facebook like

මෝඩි ජයලලිතා සන්ධානගත වෙති

තමිල්නාඩු ප්‍රධාන ඇමැති ජයලලිතා ජයරාම් හා ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අතර හෙට (03දා) පැවැත්වෙන පළමු සාකච්ඡාවේදී "ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව" ප්‍රධාන මාතෘකාවක් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

නරේන්ද්‍ර මෝඩි මහතා නව අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු තමිල්නාඩු මහ ඇමැතිනිය හා අගමැතිවරයා එහිදී උතුරේ හා
තමිල්නාඩු ධීවරයන් අතර කච්චතිව් දූපත අවට කලාපයේ මසුන් මැරීම පිළිබඳව මතුවී ඇති ගැටලුව පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවැසේ.


නරේන්ද්‍ර මෝඩි මහතා අගමැතිවරයා වීමට ප්‍රථම සිය මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රාන්ත සභාවලට දැනුම් දී තිබුණේ ඒ ඒ ප්‍රාන්ත සභාවලට ආවේණික ප්‍රශ්න ඉක්මනින් විසඳිය යුතු ගැටලු තමන් වෙත දන්වන ලෙසයි.

මෝඩි - ජයලලිතා හමුවේදී ඉක්මනින් ඉටු කළයුතු කාරණා රාශියක් ජයලලිතා විසින් අගමැතිවරයාට දැනුම් දීමට නියමිත අතර ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය වෙත කොන්දේසි සහිත සහනයක් ජයලලිතාගේ ඒධ්ඒ ච්ර්ම් පක්‍ෂය විසින් ඉදිරියේදී ලබාදෙනු ඇති බවයි.
පසුගිය 26 වැනිදා දිල්ලියේදී පැවැති අගමැතිවරයා දිවුරුම් දීමේ උළෙල ජයලලිතා වර්ජනය කරනු ලැබුවේ උත්සවය සඳහා මෝඩි විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කිරීම නිසා වන අතර පසුගිය කාලය පුරා ජයලලිතා ප්‍රමුඛ තමිල්නාඩු දෙමළ දේශපාලන පක්‍ෂ උතුරේ යුද්ධය අවසන් අදියරේදී දෙමළ ජාතිකයන් දහස් ගණන් ශ්‍රී ලංකා හමුදාවන් විසින් මරා දමනු ලැබුවේ යැයි දිගින් දිගටම චෝදනා කළහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive