නිදහස් අධ්‍යාපනයෙන් ගම්වලින් බිහි වූ උගතුන් ගම අතහැර නගරයට යනවා. මේ නිසා උගතුන් නැති ගම්වල ඉතිරි වුණේ රස්තියාදුකාරයො විතරයි. මේ අය දේශපාලනයට ගිහින් පාදඩ දේශපාලනයක් කරමින් සෙල්ලම් පිස්තෝල අතට ගන්නවා. ගම්වල පාදඩ පන්තියක් බිහිවීමට නිදහස් අධ්‍යාපනය හේතු වුණාදැයි දැන් අපිට හිතන්නට වෙලා යැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.
හෝමාගම, උපාලි රණතුංග මහතා ලියූ 'සෝම අමර' නව කතාව ෙදාරට වැඩීම නිමිත්තෙන් හෝමාගම සුනිල් පෙරුම්බුලි ශාලාවේ පැවැති උත්සවය අමතමින් ඒ මහතා එසේ පැවැසීය.එම ග්‍රන්ථයේ ප්‍රථම පිටපත් මිස්සක
කමලසිරි හිමිපාණන්ටත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු ආරාධිතයන්ටත් පිළිගැන්වූ පසු ආචාර්ය අමරසේකර මහතා මෙසේද පැවැසීය.
මේ ආණ්ඩුව හැම දෙයක්ම කරන්න හදන්නෙ සින්දුවෙන්. ඕන කුණු හරුපයක්, ජරාවක් මාධ්‍යවලින් විකාශය කර සල්ලි හම්බ කරලා අපේ දේශපාලනයටත් ප්‍රචාරය දීපල්ලා කියලයි ඒ අය කියන්නේ. අපිට මතුපිටින් පෙන්වන්නෙ වෙනත් දෙයක්. අද පවතින මේ තත්ත්වය දූෂණ සංස්කෘතියට හේතුවෙලා.
අද රාජ්‍ය අංශයට ඇවිත් සිටින නිලධාරීන්ගෙන් සියයට 80ක් ගම්වල දරුවො. වෛද්‍යවරුන්ගෙන් සියයට 75ක් ගමේ ගොවීන්ගෙ, ගුරුවරුන්ගෙ දරුවො. ඔවුන් ඒ අන්දමට සමාජයෙ හැසිරෙන්නෙ නිදහස් අධ්‍යාපනය නිසයි. එහෙත් අපේ රටේ ශේර්ෂ්ඨයකු වන කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන එන විට ඩී.එස්. සේනානායක මහතා තදින්ම විරුද්ධ වුණා. එයා කිව්වෙ මට නිදහස් අධ්‍යාපනයක් ඕන නෑ. පාලනයට තුන්සීයක් විතර හිටියොත් ඇති කියලයි. අද නිදහස් අධ්‍යාපනයක් ගැන වේදිකාවල කිව්වට එහෙම නිදහස් අධ්‍යාපනයක් නැහැ. අපි ඒ අධ්‍යාපනයෙන් සමාජය වෙනස් කරන්න හැදුවට සුද්‍ෙදා හදපු සමාජ ක්‍රමය වෙනස් කළේ නැහැ. කෙතරම් ආණ්ඩු බිහි වුණත් ඒ සමාජ ක්‍රමය තුළම අපි වෙනත් මාර්ගවලට යනවා. ස්වයං අවබෝධයක් නැති දේශපාලනඥයන්ගෙ රැවටීම්වලට හසුවූ වාණිජ රැල්ලක් අද ගම්වලට පැතිරිලා.
නවකතාව යනු සමාජයේ කැඩපතක්. ජරා පොත්වලට සම්මාන දීමෙන් හොඳ පොත් නැති වෙනවා. නව ලේඛකයන් වාණිජ ක්‍රමයට හසු නොවී පොත් ලිවිය යුතුව තිබෙනවා.මෙහිදී මිස්සක කමලසිරි හිමි හා ආචාර්ය ප්‍රීති කුලතුංග, 'සෝම අමර' කර්තෘ උපාලි රණතුංග යන මහත්වරුද කතා කළහ. හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් මහතා හා එහි මන්ත්‍රිනී ප්‍රියංගා කොතලාවල මහත්මිය ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ජයසේන හත්වැල්ල

0 comments:
Post a Comment