ගන්දර තලල්ලේ දී පසුගිය පෙබරවාරි 20දා රිය අනතුරකින් සාවද්‍ය නොවන මිනිස් ඝාතනයක් කිරීමට වැරදිකරු වූ චතුර පහන් ගුණවර්ධනට මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල සම්පත් කරුණාරත්න මහතා රුපියල් 6000 ක දඩයක් හා බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් නියමකර සිර දඬුවම පස් වසරකට අත් හිටවීය. චතුර පහන් ගුණවර්ධන අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයෙකි. මියගිය පුද්ගලයාගේ බිරිය වන ගීතානි චන්ද්‍රානිට රැපියල්
ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද උසාවිය නියෝග කළේය.
නීතීඥ ප්‍රියානි රත්නායක මහත්මිය පැවසුවේ දෙපාර්ශවය උසාවියෙන් පිටත දී නඩුව සමාදාන වීමට එකඟවූ බවයි. ඒ සඳහා ලක්ෂයක වන්දියට අමතර රුපියල් ලක්ෂ හයහමාරක් ගෙවා ඇතැයි ද ඇය කීවාය.
වන්දි හා දඩ ගෙවූ බව තහවුරු කැර ගැනීමෙන් පසු චතුර පහන් ගුණවර්ධන මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

0 comments:
Post a Comment