facebook like

විමල් වීරවංශ ආණ්ඩුවෙන් යන්නේ නෑ ඒක ෂුවර් - අනූෂා දමයන්ති

අලුත්ම විලාසිතාව තමයි දුම්රිය රියැදුරෝ ගුටිකන එක. මේ විදියට බලනකොට ඔවුන් ඉන්නේ ගුටිකන්නද ගහගන්නද?
අපේ මිනිස්සු කිසිම දෙයක් හිතලා බලලා කරන්නෙ නෑ. හොයලා බලන්නෙත් නෑ. ඔවුන් ළඟ තියෙන එකම උත්තරය පහර දෙන එක විතරයි. ඒක ඔවුන් ළඟ තියෙන දුර්වලකමක්.
එතකොට ඔය ප්‍රශ්නයම අනෙක් පාර්ශ්වයටත් යොමු වෙනවා නේද?
අනෙත් පාර්ශ්වය කියන්නේ?
මගීන්ගේ පාර්ශ්වයට. ඔවුන් ඉන්නේ දුම්රියේ ගමන් කරන්නද රියැදුරන්ට පහර දෙන්නද?
ඒක ඇත්ත. හැමෝම හිතන්න ඕන මේ හැමෝම අපේ මිනිස්සු නේද කියලා. අපි ලැජ්ජා වෙන්න ඕන. විවෘතව කතා බහ කරලා විසඳන්න පුළුවන්
ගැටලු මේ අය පටලවගෙන තියෙන්නෙ.
කොහොම වුණත් රියදුරන් මගීන්ටත් පහර දුන්නා?
ඒක තමයි කියන්නේ ඔවුන් මේ හැමදෙයක්ම පටලවගෙන ඉන්නේ
ඒත් මේ වැරැදි කොතනින් හරි සිද්ධ වෙනවානෙ?
ඔව්, මේ හැමදෙයක්ම දම්වැලක පුරුක් වගේ එකට බැඳිලා තියෙන්නෙ. එක් තැනකින් බිඳුණොත් සමස්තයම කඩා වැටීමේ අවදානමකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක නිසා හැමදෙයක්ම ඉතා සියුම් විදියට අවබෝධ කරගන්න ඕනෙ.
ඔය මොන දේ කිව්වත් මේ වෙනකොට දුම්රිය මගී - රියැදුරු ගැටුම් උග්‍රවෙලා තියෙන්නේ?
ප්‍රශ්නවලට උත්තර හොයන්නේ පහර දෙමින් හා පහරකෑම්වලට ලක්වෙමින්ද කියන ගැටලුව මතු වෙනවා. කාට වුණත් පහර දෙන එක සම්පූර්ණයෙන් වැරැදියි. කොහොම වුණත් අපි දකින දේට වඩා නොදකින දෙයක් මේ හැමදෙයක් ඇතුළතම තියෙනවා.
පසුගිය දවසක කොටුවේ පැවැති උද්ඝෝෂණයකදි පොලිසිය ඉතා දරුණු ලෙස සිසුන්ට පහර දුන්නා. මේක සාධාරණද?
පහරදෙන එක සම්පූර්ණයෙන්ම වැරැදියි. ඒත් තමන්ගේ උද්ඝෝෂණය තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මිසක් ඉන් බාහිර දෙයක් නොවිය යුතුය.
ඇයි එහෙම කිව්වේ?
කවුරු වුණත් උද්ඝෝෂණයක් කරන්නේ තමන්ගේ ඉල්ලීම් දිනාගන්නනේ. හැබැයි මේ උද්ඝෝෂණ කාට හෝ පහරදීමකට ආරාධනාවක් නොවිය යුතුයි.
එහෙම කිව්වේ මේ පහරදීම සාධාරණයි කියලා කියන්නද?
අපෝ නෑ. පහරදීම් සාධාරණ නෑ. ඒත් මේ උද්ඝෝෂණය අතරතුර පොලිසිය උසිගැන්වෙන දෙයක් මේ සිසුන් අතරින් කියැවුණා වෙන්නට පුළුවන්.
ඒ කියන්නේ මේ ගැන අනූෂාට උත්තරයක් දෙන්න අමාරුයි කියලද?
නෑ. එහෙම නෑ. මම එතැන හිටියෙ නැති නිසයි මට උත්තරයක් දෙන්න බැරි. මොකද හරි හමන් දේ නොදැන අතරමැදි ප්‍රකාශයක් කළාම ඒ ප්‍රකාශය දෙපැත්තටම අසාධාරණ වෙන්න පුළුවන්. මේ දේවල්වලට පිටින් ඉඳන් උත්තර හොයන්න අමාරුයි.
දැන් සාමාන්‍ය සිදුවීමක් තමයි ආයුධ පෙන්වන්න ගිහින් පොලිසිය අතින් අපරාධකරුවන් මියයෑම. මොකද මේ සම්බන්ධයෙන් කියන්නෙ?
ඕකට කියන්න තියෙන හොඳම දේ තමයි මෙතැනින් පෙන්නුම් කරන්නේ නීතිය වෙනස් විය යුතුයි කියන දේ.
නොකියා කිව්වේ මෙතැන වරදක් සිදුවෙමින් තියෙනවා කියලාද?
වරද කෙසේ වෙතත් එකම දේ දිගින් දිගටම සිදුවෙනවාය කියන්නේ එතැන යම් වෙනසක් වෙන්න වුවමනායි කියන දෙය.
කොහොමද එහෙම කියන්නෙ?
කාමරයේ ඇතුළේ තියෙන කුණු එහාටයි, මෙහාටයි හතර කොනට තල්ලු කර කර ඉඳලා හරියන්නේ නෑ. කවදාහරි දවසක අතුගාලාම දාන්නත් ඕනනේ.
නැවත වරක් කොටි ලංකාවේ හිස ඔසවයි කියලා හිතනවද?
කවදාවත්, කිසිම දවසක ලංකාවේදී නම් කොටින්ට ආයෙමත් නැඟිටින්න හම්බ වෙන්නෙ නෑ.
යුද්ධය අවසන් කරපු නිසාද එහෙම කියන්නෙ?
ඔව්, ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළේ කිසිම දවසක ආයෙමත් ආරම්භ කරන්න නෙවෙයි. අපි එතුමාට ණය ගැතියි.
මේ විදියට යුද්ධය අතුගාලා දාන්න හිටපු කිසිම ජනාධිපතිවරයකුට බැරි වුණා. අපි ආඩම්බර වෙන්න ඕන. මොකද අපිටත් රජෙක් ඉන්නවා කියලා.
හැබැයි පසුගිය 18 වැනිදා ලන්ඩනයේදී එල්. ටී. ටී. ඊ. සැමරුම් උත්සවයක් තිබිලා තියෙනවා?
ඉතින් තිබුණ දෙන්. අපි ඔය දේවල් ගැන හොය හොයා කාලය නාස්තිකරන එකේ තේරුමක් නෑ.
ඒ වුණාට මෙතැනදි මෙහෙම මතයක් ගොඩනැඟෙනවා. ලෝකේ බහුතරයක් රටවල කොටි ඉන්නවා නැත්තෙ ලංකාවේ විතරයි කියලා?
ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. හිටපුදෙන්. ඒත් ඉතින් ලංකාවට නම් එන්න වෙන්නෙ නෑ.
 ලංකාවේ දේශපාලන හැසිරීම් ගැන මොකද කියන්න තියෙන්නෙ?
කොන්ද කෙළින් තියාගෙන ඉදිරියට ගමන් කරන හොඳ රජෙක් අපිට ඉන්නවා. මේ අතරම සංවර්ධන ක්‍රියාවලියක් හොඳින්ම සිදු කෙරීගෙන යනවා.
පවතින ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් විමල් වීරවංශ මහතා සේවයක් කළාය කියලා හිතනවාද?
ඔව්. එතුමා විතරක් නෙවෙයි බොහෝදෙනෙක්. මේ වෙනුවෙන් කැපවෙලා සේවයක් කළා.
නෑ, මම ඇහුවේ වීරවංශ ඇමැතිතුමා සම්බන්ධයෙන්?
ඔව්, එතුමා මනා කැපවීමෙන් ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළා.
ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙමින් යන තත්ත්වයක් නේද පෙන්නුම් කරන්නේ?
අපි ඒවාට සවන්දිය යුතු නෑ. ඕනම දේකදි පක්‍ෂ විපක්‍ෂ අදහස් මතුවෙනවනේ. මොනවා වුණත් එතුමා ආණ්ඩුවෙන් ඉවත්ව යන්නේ නෑ.
හදිසියෙන්වත් එතුමා ආණ්ඩුවෙන් ඉවත් වුණොත් එතුමාට යන කල දසාවක් තියෙයිද? වැලේ වැල් නැති වෙයිද?
ඕවා ඔය තරම් දුර කතා කරන්න ඕන දේවල් නෙවෙයි. විමල් වීරවංශ ආණ්ඩුවෙන් යන්නෙ නෑ. ඒක ෂුවර්.
ඉන්දියාවේ අලුත් වෙනසක් ඇති වුණා. මේක ලංකාවට කොහොම බලපෑමක් ඇති කරයිද?
ඔය සම්බන්ධයෙන් මට ඒ තරම් දැනුමක් නෑ. ලංකාවට මුකුත් වෙන එකක් නෑ. ඉන්දියාවේ අලුත් අගමැතිට සුබ පතන්න තමයි අපිට තියෙන්නෙ.
රජයට විරුද්ධව ගෙනාපු විශ්වාස භංග යෝජනාවෙන් විපක්‍ෂය පරාදයි. මොකද හිතෙන්නෙ?
මට ඒ ගැන නම් ලොකු දැනුමක් නෑ.
දැයට කිරුළ රුහුණට ගේනවාට අකැමැති අන්තරේ ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ අම්මලාට හැංගෙන්න තැන් හොයාගන්න කියලා එස්. බී. ඇමැතිතුමා කිව්වා. මේ ප්‍රකාශයේ භයානකකමක් නැද්ද?
අපි දන්නෙ නෑනෙ ඇමැතිතුමා මොන දෙයක් පදනම් කරගෙනද මේක කිව්වේ කියලා.
අනෙකුත් නිළියන්ට වගේ ඔබට ඡන්දය ඉල්ලන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වුණේ නැද්ද?
අපෝ ඉල්ලීම් ඉදිරිපත් වුණා. මම මේ රජයට උපරිම විදියට සහාය දක්වපු කෙනෙක්.
ඉතින් ඇයි ඉදිරිපත් නොවුණේ?
ඡන්දෙ ඉල්ලන්නත් සුදුසුකමක් තියෙන්න ඕන. නළුවාද, නිළියද කියන එක වැදගත් නෑ. ඔහු හෝ ඇය බුද්ධිමත් වෙන්නත් ඕනේ.
දේශපාලනය පැත්තකින් තියමු. නිළිය දිහා හුඟක් මිනිස්සු දරන්නෙ එතරම් යහපත් ආකල්පයකින් නෙවෙයි?
නිළියන් නොවන අය නිසා තමයි මේ ගැටලුව මතු වෙලා තියෙන්නේ. වැරැදි පුවත් මාධ්‍යවල ගියාම ඔය ගැටලුව මතු වෙනවා.

රජිත බස්නායක
ඡායාරූප - අසන්ත ගමආරච්චි

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive