ඡේරුෂන් එක්‌කර ගෙන යාමට පැමිණී ඔහුගේ පවුලේ දෙමාපිය සහෝදර සහෝදරියන් සමඟ පෙහාන් දුල්සර ගේ පවුලේ අය.
ජාතික සමගියට විෂ බීජ තවරන දෙස් විදෙස් කාහට වුව ශ්‍රී ලංකාවේ වාර්ගික සංහිඳියාව යළි ගොඩ නන්වනුයේ කෙසේදැයි යන ගැටලුවට උතුරේ සහ දකුණේ පාසල් දරුවන් දෙදෙනෙකු විසින් ලබා දෙන සංවේදී පුවතක තොරතුරු හෝමාගමින් වාර්තාවෙයි.
ශ්‍රී ලෝගේෂ්වරන් ජේරුෂාන් මෙම පුවතේ උතුරේ දරුවා ය. ඔහු පුදකුඩුඉරුප්පුව මහා විද්‍යාලයේ අටවන වසරේ දෙමළ මාධ්‍යයෙන් ඉගෙනුම
ලබන දහතුන් හැවිරිදි ශිෂ්‍යයෙකි. දකුණේ දරුවා හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ නවවන වසරේ සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි පෙහාන් දුල්සර ය. මිනිස් ධර්මතාවෙන් පොහොසත් ඒකීය ශ්‍රී ලංකාවක් යළිත් බිහි කර ගනු ලබන්නේa කවරාකාරයෙන්aදැයි කෙස් පලමින් මතුකරන ගැටලුවට, මෙම දරුවන් දෙදෙනා ලබා දෙන සරල විස`දුම මේ කෙටි සටහන තබන්නට අපට බල කරන්නේය.
තම සිංහල මිතුරා සොයා සැතපුම් තුන්සියයක් පමණ දුර ගමන් මග ගෙවා ජේරුෂාන් හෝමාගම ට පැමිණියේ තනිවම ය. දෙමාපියන් හෝ වැඩිහිටියෙකු හෝ සමඟ නොපැමිණීමට ඔහුට හේතුවක් තිබිණ. එම හේතුව නිසා ඔහු පැමිණියේ දෙමාපියන්ගේ අවසරය නොලැබූ නොහික්‌මුනු ගමනකි. එසේ නම් ඔහු සිදුකර ඇත්තේ කවරෙකු විසින් හෝ අනුමත කළ නොකරන්නාවු දඬුවම් ලබාදිය හැකි වරදකි. ජේරුෂාන් දෙමළෙන් කී එම සිද්ධිය සිංහලට පෙරළුණේ මෙසේ ය.
නංගියි මමයි රණ්‌ඩු වුණා. මම නංගීට ගැහුවා. නංගී තාත්තට කිව්වා මම එයාට ගැහුවා කියල. ඒක අහපු තාත්තා හොයන්නේ බලන්නේ නැතිව මට හොඳටෝම ගැහුවා. මට හරියට දුක හිතුනා. ගෙදර ඉන්නත් එපා වුණා. ඒ වෙලාවේ මට සිහිවුණා මාස දෙකකට විතර ඉස්‌සර කොළඹ හෝමාගම නිවසක ඉන්න මගේ පෙහාන් මිතුරා. මම ඒ ගෙදර දවස් හතරක්‌ම ඉඳල තියෙනවා. ඒ අය දක්‌වපු ආදර කරුණාව මට සිහි වුණා. ඉතින් මම හිතා ගත්තා එහේ යන්න. මගේ ළඟ සල්ලි තිsබුණේ නැහැ. සිංහල පළාතට ගියාට මට සිංහලෙන් කතා කරන්නත් බැහැ. පළමුවරට සිංහලෙන් කතා කරනවා මට ඇහුනේ මුලින්ම මම කොළඹට ඇවිත් හෝමාගම ඒ ගෙදර නැවතිලා හිටපු දවස්‌වල. තාත්තා මට ගැහැව්වේ දොළොස්‌වැනිදා උදේ. එදා උදේ දහයට විතර මම හෝමාගම ට යන්න හිතාගෙන ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම පුදකුඩුඉරුප්පුවේ ඉඳලා සැතපුම් හතළිහක් විතර මගදිගට වතුර බි බී පයින් ම ඇවිද ගෙන ඇවිත් සවස හත විතර වෙන කොට කිලිනොච්චියේ කෝච්චි නතර කරන ස්‌ථානයට ආවා.
මගේ දුර නෑයෙක් කොළඹ යන්න ඇවිත් හිටියා. මම එයාට කිව්වා යාළුවෙක් හමුවෙන්න කොළඹ යනවා කියල. එතකොට එයා මටත් එක්‌ක ටිකට් ගත්තා. මම කොළඹ කොටුවට දුම්රියෙන් පැමිණියා. හෝමාගමට යන්න මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. කොළඹ කොටුවේ වෙසක් සැරසිලි අලෙවි කරන දෙමළ වෙළඳසැළක සේවයේ යෙදී ලබා ගත් රුපියල් පනහක මුදලෙන් ටිකට් අරගෙන මම හෝමාගම පිටිපන පාරේ සිල්වන් හර්ට්‌ස් හි පිහිටි මිතුරාගේ නිවසට පැමිණියා. හෝමාගමට යන බසයට ගොඩ වුණේ හෝමාගම කියා එහි දෙමළෙන් සඳහන් කර තිබුණු නිසයි.
නාඳුනන මිනිසුන් ඉන්න පළාතකට යනවා කියල මට කිසිම බයක් දැනුනේ නැහැ. මිතුරා දැක්‌කම මට ගොඩාක් සතුටුයි. මෙහේ පෙරිය ස්‌කූල්, නල්ල ස්‌කූල් තියෙනවා. මම කැමැතියි මෙහේ නැවතිලා යාළුවා යන පෙරිය ස්‌කූල් එකට යන්න.
තාත්තාගේ දඬුවම් පහරට තමන්ගේ නිවසින් පිටව යාමට ෙ-රුෂන්, ක්‌ෂණික තීරණයක් ගත් මොහොතේ ඔහුට මතක් වුණේ තම පවුලේ දෙමළ නෑදෑයින් සහ මිතුරන් නොව දින හතරක කෙටි කාලයක් නවාතැන් ගෙන සිටි හෝමාගම විසූ සිංහල මිතුරා ය. මෙම ලැබැඳියාව සහ සෙනෙහස මතුවූයේ කවර හාස්‌කමකින් ද?
උතුරේ සහ දකුණේ දෙමළ සහ සිංහල පාසල් දරුවන් මෙන් ම දෙමාපියන් අතර අලුත් මිත්‍රත්වයක් ගොඩනැගුනේa පසුගිය මාර්තු මාසයේදී ය. එම මිත්‍රත්වය ගොඩනැගුනේa උතුරු නැගෙනහිර සුමිතුරු සෞන්දර්යාත්මක සංහිඳියා වැඩසටහනක් නිසා ය. උතුරු හා නැගෙනහිර පාසල් පහක දරුවන් එකසිය විසිපස් දෙනෙකු සහභාගී කර ගනිමින්, මෙහි කැඳවා ගත් මෙම සිසුන් නතර කරනු ලැබුවේ මහින්ද විදුහලේ ඉගෙනුම ලබන සිසුන් එකසිය විසිපස් දෙනෙකුගේ නිවාසවල ය.
සෞන්දර්යාත්මක සංහිඳියා වැඩ සටහනට මුලතිව් හා මඩකලපුව යන දිස්‌ත්‍රික්‌කවල පිහිටි පාසල් පහක ඉගෙනීම ලබන මෙම දරුවන් තෝරා ගැනීමේ නිර්ණායකය වූයේ ගයන, වයන හා නටන යන අංශවල කුසලතා දැක්‌වූවන් ය. ඉකුත් මාර්තු මාසයේ දහඅටවන දින මහරගම යොවුන් රඟහලේදී, මහින්ද රාජපක්‍ෂ විදුහලේ දරුවන්ද සමඟ මෙම දරුවන්ද සහභාගී කර ගනිමින් මිහිසර නමින් ප්‍රසංගයක් ද පැවැත්විණ. එහිදී ෙ-රුෂන් ගායනා කළේ... අම්මා එන්ඩ ජීවන මේ... යන මව් ගුණ ගීතය යි.
සුමිතුරු සංහිදියාව ගොඩනැගීමට කටයුතු කළ හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ විදුහල්පති නන්දන ද සිල්වා මහතා සඳහන් කරන්නේ මෙවැන්නකි.
මෙම දරුවන් නිතර නිතර දුරකථන මාර්ගයෙන් කතා කරන බව මම දන්නවා. පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු දවස්‌වල දෙමළ දරුවන් නවාතැන් ගෙන හිටපු දකුණේ පවුල් හයක දෙමව්පියන් තමන්ගේ දරුවන් සමඟ උතුරේ දෙමළ දරුවන් වාසය කරන නිවාස වලට ගිහින් එහේ දවස් තුන හතරක් නැවතිලා හිටියා. ඒ වගේම උතුරේ දෙමළ දරුවන් හතර දෙනෙක් තම දෙමව්පියන් සමඟ සිංහල ගෙවල්වලට ආවා. පාසල් දරුවන් තුළ සංහිඳියාව ඇති කිරිම, වාර්ගික අර්බුදයට හොඳම පිළියම බව මෙම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. මෙම සිද්ධියේදී තවත් කරුණක් සඳහන් කරන්න කැමැතියි. උතුරු හා නැගෙනහිරින් මෙහි පැමිණි දරුවන් නැවත තමන්ගේ ගමිබිම් බලා යන විට ලැබුණු තෑගි බෝග එහි රැගෙන යාමට අතිරේක දුම්රිය පෙට්‌ටියක් වෙන් කර ගන්න පවා මට සිද්ධ වුණා." ඔහු කියන්නේය.
ජේරුෂන් දැනට නතර වී සිටින නිවස අවට නිවැසියන් මේ දෙමළ දරුවා යළි පුදුකුඩු ඉරිප්පු යෑවි යයුතු බවට මැසිවිලි කියන බව ලියුම්කරුට දැන ගැනීමට ලැබිණ. මනුෂ්‍යත්වයේ සංවේදනයන් මේ මිනිස්‌සුන්ට වැටහෙන්නේ නැත. ෙ-රුෂන් එක්‌කර ගෙන යාමට ඔහුගේ පියා, මව, නැගෙනිය සහ සහෝදරයා පැමිණියේ පුදකුඩුඉරුප්පුවේ සිටම කඩදාසි කොලයකින් ඔතා ගත් කොස් ගෙඩියක් සහ අඔ ගෙඩි පාර්සලයක් හිස මත තබා ගෙනය. එහි සුව`ද මේ මිනිස්‌සුන්ට තේරෙන්නේ නැත. ඒ නොතේරුම්කම ඇතිතාක් අප ඉන්නේ අවදානමකය.
උදේනී චන්ද්‍රසිරි

0 comments:
Post a Comment