රාගම වත්සලා තිස් පස් හැවිරිදිය. ඇගේ සැමියා රට රැකියාවක නිරතව සිටී. එකම දියණිය දහහතර හැවිරිදි තාරා මව සමඟ රාගම නිවෙසේ ජීවත් වූවාය.
දැනට මාස අටක පමණ කාලයක සිට තාරාගේ ගති ලක්ෂණ වෙනස් වන්නට විය. සමහර වෙලාවට හිසේ ජටාවක් බැඳගෙන පුටුවක හිඳගෙන පිරිමියකු මෙන් කකුල් දෙක පුටුවේ උඩට ගෙන සිටින්නීය. සාමාන්‍යයෙන් පිරිමින් එසේ සිටින්නේ සරමක් ඇඳගෙනය. එහෙත් මේ කොට ගවුම්කාරිය එසේ සිටින විට
බොහෝ විට නිරුවත ප්‍රදර්ශනය වේ. ඒ වෙලාවට අම්මා අවවාද කළත් ඇය ඒවා කනකට නොගත්තාය. මේ ගෙදර වෙනත් කිසිවකු නොසිටින බැවින් ඇගේ මවට අහක බලා ගන්නවා ඇරෙන්නට වෙනත් කරන්නට දෙයක් නැත. තාරා දැන් නාන්නේද නැත. පාසල් යන්නේද නැත.
පියා නිවාඩුවකට ලංකාවට ආවේය. දියණියගේ අසාමාන්‍ය හැසිරීම ගැන වත්සලා ඔහු සමඟ සාකච්ඡා කළාය. මවුපියෝ මනෝ වෛද්‍යවරයකුට පෙන්වා දියණියට ප්‍රතිකාර ලබා දුන්හ. මේ අතර තාරා පියාගේ සිගරට් පැකට්වලින් සිගරට් හොරෙන් අරගෙන බොන්නට පටන් ගත්තාය. එසේම තාත්තාගේ අරක්කු බෝතල්වලින් ටික ටික වීදුරුවකට ගෙන කටේ හලා ගත්තාය.
ඇය දිගටම මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරමින් සිටියදී නිවාඩුව අවසන් වූ පියා ආපසු විදෙස්ගත විය. තාරා දැන් මස් මාළු නැතිව ආහාර ගන්නේ නැත. මස්, මාළු නැතිදාට රණ්ඩු කරන්නට වූවාය. මේ තත්ත්වය නිසා ඔවුන්ගේ සමීප ඥාතීන් තනි නොතනියට ගෙන්වා ගන්නටද වත්සලාට සිදු වූවාය. ජාත්‍යන්තර පාසලක හොඳින් ඉගෙනුම ලැබූ තාරාට සිදුව ඇති මේ වෙනස් ස්වභාවය ගැන ඥාතීහුද පාසලේ ගුරුවරුද කනගාටුවට පත්වූහ.
දවසක් අම්මා ඇගේ ළඟින් යද්දී “උඹ නම් නියම බඩුවක් බං” යැයි කියා තාරා වත්සලාගේ නිතඹ මිරිකා ඇත. දැන් නම් තවදුරටත් බලා සිටින්නට නම් තත්ත්වය හොඳ නැති බව වටහා ගත් වත්සලා මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට එහා දෙයක් කරන්නට සිදුවී ඇතැයි ඥාතීන් සමඟ සාකච්ඡා කළාය.
මේ අතර ‘මව්බිම’ පත්‍රය කියවන ඥාතියකු එහි සඳහන් මළවුන්ගේ හෝරාව විශේෂාංගයේ කියැවෙන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ ඇය දැනුවත් කළාය.
ඒ අනුව මව තවත් ඥාතියකු සමඟ දියණිය එහි කැඳවාගෙන ගියාය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමු වී ප්‍රතිකාර පැතුවාය.
ගවේෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා ඒ වන විට පැදුරේ හිඳගෙන සිටි තාරාට නැඟිට කෙළින් හිටගන්න යැයි නාගොඩවිතාන මහතා නියම කළේය.
“අෑ.... උඹ කවුද යකෝ මට නියම කරන්න?” ඇය ගවේෂකවරයාට තර්ජනය කළාය. ගවේෂකවරයා තදින් කිරණ එල්ල කරන විට තාරා සිහිසුන්ව වැටුණාය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවැත පැමිණෙන්නැයි උපදෙස් ලැබිණි.
ඒ උපදෙස් පරිදි බෝධි පූජා පවත්වාගෙන යන අතරතුර දිනක් රාත්‍රි දහයාමාරට පමණ තාරාගේ තත්ත්වය දරුණු විය. බඩුමුට්ටු පොළොවේ ගසමින් ‘තොපිව මරනවා’ යැයි දත් සපමින් අම්මාටත් ආරක්ෂාවට පැමිණි නෑයන්ටත් තර්ජනය කරන්නට වූවාය. හොඳටම අසරණ වූ වත්සලා නාගොඩවිතාන මහතාට දුරකතනයෙන් හඬා වැලපී තත්ත්වය පැවැසුවාය. එදා ඉරිදා දවසක් වූ බැවින් පසුදින උදෙන්ම ඇය කැඳවාගෙන පැමිණෙන ලෙස නාගොඩවිතාන මහතා ඇයට කීවේය.
එපරිදිම පසු දින ඔවුහු ඇය එහි ගෙන ගියහ.
මෙච්චර දවස් හොඳින් බෝධි පූජාවලට ගොස් දහ අට වැනි දිනයේ වෙනස් වූයේ ඇයිදැයි ගවේෂකවරයා ඇසීය.
“කවුද යකෝ මම වැඳුම් පිදුම් කරපු පිළිමය එතැනින් ඉවත් කළේ? කොයි එකාද ඒක කළේ? මම තොපෙන් පළි ගන්නවා.” යැයි ඇය වහාම ප්‍රලය වී ඇසුවාය.
එපමණක් නොව මහත් වෛරයකින් මෙන් දත් සපමින් හැසිරෙන්නට වූ විට භූතාත්මය නිහඬ කළ ගවේෂකවරයා මේ පිළිමයක් සම්බන්ධ කතාව කුමක්දැයි තාරාගේ මවගෙන් ඇසීය.
“මහත්මයා අපි පදිංචිව ඉන්න ගෙය අලුතින් හදාපු එකක්. හැබැයි අපි නොවෙයි හැදෙව්වේ. වෙනත් කෙනෙක් හදවාපු ගේ මීට අවුරුදු දෙකකට කලින් අපි සල්ලිවලට අරගෙන පදිංචි වුණා. මේ ගෙදර අමනුෂ්‍ය දෝෂ තියෙනවාය කියලා දේවාලෙකින් කියැවුණා. ඉතින් ඒ දේවාලයෙන්ම අමනුෂ්‍ය දෝෂ ඉවත් කළා.
අපි ගෙය ගන්නකොට සාලයේ බිත්තියක සකස් කළ ජේසුතුමාගේ පිළිමයක් තිබුණා. අපි බෞද්ධ අය නිසා එතැනම බුදු පිළිමයක් තැන්පත් කරල වැඳුම් පිදුම් කළා. හැබැයි ජේසු පිළිමය ඉවත් කළේ නෑ. එතැනම පැත්තකින් තියෙන්න ඇරියා. අපි ඔබතුමාගේ නියමය පරිදි ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟ බෝධි පූජා පවත්වන්න ගිය දවසක දස සිල් මාතාවක් මුණ ගැසුණා. කතාබස් කරලා දැන ඇඳුනුම්කමක් ඇති වුණා. දවසක් මේ දසසිල් මෑණියෝ අපේ ගෙදර ආවා. ඒ වෙලාවේ මේ ජේසුතුමාගේ පිළිමය දැකලා වහාම එතැනින් ඒ පිළිමය ඉවත් කරන්න කිව්වා. අපි ඒ කීමට ජේසු පිළිමය ඉවත් කළා. එදා රෑ තමයි දුව දරුණු වෙලා බඩුමුට්ටු පොළොවේ ගහලා ‘තොපිව මරනවා’ කියලා තර්ජනය කළේ” යි වත්සලා සිදුවූ දේ විස්තර කළාය.
නැවතත් සතියක් බෝධි පූජා පවත්වා එන්නැයි නාගොඩවිතාන මහතා උපදෙස් දුන්නේය.
යළිත් සතියකට පසු පැමිණි විටද තාරා ප්‍රලය වූවාය. ගොරවන්නටත් දත් සපන්නටත් පටන් ගත්තාය. ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට භූතාත්ම දවාලීය.
“පුච්චන්න එපා.... පුච්චන්න එපා... දැවිල්ලයි... දැවිල්ලයි...” භූතාත්මය කීවේය.
“එහෙම නම් මම අහන දේවලට උත්තර දෙන්න ඕනෑ.” ගවේෂකවරයා කීය.
“මොනවද මගෙන් දැන ගන්න ඕනෑ?”
“තමුන් කවුද?”
“මම සිල්වා.”
“සිල්වා කියන්නේ කවුද?”
“මුන් ඉන්න ගේ අලුතින් හදලා මුන්ට විකුණනකම් මුර කෙරුවෙ මම. මමයි මේ ගේ බලා කියාගෙන ආරක්ෂා කළේ.”
“තමුන් මැරුණෙ මොනවා වෙලාද?”
“වාහනේක හැපිලා.”
“ඊට පස්සෙ?”
“ඊට පස්සෙ මම වෙනදා වගේම මේ ගෙදර හිටියා.”
“එතැන ඉඳගෙන මොනවද කළේ?”
“මේ ගෑනි දිහා බල බල කෙළ ගිල්ලා.”
“ඇයි මේ ළඟදි දවසක් ගෙදර කලබල කළේ?”
“මම වැඳුම් පිදුම් කරපු ජේසු පිළිමය අයින් කළ නිසා. මේ මගේ ගේ. මගේ දේවල් වෙනස් කරන්න කාටවත් බෑ”
“තමන් කලින් කීවා නේද මේ ගේ මේ අයට වික්කා කියලා.”
“ඔව්.”
“විකුණුවා නම් මේ ගේ තමන්ගෙ වෙන්නෙ කොහොමද? මේ ගේ දැන් වත්සලාගෙ. කරුණාකර පිටවෙලා යන්න.”
“ඔය කතා හරියන්නෙ නෑ. මේ මම හිටපු ගේ. මම කොහේ යන්නද? අනෙක් එක මේ ගෑනිගෙ දිහා බල බලා කෙළ හලනවා මිසක් කොහොම මෙතැන දාලා යන්නද? බෑ... බෑ.... මම යන්නෙම නෑ.”
“තමුන්ට දැන් හොඳින් කිව්වා. පන්නා දමන්නයි වෙන්නේ.” එසේ කී නාගොඩවිතාන මහතා ශක්ති කිරණින් දවාලන්නට විය. “එපා... එපා... පිච්චෙනවා... යන්නම්... යන්නම්.... කියන තැනකට යන්නම්.”
“එහෙම බෑ. තමන් යන්න කැමැති කොතැනටද?”
“එහෙනම් කොටහේන පල්ලියට යවන්න.”
පූජා වට්ටියක් සකස් කරවා ජේසුතුමාගේ පිළිමයද එහි තබා සිල්වාගේ ප්‍රාණකාරයාද සමඟ කොටහේන පල්ලියට යැවීය.
දැන් තාරා නැවතත් පාසල් යන බව දැනගන්නට ඇත.
මහින්ද විජේතිලක

0 comments:
Post a Comment