ඇබිත්තතයෙකු ලෙස පන්සලක වැඩ කටයුතු කල 54 හැවිරිදි අනෙකු නිරුවත් කොට ධර්ම ශාලාවේ බාල්කයක එල්ලා පොලූ වලින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිමි නමක් ඇතුළු දෙදෙනකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ තෙලිජ්ජවිල, කඩුකන්න ගංගාරාම පුරාණ විහාරස්ථානයේ ඇබිත්තයකු ලෙස සිටි තිදරු පියෙකු වන ගුණපාල බස්නායක නමැත්තෙකි.
පොලීසිය පවසන්නේ මහණ කිරීම
සඳහා පන්සලට භාර දුන් අට හැවිරිදි පිරිමි ළමයෙකු අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා කරමින් මොහු මෙසේ වද හිංසා වලට ලක් කර ඝාතනය කර ඇති බවයි.
සැකකාර හිමියන් විසින් ඌරකු මැරීමට පැමිණෙන්නැයි කියමින් මිය ගිය තැනැත්තා පන්සලට ගෙන්වා ගෙන ඇති අතර ඔහු පන්සලට පැමිණි විට අත් ගැට ගසා නිරුවත් කොට බාල්කයක එල්ලා පොලූ වලින් පහර දෙමින් අපයෝජන සිද්ධිය පිළිබඳව ප‍්‍රශ්ණ කර ඇති බව පොලීසිය කියයි.
ඔහුට පහර දෙද්දී තවත් හිමි නමක් එය ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබෙන අතර එම දර්ශණයද පොලීසිය වෙත ලැබී තිබේ.
මිය ගිය පුද්ගලයාගේ කමිසය සරම සහ ජාතික හැදුනුම්පතද පහර දීමට උපයෝගී කර ගත් පොලූ කැබලි කිහිපයක් ද මිරිස් කරල් සහ ලූණු ආදී ද්‍රව්‍යද පහර දීම සිදු වූ ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙම විහාරස්ථානයේ මිය ගිය පුද්ගලයාගේ දරුවකුද පැවිදි කර සිටින බව පොලීසිය කියයි.
සිද්ධිය සැලවීමත් සමඟ ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් විහාරස්ථානයට පැමිණ පහර දීමට සම්බන්ධ වූ හිමිවරුන්ට විරෝධය පළ කර ඇති අතර පසුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා එතැනට පැමිණ සැකකරුවන්ට එරෙහිව තදින් නීතිය ක‍්‍රියාත්මක කරන කරන බව ගම්වාසීන්ට දැනුම් දී සාමකාමීව සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

බොදු බල සේනාවේ සෙන්පතියෝ දෙන්නෙක් වෙන්නැති. සාදු. සාදු..
ReplyDelete