විවිධ සිද්ධින් මුල්කර ගනිමින් නිරන්තරයෙන් ආන්දෝලනයට තුඩුදෙන චරිතයක් ලෙස සැලකෙන බොලිවුඩ් නිලියක සහ නිරූපිකාවක වන පූනම් පාන්ඩේ අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. එ් මහජනතාව ගැවසෙන ස්ථානයක අශෝභන ලෙස හැසිරුණු බවට පොලීසියට ලද තොරතුරකට අනුවයි.
මුම්බායි නුවර අසල මාර්ගයක ඇය සිරුරෙහි වැඩි කොටසක් නිරාවරණය වන පරිදි ඇඳුමකින් සැරසී මෝටර්
රථයක තවත් පුද්ගලයෙකු සමග සිට ඇති බවටයි ඉන්දීය මාධ්‍යවල දැක්වෙන්නේ.
ඒ අවස්ථාවේ එම ස්ථානයට රැස් වූ පිරිස ඇයගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ පොලීසියට කළ දැනුම්දීමක් අනුව පූනම් පාණ්ඬේ අත්අඩංගුවට පත්වුණා.
කෙසේවෙතත් ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇය මුදාහැර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
පසුව මාධ්‍ය ඇමතූ පූනම් පාණ්ඩේ පෙන්වා දී ඇත්තේ තමන්ට එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම තමන් මෝටර් රථය තුළ සිටියේ තම සොහොයුරා සමග බවද ඇය පවසා තිබෙනවා.
2011 වසරේ ලෝක කුසලානය ඉන්දියාව ජයගතහොත් තමන් නිරුවත් වන බවට ප‍්‍රකාශ කිරීමත් සමග පූනම් පාණ්ඩේ දැඩි ලෙස කතාබහට ලක්වුණා.
එමෙන්ම අයි පී එල් තරගාවලියේ පස්වන අදියර ශාරුක් ඛාන්ට හිමි කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම ජයගතහොත් ට්විටර් සහ ෆේස්බුක් යන සමාජ වෙබ් අඩවිය ඔස්සේ තම නිරුවත් ඡායාරූප මුදාහරින බවටද ඇය ප‍්‍රකාශ කළා.
එම තරගාවලිය කොල්කටා කණ්ඩායම ජය ගැනීමෙන් පසු පූනම් පාණ්ඬේ සිය අඩ නිරුවත් ඡායාරූප පොරොන්දු වූ පරිදිම තමන්ට හිමි සමාජ වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්කළා.

0 comments:
Post a Comment