දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම්වලින් වූ අනතුරුවලින් දහසය දෙනකු මිය ගොස් එක් අයකු අතුරුදන්ව ඇති අතර පස්දෙනකු තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇත. පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 4820කි. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1300කට අයත් පන්දාහකට අධික පිරිසක් අවතැන්ව සිටිති.
කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අගලවත්ත පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ අවදානම් කලාප වශයෙන් නම් කර ඇතැයි ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී භූ
විද්‍යාඥ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.
මේ අතර ගාල්ල සහ නෙළුව තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවදානම් කලාප ලෙස නම් කොට ඇත.
කළු, නිල්වලා, ගිං, කුකුළේ සහ බෙන්තර ගංගාවන්හි ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගලන බැවින් පහත්බිම්හි ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි
මියගිය දාහතර දෙනාගෙන් දොළොස්දෙනකු මිය ගොස් ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි. අනිත් දෙදෙනා තලංගම ප්‍රදේශයේය.
මතුගම, කිතුල්ගොඩ ප්‍රදේශයේ පස් කඳු නාය යාමෙන් හත් දෙනෙකුද බුලත්සිංහල මහගම පස් කඳු කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇත. මීගහතැන්න පස් කඳු කඩා වැටීමෙන් එක් අයෙකු සහ වැලිපැන්න ප්‍රදේශයේ ගං වතුරට හසු වීමෙන් එක් අයෙකු මියගොස් ඇත.
තලංගම, ධර්මාශෝක මාවතේ කලුගලින් බදින ලද බැම්මක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇත.
මතුගම, කිතුල්ගොඩ, ප්‍රදේශයේ පදිංචි රේණුකා හේරත් (45) නදීශා මධුෂානි (22) බුද්ධිනි ඉෂරා (9) සඳුනි නිමේෂා (8) කේ.වී. රුහිරු (4) ශියගේ පුණ්‍යසේන (57) ඌරු ලියනගේ කුසුමාවතී (47) සහ බුලත්සිංහල, මහගම ප්‍රදේශයේ පදිංචි කේ. නොයියා (80) ආර්.එස්. පියසේන (54) මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි දොන් සීමන් (73) වැලිපැන්න, මතුගම ප්‍රදේශයේ පදිංචි එම්.එච්. චමින්ද (38) යන අය මිය ගොස් තිබේ. තලංගම, ධර්මාශෝක ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි නවරත්න (73) සහ ඕ.ජී. ප්‍රේමසිලි (62) යන දෙදෙනා බැම්මකට යට වීමෙන් මියගොස් ඇත. බුලත්සිංහල, මහගම පදිංචි සුසිල් රාජපක්ෂ මහතා අතුරුදන්ව ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ මියගිය එක් අයකුට රුපියල් පහළොස් දහසක මුදලක් අවමංගල්‍ය කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් ලබා දීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (2) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ විසිපහක මුදලක් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යවා තිබේ.
කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23 ක්, මදුරුවල පවුල් 120ක්, අගලවත්ත පවුල් 250ක්, බණ්ඩාරගම පවුල් 19ක්, පාලින්දනුවර පවුල් 150ක් පානදුර පවුල් 100ක් මතුගම පවුල් 171ක්, දොඩම්ගොඩ පවුල් 4 ක් වලල්ලාවිට පවුල් 300ක් මිල්ලනිය පවුල් 50ක්, ඉංගිරිය පවුල් 2 ක්, බුලත්සිංහල පවුල් 20 අවතැන්ව සිටිති.
කළුතර දිස්ත්‍රික්කයේ නිවාස දෙකකට පූර්ණ හානි හා නිවාස පහළොවකට අර්ධ හානි සිදුව තිබේ. අගලවත්ත, වැලිපැන්න, මතුගම, පාලින්ද නුවර, ඕමන්ත, අකුරැස්ස, හිනිදුම, නෙළුව, කඩිහින්ගල, උඩුගම, නාගොඩ ඇතුළු ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට වී තිබේ.
උඩුගම - බද්දේගම, උඩුගම - අකුරැස්ස, උඩුගම - දෙල්ලව, පිටිගල, මැටිවිලිය, උතුරුපිටිගල - ඇල්පිටිය, පිටිගල - පැලවත්ත මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා රැසක් එල්ල වී තිබේ. මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා පාසල් ළමුන් පාසල් කරා යෑමට නොහැකිව ආපසු නිවෙස් කරා ගමන් කරන අයුරු ද දැකගත හැකිවිය. ජල ගැලීම් සිදුවූ ප්‍රදේශවල සිසුන්ට පැමිණීම ඉතා දුර්වල මට්ටමක තිබූ බව විදුහල්පති වරුන් ලක්බිමට පැවැසූහ.
පැලවත්ත, මතුගම, පාලින්දනුවර, අඟලවත්ත, වැලිපැන්න, පබරැල්ල ප්‍රදේශවල ජනතාව සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් පන්සීයකට අධික පිරිසක් යොදවා තිබේ.
ගං වතුර හේතුවෙන් ජීවිත තර්ජනයට මුහුණ දෙන ජනතාව බේරා ගැනීමට මෙන්ම අවහිරව ඇති මාර්ගවල ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමටත් ප්‍රාදේශීය පරිපාලන බලධාරීන්ට සහයෝගය ලබා දීමට කටයුතු කර බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පී.ආර්. වනිගසූරිය මහතා පවසයි. කළුතර දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාවට සහන සැලසීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ උපදෙස් මත නාවික හමුදා ක්ෂණික මුදවාගැනීමේ හා සහන බලඝනයේ කණ්ඩායම් දහයක් නාවික යාත්‍රා දහයක් ජීවිතාරක්ෂක උපකරණ රැසක් යවා ඇති බව නාවික හමුදාවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා ‘ලක්බිම’ට පැවැසීය.
පළාතේ පවතින තත්ත්වය පිළිබඳ ලක්බිම කළ විමසුමකට පිළිතුරු දුන් කළුතර අතිරේක දිසා ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා
“කළුතර දිස්ත්‍රික්කයේ දැනට මරණ එකොළහක් සිදුවෙලා. එක් අයකු අතුරුදන්ව තියනවා. තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළා. වැඩිම මරණ වාර්තා වෙන්නේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක නිවාස රැසකට අලාභහානි සිදු වී තියෙනවා. ජනතාව විශාල ලෙස පීඩාවට පත්වෙලා අවතැන් වී සිටින අයට වියළි ආහාර සහ පිසූ ආහාර ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මියගිය අයෙකු සඳහා රු. 15000 මුදලක් ලබා දෙනවා මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සපයා තියෙනවා යැයිද පැවැසීය.
දිවයින පුරා ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුද ඊයේ (02) දහවල් වනතෙක් ප්‍රමාදයට ලක්වී තිබුණි.
වර්ෂාපතනයත් සමග ඇතිවූ ජල ගැලීම් නිසා ප්‍රධාන දුම්රිය මාර්ගවල විවිධ ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹට පැමිණීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය රැසක් ඊයේ (02) උදෑසන ප්‍රමාදයට ලක්වූ බව දුම්රිය පාලන මැදිරි ප්‍රකාශකයකු පැවැසීය.
රාගම දුම්රිය ස්ථානය වෙනදා මෙන් ජලයෙන් යටවීම නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇනහිටීය. අඩි 2ක් පමණ උසට ජලයෙන් යටවී තිබූ රාගම දුම්රිය ස්ථානය ඊයේ (02) පස්වරු වන විට යථා තත්ත්වයට පත්වූ බව දුම්රිය පාලන මැදිරි ප්‍රකාශකයකු කීය.
වර්ෂාපතනයත් සමග දුම්රිය සංඥා පද්ධතිවලටද හානි සිදුවීම මෙම දුම්රිය ප්‍රමාදයට හේතුවූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
දිවයින පුරා ඇතිවී තිබෙන හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
ආපදා තත්ත්වය පාලනය වූ වහාම මෙම ප්‍රදේශවලට විදුලිය ලබා දීමට වහා කටයුතු කරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
දිවයිනේ ප්‍රදේශ බොහෝමයක පෙරේදා (1) දිනය පුරා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (2) සවස වන විට කළු ගඟ පිටාර ගලමින් තිබූ අතර, ගිං ගඟ හා නිල්වලා ගඟ ආශ්‍රිතව ද සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

0 comments:
Post a Comment