facebook like

මරාදැමු ' කොටි ඉංජිනේරුවා සහ රුපියල් ලක්‍ෂ ගණන් වංචා කළ බිරිය පන පිටින් මට්ටු

කේ. තයාපරාජා කොටි සංවිධානයේ ඉංජිනේරුවෙකි. ඔහුව ශ්‍රී ලංකා හමුදාව විසින් වධහිංසා පමුණුවා ඝාතනය කර වළ දමා ඇති බවට රාජ්‍ය නොවන සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීහු ශ්‍රී ලංකා හමුදාවට චෝදනා කළා.

එහෙත් තයාපරාජා සහ පවුලේ අය මතුවූයේ තමිල්නාඩුවේ ධනුස්‌කොඩි සමීපයේ පිහිටි අර්චාවු නාව් ප්‍රදේශයෙනි.

බෝට්‌ටුවකින් පැමිණ සිටි මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තයාපරාජා ගැන තොරතුරු හෙළි විය.

තයාපරාජා තමිල්නාඩුවට පැමිණියේ සිය බිරිය උදයකාලා, පුත් දියරොන් සහ දියණිය වූ දිල්කියා සහ
දිල්හියා සමඟ ය.

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මානව හිමිකම් සංවිධානය සහ ඕස්‌ටේ්‍රලියානු අනාථ විමර්ශන මණ්‌ඩලය විසින් ත්‍යාගරාජාව ශ්‍රී ලංකා හමුදාව විසින් කොළඹදී ඝාතනය කර ඇති බවට චෝදනා කර තිබිණි.

මේ තයාපරාජා කවුද? මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. පසුව කොටින්ගේ පරිගණක ආයතනයේ පරිගණක ඉංජිනේරුවකු ලෙසද සේවය කරනු ලැබීය. පසුගිය මැයි 5 දා තයාපරාජා සහ ඔහුගේ බිරිය උදයකාලා තමිල්නාඩුවට පැමිණියේය.

ඒ වනවිට යාපනයේ ද්‍රවිඩයන් බ්‍රිතාන්‍යයට යෑවීමේ ජාවාරමක්‌ ගැන වාර්තා වූ අතර එය මෙහෙයවන්නේ උදයකාලා නමැති ජාවාරම්කාරියක්‌ යෑයි හෙළි විය. මේ ජාවාරම්කාරිය වෙනිsන් කවුරුත් නොව තයාපරාජාගේ බිරියවූ උදයකාලායි.

ඇය ද්‍රවිඩයන් රැසක්‌ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ පිහිටි වීසා මධ්‍යස්‌ථානය වෙත ගෙන ගොස්‌ රැවටීමට ද ක්‍රියාකර ඇත.

එම ද්‍රවිඩයන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් ගත් ඇය කටුනායක ගුවන්තොටුපළේ නිලධාරීන්ට දීමට යෑයි කියමින් ඩොලර් 2000 බැගින් එකී ද්‍රවිඩයන්ගෙන් ඉල්ලා ඇත.

ඇය මින් පෙර විවාහ වී සිටියේ කොටි ක්‍රියාකාරිකයකු සමගය.

ඉන්පසු ඇය කදිරවේල් තයාපරාජා නමැති මෙම පරිගණක ඉංජිනේරුවා සමග විවාහ විය.

ඔහු කැලිපොනියාවේ කොටි හිතවාදීන් විසින් කිලිනොච්චියේ පිහිටා තිබූ වන්නිටෙක්‌ නමැති පරිගණක මධ්‍යස්‌ථානයේ සේවය කළ අතර කොටි වෙබ් අඩවිවලට තොරතුරු යෑවීමට ක්‍රියා කළේය.

උතුරේ ද්‍රවිඩයන් රට යවන බවට දන්වමින් රුපියල් ලක්‍ෂ ගණනක්‌ මුදල් ලබාගත් උදයකාලා ගැන යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලයටද පැමිණිලි ලැබිණි. තමිල්නාඩුවේ ධනුස්‌කොඩි පොලිසිය තයාපරාජා සහ උදයකාලාගේ වතගොත හෙළි නොකළේ නම් ඔවුන් තවත්a අනාථයන් පිරිසක්‌ යෑයි කියමින් අනාථ කඳවුරකට යනු ඇත.

ඇය අසු නොවූයේ නම් ද්‍රවිඩයන් විදේශගත කරන බව දක්‌වමින් ගෙන ගිය වංචනික ක්‍රියාවක්‌ වසන් වේ.

එසේම ඇයට විදේශ රටකට පැන යැමට ඉඩ ලැබේ.

මේ තක්‌කඩි කාන්තාව ද්‍රවිඩයන් විදේශත කරන බව කියමින් මීගමුවේ ලැඟුම්හලකට ද ගෙන්වා ඔවුන්ගෙන් ඩොලර් 2000 බැගින් ලබාගෙන තිබිණි. ඉන්පසු ඇය ඔවුන්ට පැවසුවේ තමාව කටුනායක ගුවන්තොටුපළේදී හමුවන ලෙසයි. මුදල් ලබාදුන් ද්‍රවිඩයන් කටුනායක ගුවන්තොටුපළට ගිය නමුත් උදයකාලා එහි සිටියේ නැත.

මේ අතර උදයකාලා සහ තයාපරාජා තමිල්නාඩුවට පැමිණ ඇත්තේ බටහිර රටකට පැනගොස්‌a සාවද්‍ය ප්‍රකාශකර දේශපාලන රැකවරණ ලබාගැනීමට යෑයි සනාථ වී ඇත.

ඒ සඳහා ඔහුට උපකාරී වනුයේ කොටින්ගේ වන්නි ටෙක්‌ පරිගණක ආයතනයේ සේවය කිරීමයි. අතුරුදන් වූ බව කියන කොටියකු මෙලෙස තමිල්නාඩුවෙන් මතු වූයේ වසර 5 කට පසුවය. එසේම ඔහුගේ වංචනික බිරිය ද තමිල්නාඩු පොලිස්‌ අත්අඩංගුවේ පසුවේ.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive