මාතලේ උකුවෙල වරාපිටිය වලව්වේ පදිංචිව සිටි 24 හැවිරිදි ලලනී නදීෂා වරාපිටිය උපාධි අපේක්ෂිකාවගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවකු මාතලේ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ඊයේ මානසික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.
සැකකරු මියගිය තරුණියගේ සහෝදරයාගේ විවාහ මංගල්‍යයට
පැමිණි ඔහුගේ මිතුරකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේය.
මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන උසස් නිලධාරියකු සඳහන් කෙළේ සැකකරු ඝාතනය සිදුකළ හෝ සිද්ධිය දැක ඇති සැකකරු ද යන්න නිගමනය කළ හැක්කේ මනෝ වෛද්‍යවරයාගේ පරීක්ෂණවලින් පසුව බවයි. මේ අබිරහස් ඝාතනය සිදු වූ දිනයේ සිදුවී ඇතැයි කියන සුදු ගඟේ කතාව, මළ සිරුර ෙදාළ පහරට දමා සෝදා ඇති අන්දම ඇතුළු මෙතෙක් කතාබහට සහ ආරංචි මාර්ගවල දෝලනය වූ අබිරහස් කතා පෙළ මතුකර ගැනීමට හැකිවේද යන්න ගැන මේ සන්ධිස්ථානවල නතරවී බලා සිටින බව පොලිසිය පැවැසීය.
0 comments:
Post a Comment