facebook like

ගුටි දී වෙඩි තබා, මෝටර් රථයට ගිනි තැබීම කොස්තාපල්ගේම රංගනයක් ?

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරි සඳහා පැමිණෙමින් සිටියදී දොඩංගොඩ බෝම්බුවල අක්කර 20 පාරවල් පහ ප‍්‍රදේශයේ දී කැබ් රථයකින් පැමිණි පිරිසක් තමාට පහර දී වෙඩි තබා මෝටර් රථයට ගිනි තබා පළා ගිය බවට සිද්ධියට මුහුණ දුන් පොලිස් කොස්තාපල්වරයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව දැඩි සැකයක් මතු වී ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්
සුමින්ද සමන් කර ඇති ප‍්‍රකාශවල යම් යම් තොරතුරු එකිනෙකට පරස්පර බව ද දැනගන්නට ඇත.

සන්නද්ධ කණ්ඩායම ගමන් කළ කැබ් රථය අක්කර විස්ස පාරවල් පහ මාර්ගයේ දී කිලෝ මීටර් අසූවක් අනූවත් අතර වේගයකින් හඹා ආ බව කොස්තාපල්වරයා ප‍්‍රකාශ කර ඇතත් එම මාර්ගයේ එතරම් වේගයකින් වාහනයක් ධාවනය කළ නොහැකි බව ද එසේ ආ බව කියන කැබ් රථයක ටයර් සලකුණු හෝ දක්නට නැතැයි ද පොලිසිය පවසයි.

මෝටර් රථය ගිනි ගත් ස්ථානය අසළ වාහනයක් හැර වූ බවට තිබෙන ටයර් සලකුණු කොස්තාපල්වරයා පැද වූ මෝටර් රථයේම ටයර් සලකුණු බව මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

තම මෝටර් රථය පිටුපසින් කැබ් රථයකින් පැමිණි බව කියන පිරිසගෙන් බේරීමට ඔහු මෝටර් රථය ජනාකීර්ණ මාර්ගයේ ඉදිරියට පදවාගෙන යාම වෙනුවට කාත් කවුරුත් නොමැති අතුරු මාර්ගයකට හරවා ධාවනය කල බව කියන ප‍්‍රකාශය ද සැකයට තුඩු දෙන බව පොලීසිය පවසයි.

මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු අනුව මෙම සිද්ධිය පිටස්තර කණ්ඩායමක් විසින් සිදු කළ එකක් ද එසේ නැත්නම් යම් අරමුණක් ඉටු කර ගැනිම සඳහා කොස්තාපල්වරයා විසින්ම සිදු කරන ලද එකක් දැයි යන්න ඉදිරි දින කිහිපය තුළ දී හෙළි වනු ඇතැයි ද අදාල ආරංචි මාර්ග වැඩි දුරටත් කීය.

මේ අතර වාර්තා වන්නේ කොස්තාපල්වරයා ඇමෙරිකාවට යෑමට වීසා ඉල්ලා ඇති බවත් රුපියල් ලක්ෂ 30ක වත්කමක් පෙන්වීමට අපහොසත් වීම නිසා ඔහුට වීසා නොලැබුණු බවත්ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive