මම කතා කරන්නෙ දේශපාලන විද්‍යාඥයෙක් හැටියට. ඒ දර්ශනය යටතේ මම ජනාධිපති වුණොත් රට පාලනය කරන විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. ඒක සමහර විට මේ පාලන ක්‍රමයට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.
ප්‍රධාන දර්ශන 3ක්
මම කියපු විදියට ජනාධිපතිවරයෙක්ට ප්‍රධාන දර්ශනයක් තියෙන්න ඕන. මම ඒ වගේ ප්‍රධාන දර්ශන තුනක් යටතේයි රට පාලනය කරන්නේ. ඒ තමයි සාධාරණ සමාජයක්, ප්‍රබුද්ධ ආණ්ඩුවක් සහ නවීන රාජ්‍යයක් කියන දර්ශන තුන.
සුදුස්සාට සුදුසු තැන
තනතුරුවලදී හෝ වෙනත් ඕනෑම දේකදී සුදුස්සාට සුදුසු තැන ලැබෙන ක්‍රමවේදයක් සැකසිය යුතුයි.
විශේෂයෙන්ම රජයේ තනතුරුවලට පත්විය යුත්තේ අධ්‍යාපනය පදනම් කරගෙනයි. හැම තනතුරකම කැපී පෙනෙන නිපුණත්වයක් තියෙන අය සිටිය යුතුයි. එහිදී දේශපාලනය, ජාති ආගම් පවුල කියන දේ මට වැදගත් නෑ. වැදගත් එකම දේ බුද්ධිය පමණයි.
ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක්
ගොඩනඟනවා
ජනතාවගේ සංවර්ධනය, ජනතාවගේ ජීවන මට්ටම ඉහළට නැංවීමට කටයුතු කරමින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනඟනවා. ආර්ථිකය තුළ මගේ පාලන කාලයේදී දැනෙන ප්‍රගතියක් තිබිය යුතුයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තුළ තිබුණු සංවර්ධන මූල උපායන් මම 20 වැනි සියවසට ඔබින විදියට සැලසුම් කරලා සංවර්ධනයට යොදා ගන්නවා.
පවුල් බලය පූර්ණ වශයෙන්
අහෝසියි
කිසිම පවුලක දෙදෙනකුට වඩා දේශපාලන තනතුරුවලට එන්න බැහැ. විභාග හරහා පරිපාලනයන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ඡන්දෙන් හරි, බලයෙන් හරි එකම පවුලේ පිරිසක් රටේ ඉහළ නිලධාරීන් වෙන එක නවත්වනවා. එක පවුලක් එහෙම නැත්නම් එක ගෝත්‍රයක් හැමදේම පාලනය කරන මේ ක්‍රමය පෙරළා දමන්න ඕනෑ.
කැබිනට් එක 25කට 30කට සීමා
කරනවා
කැබිනට් එකකට හැම එක්කෙනාම රිංගවන්නෙ නැහැ. උගතුන්ගේ ආණ්ඩුවකුයි හදන්න ඕන. මගේ කැබිනට් එකට උපරිම 30යි. 25ත් 30ත් අතර හිටියම හොඳටම ඇති. බිලියනයක් ඉන්න ඉන්දියාවෙ සේරම කැබිනට් එක 44යි. ඒත් මෙච්චර පුංචි අපේ රටේ මහ ගොඩක් අපි එතැනදී ලැජ්ජා වෙන්න ඕන. ඒ නිසා ගොඩක්. තියාගෙන මේ කරන පාලන ක්‍රමය මම නවත්තනවා.
මැල්ලුම් වගේ තියෙන අමාත්‍යංශ
එක්කාසු කරනවා
බාහිර ආටෝපයට එක එක නම්වලින් අමාත්‍යංශ ගොඩක් තිබ්බට වැඩක් නැහැ. ඒවා එකතු කරලා හොඳ දැනුමක් තියෙන උගත් ඇමැතිවරු ඒවට දාන්න ඕන. උදාහරණයක් විදියට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය වගේ ඒවට ඒ පිළිබඳ ප්‍රබුද්ධ දැනුමක් ඇති අයවයි මම දාන්නේ.
තරුණ රැකියා ගැටලුව අවසන්
කරනවා
අද රැකියා විරහිත උපාධිධාරීන් විතරක් නෙවෙයි උපාධි විරහිත රැකියාධාරීනුත් රටක පාලනේට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අද සාමාන්‍ය උපාධි අරගෙන කොච්චර එළියට එනවද? ඒ අයට කිසි තැනක් නෑ පරිපාලන සේවයෙන්. ඒත් වෙන කෙනා ගැන කොහොමත් කතා කරන්නේ නෑනෙ. ඒත් ඒ කෙනාටත් ගැළපෙන හෝ නොගැළපෙන රැකියාවක් ලැබෙනවා. ඒත් මම ගැළපෙන විදියට තරුණයන්ව රැකියාවල යොදවන්න වගබලා ගන්නවා.
ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ
නෑ
මේ ආවේගශීලීත්වය, උතුරේ තිබුණු ප්‍රශ්න පාලනය කරන්න නම් ජනාධිපති ක්‍රමය නැතිව බෑ. හැබැයි මම ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කරන සීමාවක් තියෙනවා. පළාත් සභාවලට බලතල දෙන එකට මම එකඟයි. ඒත් අනවශ්‍ය බලතල දෙන්නේ නැහැ.
18 වැනි සංශෝධනය ඉරලා දාන්න
ඕන
18න් කියන දේවල් කරනවට මම විරුද්ධයි. ඒක ඉරලා දාන්න ඕන. ජනාධිපති කෙනෙක් උපරිව, බලයෙ ඉන්න ඕනෙ වාර 2යි. ඒකත් අවුරුදු 5 බැගින් කාලය සීමාවෙන්න ඕන.
17 වැනි සංශෝධනය ආයෙත්
ගේනවා
17න් කියන ස්වාධීන කොමිෂන් සභා පත් කරන්න ඕන. රස්සා හරියට කරන්න නම් ස්වාධීන මහජන කොමිෂන් සභාවක් තියෙන්න ඕන. ඒත් 17 දුර්වලයි. ඒ දුර්වලතා මඟ හරවලා, ශක්තිමත් කරලා රාජ්‍ය යන්ත්‍රය පක්ෂ දේශපාලනය සහ ආණ්ඩු මත පදනම් වෙන එක නවත්වනවා. 1948, 72 තිබුණු නිලධාරී තත්ත්වය ආපහු ක්‍රියාත්මක කරලා 17 ගේනවමයි.
සමානුපාතික ඡන්ද ක්‍රමය ආරක්ෂා
කරනවා
ඉදිරියට සාධාරණ නියෝජන තත්ත්වයක් ඇති කරනවා. 13 වැනි සංශෝධනය පරිපූර්ණව ක්‍රියාත්මක කරනවා. නමුත් ඉන් ඔබ්බට යන්නේ නෑ, මගේ කාලය තුළ කාටවත් ඉන් ඔබ්බට යන්න දෙන්නෙත් නෑ. උතුරටත් දකුණටත් එක විදියෙ නියෝජනයක් ලබාදෙන්න වගබලා ගන්නවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සීමා
කරනවා
ත්‍රස්ත මර්දනය කියන්නේ විරුවන් සමරන එක තහනම් කරන එකට නෙවෙයි. සිංහලයාට වගේම දමිළයටත් තමන්ගේ විරුවන් සමරන්න අවස්ථාව ලැබෙන්න ඕන. දැනට බරපතළ ලෙස ත්‍රස්තවාදය මර්දනය කළ යුතු නැහැනේ. බෙදුම්වාදයට එරෙහි නීති රීති ගෙනාවම ඇති. හැබැයි මම ඒකෙන් කියන්නේ ත්‍රස්ත සංකේත සටන් ක්‍රම, අවි ආයුධ ප්‍රදර්ශනයට ඉඩ දෙනවා කියන එක නෙවෙයි. ඒක නම් තහනම් කරනවා.
21 වැනි සියවසට ගැළපෙන රාජ්‍ය
ප්‍රතිපත්තියක්
මම දැන් ජනාධිපතිට ගරු කරනවා. ඒත් එතුමාගේ රාජ්‍ය ප්‍රතිපත්තිය 21 වැනි සියවසට ගැළපෙන්නෙ නෑ. රටටම ඇහෙන්න සින්දු දාගෙන මම රජ්ජුරුවෝ කියන මේ වැඩපිළිවෙළ වහාම නවත්තන්න ඕන. ජනාධිපති කියන්නේ මහජන නියෝජිතයෙක්. ජනරජ ව්‍යවස්ථාවක රජවරු නැහැ. මේ රාජ්‍ය ප්‍රතිපත්තියෙන් බටහිර රටවල උගත් දමිළ තරුණයන්ගෙ දමිළ ඩයස්පෝරාව එක්ක සටන් කරන්න අමාරුයි. ඒ නිසා ගැළපෙන වැඩපිළිවෙළක් දියත් කරනවා.
දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක්
අධ්‍යාපනයට
කියුබාව වගේ රටක් ඒ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 14%ක් අධ්‍යාපනයට වෙන් කරනවා. මම අඩුම තරමෙ 6%ක්වත් දෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් ඉල්ලන ඉල්ලීම් අධ්‍යාපනය වෙනුවෙන් දෙනවමයි.
ජනමාධ්‍ය අමාත්‍යංශය අහෝසි
කරනවා
ජනමාධ්‍යයට අමාත්‍යංශයක් අවශ්‍ය නැහැ. ජනමාධ්‍ය දේශපාලනයෙන් අෑත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවෙන් ඉවත් කරනවා.
පාර්ලිමේන්තුවට වගකියන මානව
හිමිකම් කොමිසමක්
අපට තිබුණෙ ජාත්‍යන්තර කීර්තියක් තියෙන මානව හිමිකම් කොමිසමක්. ඒත් දැන් ජිනීවා නිසා ඒ තත්ත්වය පහළ වැටිලා. ඒ නිසා මම පාර්ලිමේන්තුවට වග කියන වෙනම ප්‍රබල ස්වාධීන මානව හිමිකම් කොමිසමක් පත් කරනවා.
අලුත් ආයතනයක්
අසාධාරණ විදියට එකිනෙකාට වෙනස්කම් කළ නොහැකි තත්ත්වයක් උදා කරන්න ඕන. ඒ වෙනුවෙන් මම අලුත් ආයතනයක් සහ අලුත් කොමසාරිස්වරයෙක් පත් කරනවා. ඒ සෝල්බරිවල තිබුණ වගේ කිසිම ජන වර්ගයක්, ආගමක් වෙනස් කොට සැලකිය නොහැකි අසාධාරණයට එරෙහි ප්‍රඥප්තියක් ක්‍රියාත්මක වෙන ආයතනයක් වේවි.
හමුදාවට සිවිල් කටයුතු තහනම්
නීතිය හා සාමය සුරකින්න හමුදාවට මැදිහත් වෙන්න පුළුවන් වුණාට සිවිල් කටයුතු හමුදාවට තහනම් තැනක් විය යුතුයි. එහෙම වුණා නම් රතුපස්වල වගේ සිද්ධි වෙන්නේ නෑ. හමුදාවට අවශ්‍ය පුහුණුව, අවි ආයුධ, මුදල්, උතුරු - දකුණු සේවය හැමදේම මම ලබා දෙනවා. ඒත් සිවිල් කටයුතු තහනම් කරනවා.
චාමිකා මුණසිංහ

0 comments:
Post a Comment