2013 ජූලි 31 වනදා අලුයම කොළඹ, වොක්ෂොල් වීදියේ පිහිටි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශ ගොඩනැඟිල්ලේ 7වන මහලේ හටගත් ගින්නේ සැකකරුවෙකු ලෙස එම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන දොන් පීටර් ජේ නානායක්කාර නැමැත්තාට ලබන 30 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.
මෙම ගොඩනැගිල්ල ගිනිගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ
කොම්පඤ්ඤවීදිය පොලීසියට අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඇඟිලි සලකුණු තුනක් හමුවී තිබේ. එසේ හමුවී ඇත්තේ, ගින්න හටගත් ස්ථානයේ තිබූ ඇඟලි සලකුණු පොලීස් දෙපාර්තමේන්තුව සතු ඇඟිලි සලකුණු හා සැසදීමේදී පෙර අපරාධයකරුවෙකුගේ ඇඟිලි සකුණු හා සැසඳී තිබීමෙන් පසුවය. සොයා බැලීමේදී ඔහු ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව අනාවරණය වී තිබේ.
මෙම ගින්නෙන් විනාශවී ඇති භාණ්ඩ අතර වංචා දූෂණ ලිපිගොනු සහ ඒ පිළීබඳ ඇති වෙනත් ලිපි ලේඛණ, සේවකයන්ගේ විනය ප්‍රශ්න සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දු තීරන හා එහි සාක්ෂි සටහන් සියල්ලද විනාශ වී ඇත.
මෙම ගින්න හේතුවෙන් අමාත්‍යංශය ලැබූ පාඩුව මිලියන ගණනක් බවත් පැවසේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ නඩුව ලබන 30වනදා කැඳවනු ලැබේ.

0 comments:
Post a Comment