facebook like

සිංහල සිනමාවේ 'ප්‍රථම ආර්යාව'ට මෙහෙම කළේ ඇයි?

ලාංකේය සිනමාවේ නිළි රැජන ලෙස අභිෂේක ලැබූ මාලිනී ෆොන්සේකා රංග වේදිනියගේ රංගන දිවියට මේ වසරේ ජනවාරි මස අඩ සියවසක් සපිරුණි. අඩ සියවසක් යනු මිනිසකු ජීවත්වන උපරිම ආයු කාලයෙන් හරි අඩකි. එතරම් දීර්ඝ කාලයක් තුළ රංගනයේ යෙදුණු මාලිනී ෆොන්සේකා, රුක්මනී දේවියගෙන් පසු ඒ තැනට ළං වුණු එකම රංගවේදිනිය බවට විවාදයක් නැත.

අඩ සියවසක් වැනි කාලයක් තුළ චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක විවිධ වූ චරිත නිරූපණය කරමින් ඇය කළේ
ප්‍රාතිහාර්යයක් බව අන්තර්ජාතික වශයෙන්ද පිළිගෙන තිබේ. රංග පාසලක්වත් නැති රටක මාලිනී වැනි රංගවේදිනියක බිහිවීම ඔවුන් සලකන්නේ ආශ්චර්යයක් ලෙසිනි.


අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ 'සිරිපාල සහ රන්මැණිකා' නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ තිරගත වූ අවස්ථාවේදී එය නැරැඹූ ලෝක පූජිත සිනමාකරු සත්‍යජිත් රායි පවසා ඇත්තේ මාලිනී වැනි ජනප්‍රිය තාරකාවක් ස්වකීය අලංකාර වූත් චමත්කාර වූත් ප්‍රතිරූපය බිඳ ගෙන රන් මැණිකා වැනි ග්‍රාමීය චරිතයක් නිරූපණය කිරීම ඇදහිය නොහැකි බවකි.


ඒ වකවානුවේම ඉන්දියාවේ 'ෆිල්ම්වර්ල්ඩ්' සඟරාව මාලිනී පිළිබඳ ලිපියක් පළ කරමින් ඊට ශීර්ෂ පාඨය යොදා තිබුණේ සිංහල සිනමාවේ ප්‍රථම ආර්යාව යනුවෙනි.
මේ රටේ වගකිවයුත්තන් මාලිනීගේ අඩසියවසක රංග කර්යය නිසි ලෙස තක්සේරු කර තිබේද? ඒ බවක් නම් පෙනෙන්නට නැත. එහෙත් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල තුනකදීම ඇයගේ රංගන කාර්යය අගයමින් විවිධ ආකාරයෙන් ඇයට ප්‍රණාම පුදකොට තිබේ.


මේ රටේ සිනමා රංගනය වෙනුවෙන් ප්‍රථම අන්තර්ජාතික ඇගැයීමට ලක්වීමේ ගෞරවය හිමි වූයේ මාලිනීටය. ඒ 1975දී 'එයා දැන් ලොකු ළමයෙක්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 9 වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී ඇයට ගෞරව ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමීමයි. එහෙත් එය තම දෝතින් ලබා ගැනීමට මොස්කව් යෑම සඳහා එවකට සිටි රජය මාලිනීට ඉඩ දුන්නේ නැත.


2014 මාර්තු මාසයේදී ප්‍රංශයේ ‍ෙදාවාවිල් නගරයේ පැවැති ආසියාතික සිනමා සම්මාන උළෙලේදී ඇය වෙත විශේෂ ප්‍රණාම සම්මානයක් පුද කරනු ලැබීය. මීට පෙර එම සම්මාන උළෙලේදී එබඳු සම්මානයක් පුදකර තිබුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට සහ සුමිත්‍රා පීරිස්ට පමණි. එම ප්‍රණාමයට අමතරව මාලිනී රඟපෑ චිත්‍රපට ඇතුළත් ප්‍රත්‍යාවලෝකන සිනමා උළෙලක්ද සංවිධානය කොට තිබිණි.


පසුගිය වසර අවසානයේ බැංග්ලෝර්හි පැවැති අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලිනීට ඇරැයුම් කොට තිබුණේද ඇයගේ රංග කාර්යයට උපහාර දැක්වීමක් වශයෙනි. එහිදීද ඇය වෙනුවෙන් ප්‍රත්‍යාවලෝකන චිත්‍රපට
උළෙලක් සංවිධානය කොට තිබුණේය.
විදේශිකයන් ඒ අයුරින් අපේ රංගනවේදිනියකට උපහාර දක්වද්දී අපේ රටේ සිනමාවට සම්බන්ධ බලධාරීහු ඇස්කන් පියාගෙන සිටිති. මාලිනී වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වනවා තබා ඇයගේ රංග කාර්යය විදහාපාන ප්‍රත්‍යාවලෝකන සිනමා උළෙලක් සංවිධානය කරන්නටවත් මේ රටේ සිනමාව වෙනුවෙන් වෙන් වුණු එකම ආයතනය වන ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කළේ නැත.


මාලිනී ෆොන්සේකා යනු වත්මන්හි හුදු සිනමා නිළියකම නොවේ. ඇය මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකි. එසේම ජනමාධ්‍ය අමාත්‍යංශයේ සිනමාව පිළිබඳ අධීක්ෂණ මන්ත්‍රිවරියකි. එබඳු තනතුරු දරන මේ ආණ්ඩුවේම කෙනකුට චිත්‍රපට සංස්ථාව මෙසේ සැලකීම එක් අතකින් ආණ්ඩුව අපහසුතාවකට පත් කිරීමකි. චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ප්‍රසිද්ධ වේදිකාවල කිය කියා ඇවිදින්නේ තමන් මේ ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් කඩේ යන බවකි. එහෙත් මාලිනීට උපහාර දැක්වීම සඳහා සංස්ථාව වෙනුවෙන් ගත යුතු මූලික පියවරක්වක් නොගෙන නිහඬව සිටීමෙන් ඔහු කරන්නේ රජයත් ජනාධිපතිවරයාත් මඩේ ලෑමක් නොවන්නේද?
ඉන්දියාව සත්‍යජිත් රායි, රාජ් කපූර්, ලතා මංගේෂ්කාර්, දිලිප් කුමාර් ඇතුළු මහා කලාකරුවන් සැලකුවේ ඔවුන්ගේ ජාතික වස්තූන් ලෙසය. එබැවින් ඔවුන්ට ඉහළම උපහාර ගෞරව කරමින් කලාකරුවන්ගේ වටිනාකම ලොවට හඬ ගා කීවේය. ඉන්දියාව වැනි රටවල් එසේ කරද්දී අපේ රටවල බලධාරීන් කරන්නේ අප කලාකරුවන්ට නොසලකන ගුණමකු ජාතියක් බව ලොවට හඬ ගා කීමකි.

mawbima -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive