facebook like

මියගිය විදේශිකයාගේ සිරුර ට්‍රොලියක තබා තිබුණා .........වික්‌ටෝරියා නොතේරෙන වචන දොඩවමින් තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා ......--== තංගල්ල හිටපු පොලිස්‌ ස්‌ථානාධිපති කාලිංග සිල්වා

2011 දෙසැම්බර් 25 දා රාත්‍රී 8 ට පමණ ලහිරු කැලුම් හා සම්පත් දේශප්‍රිය යන විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කළා. ස්‌ත්‍රී දූෂණයත්, මිනී මැරීමත් හා අනර්ථ සිදු කිරීමත් කියාදී අත්අඩංගුවට ගැනීම සිදු කළා. අත්අඩංගුවට ගත් විත්තිකරුවන් පොලිස්‌ භාරයට ගත් පසු තංගල්ල රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීම සිදු කළා. විත්තිකරුවන් පොලිස්‌ ස්‌ථානයේ සිර මැදිරියේ රඳවා තබනු ලැබුවා. සමන් දේශප්‍රිය විත්තිකරුගේ වම් අතේ වූ සීරීම් තුවාලයක්‌ සටහන් කරනු ලැබුවා.

තංගල්ල ද නේචර් හෝටලයේ නවාතැන් ගෙන සිටියදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ගේ පෙම්වතිය වූ සමූහ දූෂණයට
ලක්‌වූ රුසියානු ජාතික වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දොaවා ඉතා වේදනාවෙන් තෝරාගත නොහැකි වචනවලින් දොඩවමින් තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව තංගල්ල හිටපු පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කාලිංග සිල්වා මහතා ඊයේ (02 දා) කොළඹ මහාධිකරණය හමුවේ සාක්‌කි දෙමින් කියා සිsටියේය.

කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය හමුවේ විභාග වන නඩුවේ පැමිණිල්ලේ සාක්‌කිකරුවකු ලෙසින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ කියා සිටි ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා අපරාධය දැනගත් සැනින් එයින් මියගිය විදේශීය ජාතිකයාව රෝහල් ගත කළ බවට දැනගත් නිසා රෝහල වෙත ගිය බවද රෝහලට ඇතුළත් වන ප්‍රධාන දොරටුව අසල ඔහුගේ දේහය ට්‍රොලියක දමා තිබූ බව කියා සිටියේය.

2011 දෙසැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී තංගල්ල මැඬිල්ල පාරේ පිහිටි "ද නේචර්" සංචාරක හෝටලයේදී රයන් අකලංක නමැත්තාට පහර දී තුවාල සිදුකිරීමේ පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් එම කාලසීමාවේදීම එම හෝටලයේ සිටි කුරාම් සේවන් ෂෙයික්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පහර දී බෝතල් කටුවලින් ඇන කපා මරා දමන ලද බවට ද ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌ සැන්දොaවා නමැත්තිය රංචු ගැසී දූෂණය කළ බවට ද විත්තිකරුවන්ට එරෙහි නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.

එම කාලසීමාවේදීම "ද නේචර්" හෝටලයට රුපියල් 1,60,255 ක අනර්ථයක්‌ කළ බවට ද එහි තිබූ රුපියල් 41,000 ක්‌ වටිනා මත්පැන් බෝතල් කොල්ලකෑ බවට ද වැඩිදුරටත් චෝදනා ගොනුකර ඇත.

මෙහි චෝදනා ලැබ සිsටින විත්තිකරුවන් වන්නේ ලහිරු කැලුම් හෙවත් රවීන්ද්‍ර, උඩුවනගේ සමන් දේශප්‍රිය, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් හෙවත් සහන් සහ සරණආරච්චි පටබැඳිගේ චානුක චතුරංග නමැති අයයි.

මෙහි තෙවැනි විත්තිකාර සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ නමැති අයව නඩු විභාගය අවසන් වනතෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක්‌ සැකකරුවන් ඇප මත මුදාහැර ඇත. ඇප මත මුදාහැර ඇති විත්තිකරුවන් නඩු විභාගයට පෞද්ගලිකව පෙනී සිටි අතර තෙවැනි විත්තිකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් සාක්‌කිකරු මෙසේද කියා සිටියේය.

මා පොලිස්‌ සේවයට එක්‌වී මේ වනවිට වසර 29 ක්‌ පමණ වෙනවා. පොලිස්‌ සේවයට එක්‌වුණේ ආධුනික උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙසිනුයි. තංගල්ල පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපතිවරයා ලෙස පත්වීමට ප්‍රථම දිවයිනේ විවිධ ස්‌ථානවල සේවය කළා. තංගල්ල පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපතිවරයා ලෙස 2009 සිට සේවය කළා.

2011 දෙසැම්බර් 25 දා අලුයම දුරකථන ඇමතුමක්‌ ආවා. තංගල්ල මැඩිල්ල පාරේ හෝටලේ අපරාධයක්‌ වූ බවට. එහි රෝගීන් රෝහල් ගත කළ බව ද කීවා. ඒ අනුව වහාම ක්‍රියාත්මකවී තංගල්ල මූලික රෝහල වෙත පාන්දර 1.30 ට පමණ ගියා. හෝටලය වෙත ද නිලධාරීන් කණ්‌ඩායමක්‌ ද යවනු ලැබුවා. රෝහලට ගියවිට විදේශීය ජාතිකයකු මියගොස්‌ ඇති බවට දැනගත්තා. ඔහුගේ පෙම්වතියට හදිසි ප්‍රතිකාර කරන බවට දැනගත්තා. මියගිය අයගේ මෘතශරීරය රෝහල් ප්‍රධාන පිවිසුමේ ට්‍රොලියක උඩුකුරුව තබා තිබුණා. එහි නළලේ, බෙල්ලේ තුවාල දක්‌නට ලැබුණා. අධික ලෙස රුධිරය වහනය වී තිබුණා. විදේශීය කාන්තාව වාට්‌ටුවක ප්‍රතිකාරවලට යොමුකර තිබුණා. ඇය ඉතා වේදනාවකින් තේරුම්ගත නොහැකි වචනවලින් දොඩවමින් සිටියා. ඇගේ ඇසට තුවාල වී තිබුණා. ඇගේ හිසේ වූ තුවාලයකට බෙහෙත් දැමීමට රෝහල් කාර්ය මණ්‌ඩලය ඇයගේ හිසේ කෙස්‌ ඉවත් කරමින් සිටිනවා දැක්‌කා. රෝහල් පරීක්‍ෂාවෙන් පසු අපරාධයවූ හෝටලයට පැමිණියා. හෝටලයට යනවිට පාන්දර 2.30 ට පමණ ඇති. හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන්ද එම ස්‌ථානයට පැමිණ සිටියා.

පළමුව මා අපරාධ ස්‌ථානයේ ආරක්‌ෂාව යෙදීමට කටයුතු කරනු ලැබුවා. එම ස්‌ථානයට යනවිටත් එහි ගොස්‌ සිටි නිලධාරීන් ආරක්‌ෂාව යොදවා තිබුණා. එහි කිසිවක්‌ එළියට නොගන්නත් එළියෙන් කිසිවක්‌ ඇතුළට නොගන්නත් ආරක්‌ෂාව යොදවනු ලැබුවා.

මේ අපරාධය සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණ පොලිස්‌පතිවරයාගේ නියමය අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා. ඔවුන්ට අවශ්‍ය සහාය පොලිසිය ලබාදෙනු ලැබුවා.

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාගේ දැනුම්දීමක්‌ අනුව දෙසැම්බර් 27 දා සහන් නමැති භාරවූ විත්තිකරුව අත්අඩංගුවට ගැනීම සිදුකළා. තංගල්ල පොලිස්‌ ස්‌ථානයේ සිට කිලෝමීටර් 1 1/2 ක්‌ පමණ දුරින් කොලොන්න ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කළා.

අත්අඩංගුවට ගන්නා අවස්‌ථාව වනවිට සහන් නමැති විත්තිකරුට කිසිම තුවාලයක්‌ තිබුණේ නෑ. මෙම අපරාධයේ විශේෂිත බව නිසාම විත්තිකරුව කිසිවකුට හමුවීමට ඉඩ දුන්නේ නෑ.

සාක්‌කිකරු විත්තිකූඩුවේ සිටි විත්තිකරුව හඳුනාගනු ලැබීය.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ විඡේසිරි අඹවත්ත මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේද කියා සිටියේය.

අපරාධය සිදුවු හෝටලයට යනවිට 2011 දෙසැම්බර් 25 දා පාන්දර 2.50 ට පමණ ඇති.

ජයන්ත වීරසිංහ මහතා - මුලින් 2.30 ට කිව්ව එක වැරදිද?

සාක්‌කිකරු- අමතකවීමක්‌ වුණා. අපරාධය වූ ස්‌ථානයට ගිය අවස්‌ථාවේදී හෝටල් කාර්ය මණ්‌ඩලයේ කිසිවකු හමුවුණේ නෑ. පොලිසිය පැමිණි බව දැනගත් පසුවයි ඔවුන් පැමිණියේ මෙහි විමර්ශන සිදු කරනු ලැබුයේ උප පොලිස්‌ පරීක්‍ෂක ජයසිංහ මහතා විසිනුයි.

ජයන්ත වීරසිංහ මහතා ඔබට කිසිවෙකු අපරාධය ගැන කීවාද?

සාක්‌කිකරු - මෙහි විමර්ශන කළේ එස්‌. අයි. ජයසිංහ මහතා ඔහුට සියලු සාක්‌කි ලබාගන්නා ලෙසට උපදෙස්‌ දුන්නා.

ජයන්ත වීරසිංහ මහතා- අපරධය ගැන ඔබට කිසිවෙකු කීවේ නෑ නේද?

සාක්‌කිකරු-මා මේ ගැන විමර්ශන කළේ නෑ ස්‌වාමීනි.

ජයන්ත වීරසිංහ මහතා- ප්‍රශ්නයට පැහැදිලිව උත්තර දෙන්න. ඔබ ගිය වෙලාවේ කිසිවකු ඉදිරිපත් වුණේ නෑ නේද?

සාක්‌කිකරු - එහෙම කිසිවකු ඉදිරිපත් වීමක්‌ වුණේ නෑ.

තුන්වෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සම්පත් හේවාපතිරණ මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ කීය.

තංගල්ල පොලිසියට පැමිණ වසර එකහමාරක්‌ පමණ වනවිට මෙම අපරාධය සිදුවුණේ.

සම්පත් හේවාපතිරණ මහතා - මොනවාද මේ පදක්‌කම්? (සාක්‌කිරු) පැළඳ ඇති පදක්‌කම් ගැන විමසමින්

සාක්‌කිකරු - උසස්‌වීම්වලට ලද ඒවා.

මෙම අපරාධය ගැන මුලින්ම මට කීවේ දුරකථන ක්‍රියාකරු. මා නිල නිවාසයේ සිටියදී ඔහු තමයි මට මේ පිළිබඳව දන්වා සිටියේ.

මෙම අපරාධයට අදාළව අපරාධ ස්‌ථාන නිරීක්‍ෂණ සටහන් කොළ 16 ක පමණ යොදා තිබෙනවා.

අපරාධ ස්‌ථාන හඳුනා ගැනීමට කැඳවන නිලධාරීන් පැවැති ස්‌ථාන නිරීක්‍ෂණය සිදු කරනවා. එම නිලධාරීන්ට උපදෙස්‌ දීමට මට වෘත්තීය දැනුමක්‌ නෑ.

තංගල්ල පොලිසියේ නිලධාරීන් එම ස්‌ථානයට යැමට පෙර හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන් ඇවිත් සිටියා. ඔවුන්ද මෙහි නිරීක්‍ෂණයන් සිදු කළා.

සම්පත් හේවා පතිරණ මහතා - මෙහි දැනුම්දීම ලැබෙන විට තමුන් විවේකීවද සිටියේ?

සාක්‌කිකරු - වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවේකීව තමයි. හැබැයි පොලිස්‌ නිලධාරීන් පැය 24 ම රාජකාරියට කැප වෙලා ඉන්නවා. අපරාධය දැනගත් සැනින් නිල නිවසේ සිට පොලිස්‌ ස්‌ථානයට පැමිණ නිලධාරීන්ගෙන් විමසීම් කර රෝහලට පිටපත් වුණා.

රෝහලට ඇතුළත් වන ස්‌ථානයේ මියගිය විදේශීය ජාතිකයාගේ මෘතදේහය තබා තිබුණා. එම දේහයේ මුහුණ හා බෙල්ලේ කැපුම් තුවාල තිබුණා. රෝහලේ හදිසි ප්‍රතිකාර ලබමින් සිටි විදේශීය කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත යවනු ලබන බව රෝහල් වෛද්‍යවරුන් කීවා.

අපරාධය වූ ස්‌ථානයට ගොස්‌ පැය 2 කින් පමණ එහි විදුලිය විසන්ධිවීමක්‌ සිදු වුණා. අපරාධවූ ස්‌ථානයේ මා පැය තුනක්‌ පමණ රැඳී සිටියා. අප ගොස්‌ ටික වේලාවකින් සොකෝ ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත මහතා පැමිණියා. මෙම අපරාධය ගැන මුලින් පරීක්‍ෂණ තංගල්ල පොලිස්‌ කොට්‌ඨාසයේ නියෝජ්‍ය පොලිස්‌පතිතුමාගේ හා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාගේ නියමයන් පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුව පැවරුණා.

සම්පත් හේවාපතිරණ මහතා - තංගල්ල ප්‍රදේශය භාර ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා ලෙස තංගල්ල ප්‍රදේශයේ අපරාධයක්‌ සිදුවූ විට ක්‍රියා කරන අයුරු පැහැදිලි කරන්න.

සාක්‌කිකරු - තංගල්ල පොලිස්‌ පරීක්‍ෂක ලෙස විශේෂ වගකීමක්‌ නෑ. ඕනෑම පොලිස්‌ නිලධාරියකුට නියමිත රාජකාරියක්‌ තියෙනවා.

සම්පත් හේවාපතිරණ මහතා - මේ අපරාධය ගැන ඔබේ රාජකාරිය පැහැදිලි කරන්න.

විනිසුරුවරිය - මෙහි පරීක්‍ෂණවලට කී දෙනෙක්‌ සහභාගි වුණාද සාක්‌කිකරු?

සාක්‌කිකරු - හයදෙනෙක්‌ ස්‌වාමීනී.

විනිසුරුවරිය - ඔබේ රාජකාරිය කුමක්‌ද?

සාක්‌කිකරු - ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂා කර ඒ ගැන අපරාධ අංශ භාර නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා. පසුව මෙහි පරීක්‍ෂණ සී. අයි. ඩී. නිලධාරීන්ට භාරදී තිබුණා.

සම්පත් හේවා පතිරණ මහතා - සොකෝ නිලධාරීන් කැඳවීම කළේ ඔබද?

සාක්‌කිකරු - මමත් තීරණය කළා. අපරාධ අංශය ඒ ගැන දැනුම්දීම කළා. අපරාධ ස්‌ථානයේ සියලු විමර්ශන කටයුතු මුලින් තංගල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා හා සොකෝ නිලධාරීන් සිදු කළා. අපරාධ ස්‌ථානයේ නඩු භාණ්‌ඩ ලබාගැනීම සොකෝ නිලධාරීන් කැඳවීම හා ඇසින් දුටු සාක්‌කි ලබා ගැනීම ආදී දේ සඳහා මම නිලධාරීන්ට උපදෙස්‌ ලබාදෙනු ලැබුවා.

තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ හිටපු ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුනිල් ශාන්ත මහතා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් මෙසේ සාක්‌කි දෙනු ලැබීය.

2011 දෙසැම්බර් 25 දා රාත්‍රී 8 ට පමණ ලහිරු කැලුම් හා සම්පත් දේශප්‍රිය යන විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කළා. ස්‌ත්‍රී දූෂණයත්, මිනී මැරීමත් හා අනර්ථ සිදු කිරීමත් කියාදී අත්අඩංගුවට ගැනීම සිදු කළා. අත්අඩංගුවට ගත් විත්තිකරුවන් පොලිස්‌ භාරයට ගත් පසු තංගල්ල රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීම සිදු කළා. විත්තිකරුවන් පොලිස්‌ ස්‌ථානයේ සිර මැදිරියේ රඳවා තබනු ලැබුවා.

සමන් දේශප්‍රිය විත්තිකරුගේ වම් අතේ වූ සීරීම් තුවාලයක්‌ සටහන් කරනු ලැබුවා.

සාක්‌කිකරු අත්අඩංගුවට ගනු ලැබූ විත්තිකරුවන් හඳුනා ගනු ලැබීය.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ විඡේසිරි අඹවත්ත මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‌කිකරු මෙසේද කීවේය.

පළමු විත්තිකරු 25 දා රාත්‍රී 8.20 ට පමණ අත්අඩංගුවට ගැනීම සිදු කළා. පොලිස්‌ පරීක්‍ෂණ වලින් පසුව විත්තිකරුව පොලිස්‌ ස්‌ථානයේ රඳවා තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීම සිදු කළා. විත්තිකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාරදීම ස්‌ථානාධිපතිවරයා සිදු කළා.

ජයන්ත වීරසිංහ මහතා - විත්තිකරුව සී. අයි. ඩීයට දුන්නේ කවදාද?

සාක්‌කිකරු - කියන්න දන්නේ නෑ.

ජයන්ත වීරසිංහ මහතා - අන්න ඒක තමයි කියන්නේ සී. අයි. ඩී. එකෙන් විත්තිකරුව තංගල්ල පොලිසියේ රඳවා ගෙන දිගට හරහට ගැහැව්වා කියලා කියන්නේ.

සාක්‌කිකරු - ඒ ගැන කියන්න දන්නේ නෑ ස්‌වාමීනි.

දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි සෞම්‍යා මුතුකුඩ මහත්මියගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු.

සෞම්‍යා මුතුකුඩ මහත්මිය - දෙවැනි විත්තිකරු සී. අයි. ඩීයට බාර දෙන තෙක්‌ කවුරුන් බාරයේද සිටියේ.

සාක්‌කිකරු - පොලිස්‌ ස්‌ථානයේ ස්‌වාමීනි.

සෞම්‍යා මුතුකුඩ මහත්මිය - දෙවැනි විත්තිකරුට සී. අයි. ඩී. නිලධාරීන් පහර දෙනවා ඇසුනාද?

සාක්‌කිකරු - නෑ මට ඇහුනේ නෑ.

සාක්‌කි විමසීම එතැනින් අවසන් විය. වැඩිදුර විභාගය අද (3 දා) දක්‌වා කල් තැබිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive