facebook like

නිළියන්ට වගේම දකින දකින කෙල්ලන්ට ආදරය කරල අන්තිමට කරීනව බඳිනවා...

සායිෆ් අලි ඛාන් ගැන ඔබ මොනවද දන්නේ? සායිෆ් ගැන තියෙන ලොකුම ආරංචිය වුණේ කරීනාව බැඳපු එකනේ. ඒ වුණත් සායිෆ් ගැන කතා කරන්න හුඟක් දේවල් තියෙනවා.

ඔබ දන්නවාද සායිෆ් කියන්නේ තමන් එක්ක රඟපාන්න එන නිළියන්ට වගේම දකින දකින කෙල්ලන්ට ආදරය කරන කෙනෙක් කියලා...?
සායිෆ් රඟපෑමට ආපු මුල් කාලයේ තමන්ට වඩා වැඩිමල් කාන්තාවන් ගැන උනන්දුවක් දක්වලා තියෙනවා. ඒ විදියට සායිෆ් කට්ට කාලා දාගත්ත වැඩිමල් නිළියක් තමයි අම්රිතා සිංග්...

අම්රිතා කියන්නේ සායිෆ්ගේ අම්මා
ෂර්මිලා තාගෝර් එක්කත් රඟපාපු කෙනෙක්. ඒත් පස්සේ සායිෆ්ටත් අම්රිතා එක්ක රඟපාන්න වරම් ලැබෙනවා... සායිෆ් රඟපෑමට එනකොට සිනමාවේ බැබළෙන තරුවක් වුණ අම්රිතා සිංග්ට සායිෆ් ආදරය කරන්න පටන් ගන්නවා... ඒ නිසා තමන්ට වඩා අවුරුදු 12ක් වැඩිමල් අම්රිතා සායිෆ් පවුලේ ගෘහණිය බවට පත් වෙනවා. මේ නිසා සායිෆ් - අම්රිතා දෙපළට සාරා හා ඊබ්‍රාහිම් නමින් දරුවන් දෙදෙනකුත් ලැබුණා. මේ විදියට සතුටින් පවුල් කාපු මේ දෙන්නගේ විවාහය පවතින්නේ අවුරුදු 14යි. මොකද, සායිෆ් රෝසා කැටලානෝ කියන ඉතාලියානු කෙල්ලක් එක්ක පවත්වන අනියම් ඇසුරක් නිසා අම්රිතා ඔහුගෙන් වෙන් වෙනවා...
ඉන්පසු තනිකඩ වුණු සායිෆ් තමන් එක්ක රඟපාන්න එන හුඟක් නිළියන්ට ආදරය කරන්න පටන් ගත්තා... ඒ අතරින් ප්‍රධාන චරිතයක් තමයි රාණි මුඛර්ජි...
රාණි මුඛර්ජි එක්ක යාළු වෙලා ඉන්න ගමන්ම සායිෆ් ප්‍රීති සින්ටාටත් ආදරය කළා... ඒ 'කල්හෝ නහෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් රඟපාන අවස්ථාවේදී.

මේ දෙබිඩි ප්‍රතිපත්තිය නිසා ටික කලක් යද්දි රාණි හා ප්‍රීති දෙන්නම සායිෆ්ව අත්හැරියා.
ඊළඟට සායිෆ් ආදරය කරන්න පටන් ගන්නේ තමන් කලින් ආදරය කළ ඉතාලියානු කෙල්ල රෝසා කැටලානේ එක්ක... මේ දෙන්නා විවාහ නොවුණත් ලොකු ආදර කතාවක් ආපහු පටන් ගන්නවා. සායිෆ්ගේ සලාම් නමස්තේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙත් මේ ආදර කතාවලු.
මේ අතර හදිසියේම තමයි සායිෆ්ට බිපාෂා වාසු මුණ ගැසෙන්නේ. මේ නිසා සායිෆ් රෝසාව අත්හැරලා බිපාෂා එක්ක යාළු වෙනවා. ඒ වුණත් බිපාෂා ටික කලකින් සායිෆ්ව අත්හැරලා වෙන අයකුට පෙම් බඳිනවා.

2008දී යෂ් රාජ්ගේ 'ටෂාන්' චිත්‍රපටය රඟපාන්න සායිෆ්ට අවස්ථාව ලැබෙන්නේ මේ අතරතුරේදී තමයි. එතැනදී සායිෆ්ට කරීනා කපූර් මුණ ගැසෙනවා. සායිෆ් - කරීනා මුණගැහුණු නිසා 'ටෂාන්' චිත්‍රපටය ඒ දෙන්නටම වැදගත් අවස්ථාවක් වුණා. එහිදී කරීනා තමන්ගේ 27 වැනි උපන් දිනය සායිෆ් එක්ක සැමරුවා. ඒත් එතකොටත් සායිෆ් කරීනාට ආදරය කරන්න පටන් අරගෙන තිබුණේ නෑ. දවසක් සායිෆ් විලාසිතා දැක්මකට ගිය අවස්ථාවේ නැවත කරීනාව හම්බවෙලා තිබුණා. එහිදී සායිෆ් කරීනාට කැමැති වෙලා ඒ ගැන මාධ්‍යයටත් කියලා තිබුණා. සායිෆ් එහිදී කිව්වේ, 'මම ඉතා හොඳ තීරණයක් ගත් බව මෙහිදී කියන්න ඕනේ. මම මෙතැන් සිට කරීනා සමඟ ජීවත් වෙන්න තීරණය කළා' කියලා...
2013 මාර්තු 05 මේ දෙන්නගේ විවාහය නිල වශයෙන් දැනුම් දුන්නා. 2013 ඔක්. 16 වැනිදා ඒ පෙම් කතාව විවාහය දක්වා ඇදී ගියා... සායිෆ් මුලින් විවාහ වුණු අම්රිතා සායිෆ්ට වඩා අවුරුදු 12ක් වැඩිමල් පස්සේ විවාහ වුණු කරීනා සායිෆ්ට වඩා අවුරුදු 10ක් බාලයි.

රජිත තාමර

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive