facebook like

විපක්ෂ නායක වුණොත් මොකද කරන්නෙ ?

ආණ්ඩුව පෙරළල බලය අල්ලනවා - රංජිත් මද්දුම බණ්ඩාර



වහාම සංවිධානය වෙලා ආණ්ඩුව පෙරළලා ආණ්ඩු බලය අල්ලගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. එතැනදී විපක්‍ෂයේ ඉන්න සියලු බලවේග එක්කාසු කරගෙන තමයි මේ ආණ්ඩුව පෙරළා දැමීමේ මෙහෙයුම දියත් කරන්නේ. පක්‍ෂය ඇතුළේ එකමුතුකම ගොඩනඟන එක ඊට කලින් කරන්න ඕන. ඒකට ඉතිං හැමෝටම
එක විදියට සැලකුවාම හරි. මම විපක්‍ෂ නායක වුණොත් පක්‍ෂයේ සාමාජිකයන් සියලු දෙනාටම එකම හැන්දෙන් බෙදනවා. එතකොට පක්‍ෂයේ එකමුතුව නිකම්ම හැදේවි.



විපක්ෂ නායකකම දුන්නත් එපා කියනවා - ජෝශප් මයිකල් පෙරේරා


මම බලාපොරොත්තු වන්නේ විපක්‍ෂ නායකකම නෙවෙයි. මම වැඩ කරන්නේ විපක්‍ෂ නායකකම බලාගෙන නෙවෙයි. කවදාහරි දවසක ආණ්ඩුවේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මම කැමතියි ආණ්ඩුවක් පිහිටුවන්න. එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවල ඒ ආණ්ඩුවේ උසස් නිලයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිලය විපක්‍ෂ නායකකම නෙවෙයි. විපක්‍ෂ නායකකම ලැබුණා කියලා මහ ලොකු වැදගත්කමක් නෑ. මම නම් මට විපක්‍ෂ නායකකම දෙන්න සූදානම් වුණත් එපා කියනවා. මගේ සටන තියෙන්නේ ඒ වෙනුවෙන් නෙවෙයි. ආණ්ඩුවක් පිහිටුවන්න. ඒ ආණ්ඩුවේ ප්‍රබල නිලයක් දරන්න. අන්න ඒ සඳහා තමයි මගේ සටන ක්‍රියාත්මක වන්නේ.



රනිල් තරම් හොඳ තවත් කෙනෙක් කොයින්ද? - ගීතා කුමාරසිංහ


දැන් තමයි හොඳම විපක්‍ෂ නායක බිහිවෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ විපක්‍ෂ නායකතුමා විපක්‍ෂ නායක වෙලා ඉන්නවා ජීවිත කාලය පුරාවටම. මොකද සියලු වරප්‍රසාද ටික ලැබෙනවා. රට රටවල සංචාරය කරනවා. තමන්ගේ පවුල බලාගෙන බොහොම සන්තෝෂයෙන් පැරැදි පැරැදි ජීවිතය ඇති තාක් කල් විපක්‍ෂයේ ජීවත් වෙනවා. ඒ නිසා හොඳම විපක්‍ෂ නායකතුමා තමයි මේ බිහිවෙලා ඉන්නේ. කොයි විපක්‍ෂ නායකයාටද පුළුවන් 28 වතාවක් පැරදෙන්න....? ආයේ කවදාවත් මේ වගේ කෙනෙක් හමුවන්නේ නෑ. යූ.ඇන්.පී. එකෙන් විපක්‍ෂ නායක කෙනෙක් හැරෙන්න ජනාධිපති කෙනෙක් බිහිවන්නේ නෑ. ඒක ෂුවර්. ඒ නිසා විපක්‍ෂ නායකලා ඉන්නේ එක්කෙනයි. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයාගෙන් පස්සේ විපක්‍ෂ නායකලා බිහිවන්නෙත් ඒ පක්‍ෂයෙන්මයි. මොකද කවදාවත් ආණ්ඩු බලය ගන්න බෑනේ.




පන්ති විප්ලවය කරනවා - වික්‍රමබාහු කරුණාරත්න


විපක්‍ෂ නායකකමක් මට ලැබෙයි කියලා හිතන්න බෑ. මොකද මම දැනට පාර්ලිමේන්තුවේවත් නැහැනේ. ලැබෙනවා නම් ඉතිං මේ දැනට කරගෙන යන මාක්ස්වාදී ව්‍යාපාරයේ අදහස් එකතු කර කරගෙන යනවා. විපක්‍ෂ නායකයා වෙන්න තරම් අවස්ථාවක් ලැබුණොත් විප්ලවය කිට්ටුයි වගේ පේනවා. එතකොට විප්ලවකාරී වැඩ සැලැස්මක් ජනතාව අතරට ගෙන යන්න කටයුතු කරනවා. ඒ වෙනුවෙන් රට පුරා මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් උද්ඝෝෂණ සංවිධානය කරනවා. මගේ තියෙන එකම අභිමතාර්ථය තමයි නිර්ධන පන්ති විප්ලවය. ඉතිං ඒ සඳහා මට ලැබුණු විපක්‍ෂ නායක තනතුර උපයෝගි කරගැනීම තමයි කරන්නේ. ඒ සඳහා විපක්‍ෂයේ සෙසු පක්‍ෂවලටත් කැමති නම් එන්න පුළුවන්. ඒ වාමාංශික කොටස් සමහරවිට මගේ ගමනට එකතුවයි.




ජනතාව දිනාගෙන පහසුවෙන් ආණ්ඩුව පෙරළනවා - හරීන් ප්‍රනාන්දු



අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් ගන්න කටයුතු කරනවා. ඇත්තවශයෙන්ම විපක්‍ෂයේ කාර්යභාරය සියලු දෙනාම එකතු කරගනිමින්, ආණ්ඩුව කරන වැරැදි වැඩ සම්බන්ධයෙන් දැවැන්ත විවේචන කරමින් කටයුතු කරන එකනේ. විපක්‍ෂ නායකයා වෙනවා කියන්නේ ලංකාවේ විශාලතම තනි පක්‍ෂයේ නායකයා වෙනවා කියන එක. සමස්ත විපක්‍ෂයේම වැඩිම බලය ඇති පක්‍ෂයට නායකත්වය දෙනවා කියන එක. විශාල බලයක් තියෙන ඒ පක්‍ෂයේ නායකයා විදියට ජනතාවට සේවය කරනවා. ජනතා ප්‍රසාදයත් දිනාගෙන බොහොම පහසුවෙන් ආණ්ඩුව පෙරළනවා. ඒ සඳහා සියලු පක්‍ෂ සමඟි කරගන්නවා. ඒක තමයි නායකත්වයට තිබිය යුතුම සුදුසුකම. විපක්‍ෂ නායකයාට සියලුමදෙනා එක ඉලක්කයකට අෑ¼දාගන්න පුළුවන් වෙන්න ඕන. ඉතිං මම හිතනවා සාර්ථක විපක්‍ෂ නායකයෙක් වෙන්න නම් සියලු දෙනා එකට එකතු කරගැනීමත් වැදගත් කියලා.



ඒ ගැන හිතන්නෙ නෑ  - දයාසිරි ජයසේකර


විපක්‍ෂ නායකකම ලැබෙන්නෙ නෑනේ. ඒ නිසා ඒක ගැන හිතන්නේ නෑ. ඒ වෙනුවෙන් මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ. මම ආණ්ඩුවේ ඉන්නේ. ඒ නිසා විපක්‍ෂ නායකකමක් නම් ගන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. විපක්‍ෂ නායකකම ඕන නම් මම ආණ්ඩුවට එන්නෙ නැහැනේ. ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා විදියට මහජනතාව කියන තාක්කල් මම ඉන්නවා. මාව මේ ජනතාවම එපා කියලා කිව්වොත් මම ගෙදර යනවා.



විපක්ෂයේ සියලු පක්ෂ සමගි කරනවා - හේමකුමාර නානායක්කාර


මට විපක්‍ෂ නායකකම ලැබුණොත් විපක්‍ෂයේ සියලුම පක්‍ෂ සමගිි කරගැනීම මගේ මූලික කටයුත්ත හැටියට සලකනවා. ඒ සමගිි කරගැනීමෙන් අනතුරුව රජය ගෙනයන්නා වූ වැරැදි ආර්ථික සමාජයීය ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තුව තුළත්, ඉන් පරිබාහිරවත් කටයුතු කරන්නට දැවැන්ත වැඩපිළිවෙළක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා. ඒ එක්කම ඒකාබද්ධ විපක්‍ෂය බලවත් කරගෙන ඒකාබද්ධ විපක්‍ෂයක් හැටියට රටේ ජනතාව අතරට ගිහිල්ලා ඉතාම ඉක්මනින් වර්තමාන රජය ප්‍රජාතන්ත්‍රවාදීව බලයෙන් පහ කරනවා.


මගේ අරමුණ ඕක නෙවෙයි - එරාන් වික්‍රමරත්න

ඇත්තටම ඒ අහපු ප්‍රශ්නය මට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. මම විපක්ෂයේ ඉන්න බලාගෙන නෙවෙයි දේශපාලනයට ආවේ. ඒ නිසා විපක්ෂ නායක ධුරය ලබාගැනීමට කිසිම චේතනාවක් නෑ. එක අරමුණයි තිබෙන්නේ. ඒ අරමුණ තමයි රජයක් පිහිටුවන්න සහ ආණ්ඩු බලය ගන්න. ඒ අරමුණෙන් තමයි මෙතැනට ආවේ. ඉතිං විපක්ෂයේ දැන් ඉඳගෙන ඉන්නේ ඉගෙනගන්න. එදා හම්බන්තොට ගිහිල්ලත් ඉගෙන ගත්තා. අනිකුත් ගවේෂණ චාරිකාවල යන්නෙත් ඉගෙන ගන්න. මොකද මගේ එකම අරමුණ තමයි ආණ්ඩු බලය ගැනීම. ඒ නිසා මට ඔය ප්‍රශ්නය අදාළ වෙන්නේ නෑ. නමුත් විපක්ෂ නායකතුමකුගේ වැඩපිළිවෙළ වන්නේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුළ පොදු වැඩපිළිවෙළක් වගේම විපක්ෂය එකතු කරලා පොදු දේශපාලන වැඩපිළිවෙළක් තියෙන එක. එතකොට තමයි අපිට බලන්න පුළුවන් කවුද ඇත්ත විපක්ෂය කියලා.



වාසනා සුරංගිකා විතානගේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive