ඇය ඊළඟට කළේ හඬා වැටීමයි. ශෂිකාට ඇය පිළිබඳ පුදුමාකාර දුකක් දැනුණ. ඉන්පසු ශෂිකා ඒ කාන්තාවට දිව්රල ‍පොරොන්දු වුණේ නැවත අමල් සමග කිසිදු සම්බන්ධයක් නොපවත්වන බවට.
ඉන් පස්සේ ශෂිකා මුහුණ දුන්නෙ කිසිසේත්ම බලා‍පොරොත්තු නොවුණු දේකට. එදා රෑ ශෂිකාට දුරකථන ඇමතුමක් දුන්නු අමල් හොඳටම දොස් කිව්වා එයාගෙ බිරිඳට හැමදෙයක්ම කියලා ඒගොල්ලන්ගේ පවුල් ජීවිතේ අවුල් කරන්න හදනව කියලා. ශෂිකා ඇහුවා “එතකොට ඔයා අතින් මං අනාථ වෙච්ච එක ගැන ඔයා මොකද කියන්නේ” කියලා. “තමුසෙව මං අනාථ කළේ නෑනේ. හැමදේම වුණේ තමුසෙගෙ කැමැත්තෙන්. එහෙම ඉඳලා මට විතරක් දොස් කියන්නේ කොහොමද? ඒකෙ වැරැද්ද තමුසෙම භාර ගන්නව” කියලා ඒ වෙලාවෙ අමල් කිව්වෙ කිසිම අනුකම්පාවක් නැති ගාණටයි.
එදායින් පස්සේ ශෂිකාට පිරිමි සංහතියම එපා වුණා. උසස් පෙළ ඉතා අසීරුවෙන් සමත් වුණු ශෂිකා ඊට පස්සෙ රැකියාවක් සොයා ගත්තා. කිසි කෙනෙක් සමීපව ඇසුරු නොකරන හුදෙකලා ජීවිතයකට ශෂිකා පත් වුණේ ඉන්පසුවයි.

ඉන්දු පෙරේරා

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive