එළඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි හා සන්නිවේදන ප්‍රධානියාගේ ලේකම්වරිය වන ගයත්‍රි වික්‍රමසිංහද සහභාගී වන බව වාර්තාවේ.
ඇය මෙසේ යැවීමට සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රිකට් අලෙවි හා සන්නිවේදන අංශය සදහන් කොට ඇත්තේ, ගයත්‍රී විසින් එංගලන්තයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ශ්‍රී
ලංකා ක්‍රිකට් හි සමරු පළකයන් අලෙවි කොට ආධාර ලබාගැනීමේ වැඩපිළිවෙලක් සංවිධානය කොට ඇති බවයි.
කෙසේ නමුත් වාර්තා වන තොරතුරුවලට අනුව මීට පෙර රුපියල් එක්ලක්ෂ අසූදාහක් (රු.180,000) වැය කොට ඇය ඩුබායි යවා එහි පැවැත්වූ මෙවැනි භෝජන සංග්‍රහයක් මගින් ඇයට ලංකාවට හිමිකර ගත හැකි වී ඇත්තේ ක්‍රිකට් පිත්තක් අලෙවි කිරීමෙන් ලද ඩිනාර් 300ක තරම් සොච්චම් මුදලක් පමණි.
මේ සම්බන්ධයෙන් බොහෝ ක්‍රිකට් විචාරයකින් අදහස් දක්වමින් පවසා ඇත්තේ ක්‍රිකට් පිළ අස්සේ හැංගී ලංකාවේ මුදල් කාබානිසිනියා කරන නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටින බවයි.
ක්‍රිකට් කෙළි අස්සේ සිදුවන මෙවැනි කෙළි ගැන සෙවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනතා විමුක්ති පෙරමුණේද සූදානමක් පවතින බව සතිඅන්ත පුවත් පත් වාරතා කර තිබුණි.

0 comments:
Post a Comment