facebook like

හිරුණිකායි හරීනුයි රාත්‍රි සමාජ ශාලාවක...... කතාව ගැන හිරුණිකා අදහස් දක්වයි

හිරුණිකා සතියකට දවස් කීයක් විතර ක්ලබ් යනවද...?
මගේ ජීවිතේට ගිහිල්ලා නෑ.
එතකොට එස්ඩෝර් රාත්‍රි සමාජ ශාලාවේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමාගේ සිද්ධිය...?
ඒක තමයි, මේ පළමු වැනි වතාවට මම ක්ලබ් ගියෙ. හරීන් මගේ හොඳ යාළුවෙක්. එච්චරයි.
ඇත්තමනෙ ඔය කියන්නෙ...?
ලංකාවේ ඕනෙම කෙනකුගෙන් අහන්න, මම ඔය කොහෙවත් ක්ලබ් එකක දැකලා තියෙනවද කියලා. මම ජීවිතේට ක්ලබින් ගියපු කෙනෙක් නෙවෙයි.



එතකොට මේක...?
මෙහෙමයි, මම යාළුවෝ ටිකක් එක්ක ඔතැන්ට කන්න ගියේ. ඊට පස්සේ එතැන්ට මන්ත්‍රිතුමා ආවා.
වටේ හිටපු කට්ටිය නම් කියන්නෙ දෙන්නා හොඳටම ළං වෙලා රහස් කෙඳිරුවා කියලා...?
මට ඒක ගැන කිසිම දෙයක් කියන්න බෑ. එතැන සද්දෙට සින්දු තිබුණු හින්දා ළඟට වෙලා කතා කර කර හිටියා.
මොනවද ඔච්චර කතා කළේ....?
විශේෂයක් නෑ. අපි විපක්‍ෂයේ හිටියට හොඳ යාළුවෝ.
ඕක හුඟක් පරණ යාළුකමක්ද...?
තාත්තා නැති වුණු දවසේ ඉඳලා මන්ත්‍රිතුමා මම වෙනුවෙන් හුඟක් කතා කළා. ඒ කාලෙ ඉඳන් අපි හොඳ මිතුරො.


එක පාරටම හරීන් ඔතැනට ආවේ කොහොමද...?
ඒකෙ විශේෂයක් නෑ.
මම අහන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්ත හිරුණිකයි, උෟව පළාත් මහ ඇමැතිකමට එන්න හදන හරීනුයි නිකම්ම වල් - පල් කතා කළා වෙන්නත් බෑනෙ...?
මට විපක්‍ෂයේ යාළුවෝ ගොඩක් ඉන්නවා. උදාර රත්නායක, කවින්ද ජයවර්ධන වගේ. අපි එක ඉස්කෝලවලට ගියෙ. හිටියෙ එක ළඟ. ඉතින් අපි හම්බ වුණාම දේශපාලනයම කතා කරන්න ඕනෙද?
මන්ත්‍රිතුමිය, හැමදාම කන්න ක්ලබ්වලට යනවද එතකොට....?
අපෝ නෑ.


මේක පුදුම හමුවීමක් නේද...?
ඔව්. එහෙම කියන්නත් පුළුවන්. මම ගියෙ වෙනම, එයා ආවෙත් වෙනම.
සාමාන්‍යයෙන් හිරුණිකා අරක්කු බොනවද...?
නෑ... නෑ...
ඔබව ඇසුරු කරන සමහරු එහෙම කියනවනෙ...?
ඒක ඉතින් ඒ අයගෙන් තමයි අහන්න ඕනෙ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive