facebook like

සීයකට දුප්පතුන් හයයි: ඒක පුද්ගල ආදායම 420,000ත් පැනලා

ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇ. ඩො. 3,280 (රු. 4,26,400) දක්වා ඉහළ ගොස් ඇති අතර, දුප්පත්කම 6.7%ක් දක්වා පහත වැටී ඇතැයි භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පවසයි. මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ 2013 වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් කොටුව "බිනෝදා" ශාලාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවේදී පී. බී. ජයසුන්දර මහතා මෙසේ කීවේය. භාණ්ඩාගාර ලේකම්වරයා ඉදිරිපත් කළ අනෙකුත් දත්ත මෙසේය.

ශ්‍රී ලාංකිකයකුගේ ජීවිත අපේක්‍ෂාව කාන්තාවන් සඳහා අවුරුදු 75 දක්වාද පිරිමින් සඳහා අවුරුදු 70 දක්වාද
වර්ධනය වී ඇත. රටේ සාමාන්‍ය සාක්‍ෂරතාව 96%කි. පරිගණක සාක්‍ෂරතාව 40%කි. මානව දර්ශකයෙහි ශ්‍රී ලංකාව ලොව රටවල් 186ක් අතරින් 92 වැනි ස්ථානයට පත්ව තිබේ. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන අන්දමට අනෙකුත් ක්‍ෂේත්‍රයන්හි ලංකාව සම්බන්ධව 2013 වර්ෂය සමාලෝචනය කරමින් ඉදිරිපත් කෙරෙන දත්ත මෙසේය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය 7.3කි. උද්ධමනය උපරිම 12%කි. දරිද්‍රතා දර්ශකය 6.7%කි. මාතෘ මරණ අනුපාතය සජීවී දරු උපත් 1,000කට 0.3කි. ළදරු මරණ අනුපාතය සජීවී දරු උපත් 1,000කට 9.7කි. විදුලි බලය සඳහා ඇති ප්‍රවේශය 96%කි. ජල පහසුකම් 88.7%කි. නළ ජල පහසුව ජනගහනයෙන් 45%කට හිමිය. ජංගම දුරකතන භාවිතය මිලියන 20.3කි. ඊමේල් භාවිතය මිලියන 2කි. රටේ ඇති පෞද්ගලික ගුවන් විදුලි නාළිකා ප්‍රමාණය 35කි. පෞද්ගලික රූපවාහිනී නාළිකා ප්‍රමාණය 18කි. මෝටර් කාර් 5,28,094,කි. ත්‍රිරෝද රථ 8,50,457කි. යතුරුපැදි 27,15,727කි. බස් රථ 93,428 කි. රටේ තිබෙන භාණ්ඩ ප්‍රවාහන ලොරි 3,29,648. පුද්ගලයන් 100ක් සඳහා දුරකතන (ජංගම දුරකතනද ඇතුළුව) 112.4කි.

උදේනි සමන් කුමාර

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive