ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ පැවති අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායක විසින් එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් දුවද්දී දවා ගැනීමට හසුකරගත් ආකාරයේ කිසිදු ගැටලූවක් නොමැති බව ඕස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක් ප්‍රකාශ කළා. ඔහු සඳහන් කරන්නේ සචිත්ර අවස්ථා දෙකකදී එංගලන්ත පිතිකරු බට්ලර්ට සීමා ඉර
නොඉක්මවන ලෙස දැනුම් දුන් බවයි. ඒ අනුව, එම දවා ගැනීමේ සදාචාරාත්මක ගැටලූවක් නොමැති බවයි ඒ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මයිකල් ක්ලාක් සඳහන් කර ඇත්තේ. සචිත්රගේ දවාගැනීම සම්බන්ධයෙන් එංගලන්ත නායකයා ඇතුලූ ඇතැම් පාර්ශව චෝදනා එල්ල කළා. ඊට පිළිතුරු දෙමිනුයි ඕස්ටේ්රලියානු නායකයා මේ බව පවසා ඇත්තේ.

0 comments:
Post a Comment