එම්. කේ. සිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියෙකි. ආනන්දී සසිදරන් ත්‍රිකුණාමලයේදී හිටපු කොටි හමුදා නායකයකු වූ එලිලන්ගේ බිරියයි. තුරෙයිරාසා රවිකරන් උතුරු පළාත් සභාවේ මුලතිව් ප්‍රදේශයේ මන්ත්‍රීවරයායි.
එසේම ශ්‍රීධරන් යනු යාපනයේ කොටි හමුදා නායකයා වූ තීපන්ගේ ඥාතියෙකි. මොවුන්ට අමතරව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වූ සුරේශ්
ප්‍රේමචන්ද්‍රන්, ශිවශක්‌ති ආනන්දන්ද වන්නි මෙහෙයුමේදී මියගිය පිරිස් සැමරීමට උත්සාහ කළහ.
මේ අතර ඇතැම් ද්‍රවිඩ දේශපාලකයන් කීපදෙනෙක් නල්ලූර්හි කාලි අම්මාන් කෝවිලට පැමිණ පොල් ගැසීමටද ක්‍රියා කර ඇතැයි වාර්තා විය.
මේ පසුබිම මැද විජයග්‍රහණයේ පස්‌වැනි සමරුව පැවැත්වීමට රජය ක්‍රියාකිරීම ගැන නෝර්වේ අරමුදල් ලබන ජාතික සාම මණ්‌ඩලය හෙවත් කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දා එරෙහි විය.
කොටි සංවිධානය ක්‍රියාත්මක වන සමයේ කිහිළිකරු තොගයක් කොටින්ට ලබාදුන්නේද මෙම සාම සංවිධානයයි.
මෙරට විජයග්‍රහණ සමරුවට එරෙහිවන්නන් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් අල්කයිදා නායක බින් ලාඩන් මරා දැමීම ගැන පැවැත් වූ සමරුවට එරෙහි වන්නේ නැත.
එහෙත් මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ තර්කය වී ඇත්තේ මියගිය කොටි ත්‍රස්‌තයන් පවා සැමරීමට ඉඩ දිය යුතු බවයි.
මේ අන්දමට ඉන්දීය රජය ඇසැම් විමුක්‌ති හමුදාව නමැති බෙදුම්වාදී සංවිධානයේ මියගිය ත්‍රස්‌තයන් සැමරීමට හෝ බිරෙන්ද්‍රවාලා නමැති සීක් ත්‍රස්‌තවාදී නායකයා සැමරීමට ඉඩ දෙන්නේද?
තමිල්නාඩු රජය වීරප්පන් සහ ඔහුගේ සගයන් සැමරීමට ඉඩ දී තිබේද? ඇµaගන් රජය මියගිය තාලිබාන් ත්‍රස්‌තවාදීන් හා රුසියානු රජය චෙච්නියානු ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ දී නැත.
එහෙත් මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට හා ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ට කොටි සැමරීමේ අවශ්‍යතාවය මතු වී ඇත.
මුලතිව්හි උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා a=රවිකරන්a මුල්ලිවයික්‌කාල් වෙත ගොස් මියගිය පිරිස් සැමරීමට දැරූ උත්සාහයක් ආරක්‍ෂක අංශ විසින් ව්‍යර්ථ කරනු ලැබීය.
මුල්ලිවයික්‌කාල් සමරුව ක්‍රියාත්මක කරන බව දක්‌වමින් ද්‍රවිඩ සන්ධානය පසුගිය දින කීපය තුළ දියත් වූ ප්‍රචාරයට උතුරේ ජනතාවගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබිණි. 0තමිල්නාඩුවේ තන්ජවූර්හි ඊලාම් ස්‌මාරකය අබියස පැවැති සමරුවට පවා සහභාගි වූයේ සුළු පිරිසකි. මේ තත්ත්වය මත ප්‍රභාකරන් ප්‍රමුඛ මියගිය කොටින් සැමරීම උතුර පුරා අලෙවි කිරීමට ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත. ඊට හේතුව හමුදාව උතුරේ ස්‌ථාන ගත වීමයි.
එහෙත් පුනරුත්ථාපනය වූ බව කියන 12000 ක් කොටි මෙරට සිටී. පුනරුත්ථාපනය නොවූ හිටපු කොටින්ද උතුරේ සිටින බව පැහැදිලිවේ. සියලු දෙනා බලාපොරොත්තුව සිටින්නේ අවස්‌ථාවක් එනතුරුයි. රජය අතිවිශාල මුදල් සම්භාරයක් වැය කර උතුර සංවර්ධනය කළත් හිටපු කොටි හිතවාදීන් තුළ ඇති වෛරය පහ වී නැත. අප තේරුම් ගත යුත්තේ එම යථාර්ථයයි. උතුරේ ජනතාව කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ කළ ගුණ සැලකුවේ ද්‍රවිඩ සන්ධානයට ජන්දය දීමෙනි. දුම්රිය මග යාපනයට දීර්ඝ කිරීම, - සංගුපිඩි පාලම ඉදි කිරීම ඇතුළු වෙනත් පහසුකම් උතුරේ ජනතාවට ලබා දීමට ක්‍රියා කළත් කොටින්ව පැරදවූයේ සිංහල ආණ්‌ඩුව සහ සිංහල හමුදාව යන මතය ද්‍රවිඩ දේශපාලකයෝ උතුරේ ජනතාවට අලෙවි කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු යෝජනාව නිසා හිටපු කොටින්ද අළුගසා දමා නැගිට ඇත. මේ වාතාවරණය මත ද්‍රවිඩ සන්ධානය ඉන්දියාවේ නව අගමැති ලෙස පත් වන නරේන්ද්‍ර මෝඩි හමුවීමට තීරණය කර ඇතැයි වාර්තා වී තිබේ. ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගිනි ඇවිල වීම සඳහායි. ශ්‍රී ලංකාව සහජීවන පිළිවෙත ඇති කිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබූවත් එකී ක්‍රියා මාර්ගය කොටි ඩයස්‌පෝරාවේ යහපතට හේතු වී නැත.
එසේම ජයලලිතා ආණ්‌ඩුව මිය ගිය කොටින්ව සැමරීමට අවසර දීම තවත් බරපතළ ප්‍රශ්නයකි. ඉන්දීය ස්‌වදේශීය කටයුතු අමාත්‍යාංශය තවත් වසර 5 කට කොටි තහනම දීර්ඝ කර තිබියදී ජය ලලිතා මිය ගිය කොටින්ව සැමරීමට ඉඩ දීම නවදිල්ලි බලධාරීන් මෙන්ම නව ඉන්දීය අගමැතිවරයා ලෙස පත්වන නරේන්ද්‍ර මෝඩි හමුවේ එල්ල වන අභියෝගයක් යෑයි කිව හැකිය.
මේ අතර තවත් විශේෂිත වූ සිද්ධියක් වාර්තා විය. කොටි නායක ප්‍රභාකරන් සමග දැඩි සබඳතා පැවැත්වූ ඉන්දීය මාධ්‍යවේදිනියක් වූ ඇනිටා ප්‍රතාප් ඉන්දීය මැතිවරණයෙන් පරාජය විය. ඇය ආම් ආද්මි පක්‍ෂයෙන් කේරළයේ අර්නාකුලම් අසුනට තරග කළාය. ඇයට හිමි වූයේ ජන්ද 51517 කී. කොංග්‍රස්‌පක්‍ෂයේ අපේක්‍ෂක කේ. පී. තෝමස්‌ට ඡන්ද 353841 ක් හිමි වි ජය ලැබීය. ඇනිටාගේ ඇපයද රාජසන්තක විය. මෙය ප්‍රභාකරන් පරාජය වී පස් වසරක් ගත වන අවස්‌ථාවේ සිදු වූ දෛයිවෝප ගත සිද්ධියකි.
* කීර්ති වර්ණකුලසූරිය

0 comments:
Post a Comment