facebook like

කුපාඩි ගුරුවරයකු නිසා ශිෂ්‍යාවෝ අසරණවෙලා විදුහල්පතිට කිව්වත් වැඩක්‌ නැතිලු

හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවය කරන එක්‌තරා තරුණ ගුරුවරයෙක්‌ එම පාසලේ ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට නිරන්තර සිදුකරන ලිංගික අපයෝජන ක්‍රියා හමුවේ ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බව එම විදුහලේ ආරංචි මාර්ග පවසයි.

මෙම ගුරුවරයාට අදාළ විෂය ඉගැන්වීම සඳහා පාසලේ වෙනත් ස්‌ථානයක තනි පන්ති කාමරයක්‌ වෙන්කර ඇති බවත් එම පන්ති කාමරයට තනි තනිව එම
විෂය හැදෑරීමට පැමිණෙන ලෙස ගුරුවරයා විසින් උපදෙස්‌ ලබාදී ඇති බවත් තනිව පැමිණෙන ශිෂ්‍යාවන් මෙසේ අපයෝජන ක්‍රියාවන්ට මෙකී ගුරුවරයා විසින් ලක්‌ කිරීම හේතුවෙන් ශිෂ්‍යාවන් අසරණ වී සිටින බවත් පැවසේ.

අපයෝජනයට ලක්‌වු සිසුවියන් තම නිවෙස්‌වලට ගොස්‌ ගුරුවරයාගේ ක්‍රියා පිළිබඳව දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව එම දෙමාපියන් පාසලේ විදුහල්පතිවරයාට ලිතව හා වාචිකව පැමිණිලි කර ඇතත් විදුහල්පතිවරයා ඊට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බවත් පැවසේ. මෙම විදුහල්පතිවරයා පාසලේ සිසුන්ට මිලිටරි පාලනයක්‌ ගෙන යන බවත් එම පාසලේ ගුරුවරුන්ගේ විනය විරෝධී ක්‍රියා හමුවේ මුනිවත රැකීම බරපතළ ප්‍රශ්නයක්‌ බවත් දෙමාපියෝ කියා සිටිති.

අදාළ තරුණ ගුරුවරයා ඔහු පෙර සේවය කළ පාසලකදීද මෙවැනිම අපචාර ක්‍රියා කීපයකට සම්බන්ධව චෝදනා ලැබ සිටින අයකු බවද පැවසෙන අතර මොහු දැනට හැටන් නගරයේ උපකාරක පන්තියක්‌ ද පවත්වාගෙන යයි. එම පන්තියට ප්‍රදේශයේ පාසල් ගණනාවක ශිෂ්‍යාවෝ විශාල පිරිසක්‌ සහභාගි වෙති.

වසර ගණනක්‌ තිස්‌සේ කලාපයේ උසස්‌ පිළිගැනීමක්‌ තිබූ මෙම විදුහලේ විනය හා අධ්‍යාපන තත්ත්වය ප්‍රදේශයේ වෙනත් පාසල්වලට වඩා ඉහළ මට්‌ටමක තිබූ අතර වත්මන් විදුහල්පතිවරයාගේ පාලනය හමුවේ ඉතා පහළ මට්‌ටමකට ඇද වැටී ඇති බවට දෙමාපියෝ චෝදනා කරති. තවද මෙම පාසලේ උසස්‌ පෙළ පන්ති සඳහා නවක සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමේදී රුපියල් 5000, 15,000 දක්‌වා මුදලක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛවලට පටහැනිව අය කිරීම හේතුවෙන් එම සිසුන්ගේ දෙමාපියෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මෙසේ අයකරගන්නා මුදල් හැටන් නගරයේ පිහිටි එක්‌තරා රාජ්‍ය බැංකුවක එම පාසලේ පාසල් සංවර්ධන සමිතිය නමින් පවත්වාගෙන යනු ලබන ගිණුමට බැර කර අදාළ බැංකු ලදු පත විදුහල්පතිවරයාට භාරදීමට අනිවාර්ය කර තිබෙන බවත් ළමයින් පාසලට භාර ගන්නා අවස්‌ථාවේ මෙකී බැංකු ලදුපත ප්‍රමුඛතාවයක්‌ ලෙස සලකන බවට විදුහල්පතිවරයා විසින් තමන් වෙත දැනුම්දී ඇති බවත් දෙමාපියෝ වැඩිදුරටත් කියා සිටිති.

මස්‌කෙලිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive