facebook like

කොස්තාපල්ට ගුටි දුන්නේ නි.ඇමැති හේමාල් ගුණසේකරට දඩ ගහපු නිසාදැයි සැකයක් (video)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු රාජකාරියට වාර්තා කිරීමට පසුගිය සිකුරාදා රාජකාරි ස්ථානයට පැමිණෙමින් සිටියදී ‍ෙදාඩන්ගොඩ බෝම්බුවල අතුරු මාර්ගයේදී ඔහු ගමන්ගත් පෞද්ගලික මෝටර් රිය සැකකටයුතු කැබ් රථයකින් ලුහුබැඳ පැමිණි පිරිසක් ඔහුට පහරදී මෝටර් රථයටද ගිනිතබා තිබේ.

මේ සිද්ධියට මැදිවී ඇත්තේ සුමින්ද සමන් නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේ එම පොලිස් කොස්තාපල්වරයා මේ පහරදීමට මැදිවී ඇත්තේ ‍ෙදාඩන්ගොඩ
බෝම්බුවල තුඩුගල ප්‍රදේශයේදී එදින රාත්‍රි 8.45ට පමණ බවයි.

පොලිස් නිලධාරියා ගමන් කළ මෝටර් රථය සැකකරුවන් පැමිණි කැබ් රථයෙන් හරස් කොට නැවැත්වූ අවස්ථාවේ ඔහු මෝටර් රථයෙන් බැස පලාගොස් ඇති නමුදු සැකකරුවන් තිදෙනකු ඔහු ලුහුබැඳ පැමිණ අල්ලාගෙන සිටියදී ඔවුන් සමඟ සිටි අයකු පහරදී ඇති බව සිද්ධියට මැදිවූ පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂණ නිලධාරීන්ට පවසා තිබේ.

මීට දින කීපයකට පෙර කුරුඳුගහ හැතැප්ම හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණි වෙළෙඳ හා සමුපකාර නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා රැගත් වාහනයේ රියැදුරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමා ඉක්මවා වාහනය ධාවනය කිරීම සම්බන්ධයෙන් මේ පොලිස් නිලධාරියා විසින් රුපියල් දහසක දඩ කොළයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එම සිද්ධිය මෙයට හේතු පාදක වී ඇති බවට සිද්ධියට මැදිවූ පොලිස් කොස්තාපල්වරයා තුළ සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

එහෙත් එවැන්නක් මෙතෙක් හෙළි වී නැති බවද ඔහු සඳහන් කෙළේය.
කොස්තාපල්වරයාට පහරදීමට පැමිණි කැබ්රථයේ නොම්මර තහඩුව වසා තිබූ බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මේ අතර සිද්ධියට පසුබිම් වී ඇතැයි සැකකරන හෝඩුවාවන් දෙකක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාගෙන් 'මව්බිම' විමසූ විට ඔහු සඳහන් කෙළේ තමා මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි. තමා යටතේ සිටින කිසිවකු මෙවැනි සිද්ධියකට මැදිහත්වී නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ පහරකෑමකට ලක්වී ඇති පොලිස් කොස්තාපල්වරයා සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවයි. අධිවේගී මාර්ගයේ දඩ කොළයක් ලබාගත් පළමුවැනි දේශපාලනඥයා තමා බවද ඔහු පැවැසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත කළුතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් සිල්වා යටතේ සහ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වයි.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive