facebook like

තඹුත්තේගම හොල්මන් කරන සුදු ඇඳි කත ජනප්‍රිය නිළියගෙ මැරිච්ච පුංචි අම්මද?

දහවල් තිස්සේම රත් පැහැයෙන් බබළමින් තිබූ සූර්යයා වැහි බීරුමට බියෙන්දෝ කලින්ම සැඟව යද්දී තැන් තැන්වල සැඟව සිටි බස්සෝ සහ උලමෝ් උන්ගේ අණසක පතුරුවමින් එළිපෙහෙළියට බැස අ‍ෙ¼දා්නා නඟන්නට වූහ. කාලයක පටන්ම නොයෙක් පුද පූජා, යාගහෝම කළද මුළු පරිසරයම වෙළාගෙන තිබුණු පාළු මූසල බවත්, පුළුටු ගඳත් මකන්නට නොහැකි වී ඇත්තා සේය... තඹුත්තේගම, පරණ ගම්මැද්ද, රනෝරාවවැව ප්‍රදේශයේ ජනතාව නිරන්තරයෙන් භීතිය මුළු ගතම දවටා ගෙන ජීවත් වීම පුදුමයට කරුණක් නොවන බවට අපට ලැබුණු ආරංචියේ සුලමුල හගිස්සන්නට ඒ ප්‍රදේශයට ඇතුළු වූ විට වටහා ගැනීමට අපහසු වූයේ නැත. තනිවම එළිපෙහෙළියකට
නොයන, ගොම්මන් වේලාවට පාරතොටකට නොඑන මේ ගම්වැසියෝ නොපෙනෙන බලවේගයක් නිසා මහත් අසරණ තත්ත්වයකට පත්ව සිටියහ.

අප ඒ ගම්මානයට ඇතුළු වූයේ එක් ඉලක්කයක් හිත තබාගෙන ඒ ඉලක්කය තහවුරු කර ගැනීමට කළ හැකි උපරිම කාර්යය කිරීමේ අදහස ඇතිවය.
'දැන් හොඳටම හවස් වෙලා... මොනවද ළමයො ඔය එළියට වෙලා කරන්නෙ... ඊට පස්සෙ බැරියැයි ඉතින් රටේ නැති දේවාල ගාණෙ ගිහින් නූල් බඳින්නයි, තෙල් මතුරන්නයි... ඕවට හැමදාම වියදම් කරන්න කොහෙ තියෙන සල්ලිද?' වෙල් යායක් අයිනේ තිබූ නිවෙසක් දෙසින් ඇසුණු ඒ කතාව අපට අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය උෟනපූරණය සපයන්නට විය.

පරණ ගම්මැද්ද රනෝරාව වැව ප්‍රදේශයේ කාලයක පටන් සැරිසරන සුදු ඇඳුමක් හැඳගත් කාන්තාව ගම්වැසියන් බොහෝදෙනකු බියට පත්කොට නොපෙනී යද්දී මේ ගම්වැසියන් කළේ තමන්ගේ ජීවිතය බේරා ගැනීමට වත් - පිළිවෙත් කරමින් මේ කාන්තාවට ඇස නොගැටෙන පරිදි ආරක්ෂා වී සිටීම පමණි. එහෙත් වසර කිහිපයක පටන් රනෝරාවවැව ප්‍රදේශයේ සැරිසරන මේ අද්භූත කාන්තාව පසුගිය දිනෙක අවුරුදු 17ක පාසල් ශිෂ්‍යයකු වන රොමේෂ් මධුසංඛ විමලසේනට දර්ශනය වීමත් සමඟ මේ පිළිබඳ කෙරෙන කතා බහ තව තවත් වැඩිවීමට පටන් ගැනිණි. ඒ පිළිබඳ තොරතුරු සෙවීමේදී අපට අසන්නට ලැබුණේ මෙවැනි කතාවකි...
අපි ඇය කුමාරි නමින් හඳුන්වමු. කුමාරි ලංකාවේ දැනට සිටින ජනප්‍රිය තරුණ නිළියකගේ මවගේ නැඟණියයි. රනෝරාවවැව ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් වූ ටෙලි නිළියගේ පුංචි අම්මාත් ආච්චි අම්මාත් ඔවුන්ගේ පවුලේ ඥාතීනුත්, ගම්වැසියන්ට කිසිම විටෙක අමුත්තෝ නොවූහ. මේ නිසා ඔවුහු ඉතා හිතවත්ව ජීවත් වූහ. මෙලෙස ගමේ කා අතරත් හොඳහිත දිනාගෙන සිටි කුමාරි තමන්ගේ මව වූ කුසුමාවතී සමඟ කාලයක පටන් හිත් අමනාපයකින් සිටි බව ගම්වැසියන් දැන සිටියේ නැත. එහෙත් ගෙදර වෙන කතාබහ ගෙදරින් පිටට නිතර නිතර ඇසෙද්දී අසල්වැසියන්ගේ ඉවට මේ නෝක්කාඩුව පිළිබඳ ආරංචි වීමට වැඩි කාලයක් ගත වූයේද නැත. කුමක් හෝ හේතුවක් නිසා මේ අම්මාත් - දුවත් අතර සිදුවූ ආරවුල තමන් මියයන මොහොතේදීත් පිටකළ ඒ අම්මා තමන්ගේ බාල දියණිය සමඟ තිබූ ද්වේෂය වචනයෙන් පිටකරමින් සාප කරමින් මිය යන්නට වූවාය.

'උඹ හිතන්න එපා මම මැරුණ කියල. උඹට යහතින් ඉන්න දෙයි කියලා... මම උඹට හොඳ තැනක ඉන්න දෙන්නෙ නෑ... පොළඟෙක් වෙලා හරි කාල මම උඹව මරල දානව දුවේ...' කියමින් සාප කරමින් මිය ගිය ටෙලි නිළියගේ ආච්චි අම්මා, ඇගේ පුංචි අම්මා වූ කුමාරිට ජීවත්ව සිටිනතාක් යහතින් සිටීමට ඉඩ දුන්නේද නැත. අම්මාගේ සාපය නිසා වසර කිහිපයක් හිත් වේදනාවෙන් ජීවත් වූ මේ දියණිය මීට වසරකට පමණ ඉහතදී මියයන්නේ සර්පයකු දෂ්ට කිරීම නිසාය.
'පොළඟෙක් වෙලා හරි උඹව මරනවා...' අම්මා කිය මේ වචන කිහිපය ගැමියන්ගේ සිතේද මේ වනවිට රැව්පිළිරැව් දෙමින් පැවැතිණි. වෛද්‍යවරයකු කරා රැගෙන ගිය රෝගියා පරීක්ෂා කරමින් ඔහු දුන් නිගමනය වූයේ කුමාරිගේ මරණයට හේතුවී ඇත්තේ පොළඟකු දෂ්ට කිරීම බවයි... අවසානයේ මවගේ සාපයෙන්ම දුව මියගියාය.
මේ පවුල් ආරවුල මෙතැනින් අවසන් වෙද්දී පරණ ගම්මැද්ද, රනෝරාවවැව ප්‍රදේශයේ ජනතාව බියට පත් කරවන තවත් සිදුවීමක් වෙමින් පැවැතිණි. ගම්වැසියන් කියන්නේ ඒ මියගිය කුමාරිගේ ආත්මය ගම්මානය අත්හැර ගොස් නැති බවකි. නොබෝදා පාසල් සිසුවා බියට පත් කරමින් ඔහු සිහිවිකල් කළේද මෙම කුමාරිගේ ආත්මයම බවට ඔවුන්ට සැක නැත.

සම්පූර්ණ ශරීරයම සුදෝ සුදු ඇඳුමකින් වසාගෙන තඹුත්තේගම රනෝරාවවැව ප්‍රදේශයේ සැරිසරන මේ කාන්තාවගේ මුහුණ දුටුවන් සියල්ලටම මතකයේ රැඳී තිබේ. ඔවුන් කියන පරිදි ඒ හැඩහුරුකම් එකම තැනැත්තියකට සමාන ඒවාය. බොහෝ දෙනකු කියන පරිදි කුමාරිගේ හැඩරුවද ගම බියවද්දන මේ හොල්මනගේ හැඩරුවට බොහෝ සමානය. කෙසේ වෙතත් කුමාරිගේ හොල්මන රොමේෂ් මධුෂංක ශිෂ්‍යයා හරි හැටි හඳුනා නොගත්තද ඔහු විශාල වශයෙන් බය කරන්නට තරම් හේතු වී තිබිණි.
රොමේෂ් මේ සිදුවීමට මුහුණ දෙන්නේ ඔහුගේ මාමා කෙනකුගේ නිවෙසකට ගිය අවස්ථාවේදීය. සවස 5.30ට පමණ මාමගේ නිවෙසට යන රොමේෂ්ට නිවෙස ළඟටම යනතුරුත් නිවෙසේ ‍ෙදාර - ජනෙල් වසා ඇති බව හඳුනා ගැනීමට නොහැකි වීම පුදුමයට කරුණකි. නිවෙස ඉදිරිපිටටම ගොස් කිසිවකු නොමැති බව දැක යළිත් හැරෙන්නට හදද්දීම නිවෙස තුළින් ඇසුණු කුඩා දරුවකු හඬන ශබ්දය රොමේෂ්ගේ දෙපා යළිත් නිවෙස දෙසට අද්දවන්නට විය. ඉක්මන් ගමනින් නිවෙසට ගිය රොමේෂ් හැකි වෙර යොදා නිවෙසේ ‍ෙදාර විවර කරගෙන විදුලි බුබුළු දැල්වූවත් හඬ ඇසුණු ආකාරයට කුඩා දරුවකු හෝ හඬන ශබ්දයක් ඔහුට දැක ගන්නට ලැබුණේවත්, ඇසුණේවත් නැත. නමුත් නිවෙස තුළට යද්දීම ඔහු දැල්වූ විදුලි බුබුළු සියල්ලම නිවී යන්නට විය. මේ සිදුවීමත් සමඟ බියට පත්වූ රොමේෂ් කළේ නිවෙසේ ‍ෙදාර ජනෙල් හැර දමා යළිත් එළියට දිව ඒමය. මිදුලේ සිට පාර දෙසට යෑමට සැරැසුණු රොමේෂ්ට රනෝරාවවැව අසල මුළු ඇඟම සුදෙන් වසා ගත් මුහුණ පමණක් විවර කර ගත් කාන්තාවක දක්නට ලැබිණි.

ඇය සිටියේ රොමේෂ් දෙසම බලාගෙනය. ටික වේලාවක් ඒ ආකාරයටම සිටි ඇය යමක් හිසින් සන් කරන්නට වූයෙන් රොමේෂ් ඇය කරා ඉබේටම වාගේ ඇදී ගියේය. ඒ වනවිටත් කුමාරි ලෙස සලකන මේ ආත්මයේ බලය රොමේෂ් ගිලගෙන තිබුණු නිසාදෝ රොමේෂ් ඇය වෙත යෑමට අදිමදි කළේද නැත. තමන්ව ඇගේ ළඟට ගෙන්වා ගෙන කුරුම්බැට්ටියක් කෑමට දුන් බවත් එය ඉතාමත් තිත්ත රසින් යුක්ත වූ බවත් පැවැසූ රොමේෂ් ඉන්පසු කළ කීදේ ගැන සිහිපත් කළේ අන් අය කියූ දේවල් පදනම් කරගෙනය. කුරුම්බැට්ටිය කෑමෙන් පසු රොමේෂ්ට පියවි සිහිය නැතිවී ගොස් ඔහු විප්‍රකාර කරන්නට විය. ඔහු පවසන පරිදි අසිහියෙන් දුවගොස් ඒ අසල බෝක්කුවක් ළඟ තිබුණු දං ගසකට නැඟීමෙන් පසු එතැනම බිමට වැටී සිට ඇත. ඒ වනවිට ඔහු සිහිසුන්ව සිට ඇති බවත් ඔහුට පියවි සිහිය ගැනීමට නොයෙක් දේවාල පසු පස ගොස් නූල් බැඳීමට හා තෙල් මැතිරීමට සිදුවූ බවත් ඒ සඳහා විශාල වෙහෙසක්, මුදලක් වැය කිරීමටද සිදුවූ බවත් ඔහු ඉතා බියෙන් සිහිපත් කළේය.
මේ ආකාරයටම මීට ටික කලෙකට පෙරද මේ වනවිට තඹුත්තේගම ජයමාවත හන්දියේ කොත්තු බාස්කෙනකු වශයෙන් කටයුතු කරන්නකුටද මේ සුදු හැඳගත් අවතාරය කරදර කර තිබේ. එපමණක් නොව, තවත් කාන්තාවකට පාන්දර 2.00ට පමණ තවත් අයකු සමඟ යතුරුපැදියක යමින් සිටියදී පාරේ සිට බයිසිකලයෙන් වට්ටවා තුවාල කර තිබිණි. මෙලෙස කරදර හිරිහැර කළද ගමේ බොහොමයක් දෙනා බියට පත් කළ මේ කාන්තාව නිතර නිතර ගමේ සැරිසරන්නේ පුරුදුකාරියක ලෙස යැයිද ගැමියෝ කියති.

බොහෝවිට සවස 5.30න් පමණ පසු දිස්වන මේ හොල්මන ඉතාම පිරිසුදුව පිළිවෙළට හැඳ පැලැඳගෙන සිටින්නියක බව දුටුවන් කවුරුත් සනාථ කරති.
මේ සිදුවීම සිදුවන්නට වසර 10කට පමණ පෙරද මේ ගම්මානයේම මේ ඉසව්වේදීම මෙවැනිම භූත ආත්මයක් සැරිසරා ඇති බවද ගැමියෝ සිහිපත් කරති. කෙසේ වෙතත් මවගේ ද්වේෂය නිසා ජීවිතයෙන් සමුගත් ටෙලි නිළියගේ පුංචි අම්මා වූ කුමාරි ගම අත්හැරීමට අකැමැත්තෙන් අඩු වයසින් මියගිය නිසා මෙලෙස ආශාව ඇතිව භූතාත්මයක් වී ඔවුන්ට හිරිහැර කරන බව රනෝරාවවැව ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරති.
කෙසේ වෙතත් තවමත් මේ හොල්මන නිදැල්ලේ සැරිසරමින් ඒ ජනතාව බිය වැද්දවීම අත්හැර නැත. කොතෙක් පුද - පූජා, යාගහෝම කළද ඒවා මඟහැරීද නැත. එසේනම් අපට කිව යුතුව ඇත්තේ මෙපමණකි... මේ සිටින්නේ කුමාරිගේ භූතාත්මය හෝ වෙන කාගේ හෝ භූතාත්මයක් වේවා, ඇය එම පාපතර ලොවෙන් මිදී යහපත් ආත්මයක් ලබත්වා! කියාය.

චාමිකා මුණසිංහ
තඹුත්තේගම - ප්‍රදීප් විතානගේ

1 comment: Leave Your Comments

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive